ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය 2024: ජනපති සටනට අපේක්ෂකයින් 39ක්
ජනාධිපතිවරණය 2024: ජනපති සටනට අපේක්ෂකයින් 39ක්
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් අද (අගෝස්තු 15 වැනිදා) නාම යෝජනා භාර දුන්හ.
විරෝධතා දැක්වීමේ කාලසීමාව තුළ විරෝධතා 3ක් ඉදිරිපත් වුව ද, එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය.
ඒ අනුව ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු තරග කරන අතර අපේක්ෂකයින් කිහිප දෙනෙක් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කළහ.