ජනාධිපතිවරණය 2024: ජනපති සටනට අපේක්ෂකයින් 39ක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපතිවරණ ඡන්ද සටන ඇරඹෙයි...ප්‍රධාන අපේක්ෂකයින් මොකද කියන්නේ ?
ජනාධිපතිවරණය 2024: ජනපති සටනට අපේක්ෂකයින් 39ක්

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් අද (අගෝස්තු 15 වැනිදා) නාම යෝජනා භාර දුන්හ.

විරෝධතා දැක්වීමේ කාලසීමාව තුළ විරෝධතා 3ක් ඉදිරිපත් වුව ද, එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය.

ඒ අනුව ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු තරග කරන අතර අපේක්ෂකයින් කිහිප දෙනෙක් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කළහ.