'ඇන්ඩ් කොම්පැනි' තහනම 'අහම්බයක් නොවේ'

ඡායාරූප මූලාශ්‍රය, fmm
බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී විපක්ෂ දේශපාලන පක්ෂයකින් තරග බිමට පිවිස සිටින කලාකරුවන්ට එල්ලවී ඇති බලපෑම් සහ තහංචි ඔවුන්ගේ ප්‍රකාශණ අයිතිය මර්දනය කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජගත් බෙනරගම රඟපාමින් සිටි 'පබසරා' ටෙලිනාට්‍යයෙන් ඔහු ඉවත් කිරීම සඳහාම ඔහු රඟපෑ චරිතය මරා ඇලක දමා ඇතැයි වාර්තා වේ. 'පබසරා' විකාශනය වූයේ ආණ්ඩුවට අයත් අයිටීඑන් නාලිකාව ඔස්සේය.
ඒ අතර කළුතර දිස්ත්‍රික්කයට තරග කරන රවීන්ද්‍ර යසස් රඟපාමින් සිටි, ස්වර්ණවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද 'ඇන්ඩ් කොම්පැනි' වැඩසටහනද කිසිදු හේතුවක් නොදන්වා හදිසියේම නතර කොට තිබේ.
'බියකරු ක්‍රියාවක්'

ඡායාරූප මූලාශ්‍රය, nfc.gov.lk
කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන කිසිදු කලාකරැවකුට මෙවැනි තහංචි නොපැමිනෙන බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රවීන්ද්‍ර යසස් හා ජගත් බෙනරගම කලාකරුවන්ට එල්ලවී ඇති තහංචි පිළිබඳව සිය බලවත් විරෝධතාවය පළකරයි.
අදාළ තහංචි හුදු අහඹු සිදුවීම් නොවන බවයි, කලාකරුවන් දෙදෙනාම සංදේශයට කියා සිටියේ.
"අප සංවිධානය මෙම සිදුවීම් සලකනු ලබන්නේ අන් මතවාදයන්ට ගරු නොකරන හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පවා නොපිළිගන්නා පාලනයන් සහිත රටක පමණක් සිදුවිය හැකි බියකරු හා ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන් ලෙසය," යනුවෙන්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අදාළ තහංචි ඉවත් කොට, ශ්‍රී ලංකාව යනු නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය පවතින රටක් බව සිය ක්‍රියාකාරීත්වය තුළින්ම ප්‍රදර්ශනය කරන ලෙස එම සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.




