ඊශ්‍රායල් වැසියන් අගමැති නෙතන්යාහුට දැවැන්ත විරෝධයක් පළ කරන්නේ ඇයි? මීළඟට කුමක් වෙයි ද?

Large israeli flag in front of thousands of protesters waving flags in tel aviv.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට විරෝධය පළ කරමින් ඊශ්‍රායල් වැසියන් දහස් ගණනක් වීදි බැස තිබේ.
    • Author, Jasmin Dyer
    • Role, BBC News

ඔක්තෝබර් 7 වන දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය පුරා පළමු වරට වැඩවර්ජනයක් ක්‍රියාත්මක විය. ඒ, ඊශ්‍රායල වැසියන් දහස් ගණනක් රට පුරා නගරවල විරෝධතා දැක්වීමෙන් පසුව ය. මෙම පුළුල් විරෝධතා ආරම්භ වූයේ, ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ මළ සිරුරු දකුණු ගාසා තීරයෙන් සොයා ගැනීමත් සමග ය.

crowd of people surrounding a bright red bonfire.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙල් අවිව්හි ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන විරෝධතාකරුවන් පිරිසක්

දැන් විරෝධතා පැවැත්වෙන්නේ ඇයි?

අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ එකඟතා අවහිර කරමින් සිටින බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.

හමාස් භාරයේ සිටින්නන්ගේ පවුල් දිගු කලක් තිස්සේ නෙතන්යාහුගේ උපාය මාර්ගය අනුමත නොකළ අතර, දකුණු ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ භූගත උමගකින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගනු ලැබීමෙන් පසු ඔවුන්ගේ කෝපය තීව්‍ර විය.

දකුණු ගාසා තීරයෙන් සොයා ගැනුණු මළ සිරුරු හය, කාර්මල් ගැට්, ඊඩ්න් යෙරුෂල්මි, හර්ෂ් ගෝල්ඩ්බර්ග්-පර්ලින්, ඇලෙක්සැන්ඩර් ලොබනොෆ්, අල්මොග් සරුසි සහ දරුවෙකු වන ඔරි ඩැනිනෝ ලෙස හඳුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් තිදෙනෙකු ජූලි මාසයේදී සාකච්ඡා කරන ලද සටන් විරාම යෝජනාවේ පළමු අදියරේදී මුදා හැරීමට නියමිතව තිබූ බව වාර්තා වේ.

විරෝධතාකරුවෝ ‘ප්‍රධානියා ඔබයි, වරදකරු ඔබයි’ යනුවෙන් පුවරු අල්ලාගෙන සිටියහ.

ඔක්තෝබර් 7 වන දා හමාස් ගරිල්ලන් එල්ල කළ ප්‍රහාරයෙන් මාස 11කට පසු, ගාසා තීරයේ තවමත් ප්‍රාණ ඇපකරුවන් 97 දෙනෙකු රඳවාගෙන සිටින අතර, 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුමාන කෙරේ.

6 posters of the dead hostages are held above a banner as protestors block a major highway.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල සිරකඳවුරුවල සිටින පලස්තීන සිරකරුවන් වෙනුවෙන්, හමාස් සංවිධානය තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 97 දෙනා - අවම වශයෙන් මිය ගිය බවට අනුමාන කරන අවම වශයෙන් 33 දෙනෙකු ද ඇතුළුව - නිදහස් කරන සටන් විරාමයක් ඇති කිරීමට ඇමෙරිකානු, ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවෝ උත්සහ කරති.

විරෝධතාකරුවන් ඉල්ලන්නේ මොනවා ද?

විරෝධතාකරුවන්ගේ ප්‍රමුඛතාව වන්නේ, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 97 දෙනා නිදහස් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ය.

ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් අයෙකු වන ඔඩෙඩ්ගේ දියණිය වන ෂැරෝන් ලිෆ්ෂිට්ස් බීබීසී රේඩියෝ4 නාලිකාවේ Today වැඩසටහනට පැවසුවේ, ප්‍රාණ ඇපකරුවන් හය දෙනා ඝාතනය කිරීම “ජීවිත කාලය පුරා ම අප බියට පත්වූ සිද්ධිය” සහ හමාස් සමග “ගිවිසුමකට එළඹීම ප්‍රමාද” වීම හේතුවෙන් සිදුවූවක් බව ය.

ඔවුන්ගේ පණිවිඩය පැහැදිලි බවත්, “අපේ ජනතාව ආපසු ගෙදර ගෙන්වා ගැනීමටත්, මේ පවතින අසංවේදී යුද්ධය නවත්වන” ගිවිසුමක් සකස් කරන තෙක් ඔවුන් එය පුනරුච්චාරණය කරන බවත් ඇය පැවසුවා ය.

ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සම්මේලනය පැවසුවේ, “හමාස් රැඳවුම් භාරයේ මාස 11කට ආසන්න කාලයක් අපයෝජන, වධහිංසා සහ සාගින්නෙන් පෙළෙමින් ජීවිතය රැක ගැනීමෙන් පසුව, පසුගිය දින කිහිපය තුළ ඔවුන් හය දෙනාම ඝාතනය කර ඇති,” බව ය.

“ගිවිසුම අත්සන් කරන්න පරක්කු කරපු නිසා තමයි ඔවුන් ඝාතනය වුණේ. ඒ වගේ ම අනික් ප්‍රාණ ඇපකරුවනුත් ඝාතනය කරයි,” ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්විණි.

විරෝධතා සංවිධානය කරන්නේ කවුද?

ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ මළ සිරුරු ගාසා තීරයෙන් සොයා ගත් බවට ප්‍රවෘත්ති පළ වීමත් සමග විරෝධතාකරුවෝ වීදි බැස්සහ.

තවත් විරෝධතා සහ මහා වැඩ වර්ජනයක් පසුව කැඳවිණි.

2023 ඔක්තෝබර් මාසයේ සිට එරට විශාලතම මහා වැඩ වර්ජනය පිටුපස සිටින්නේ, ඊශ්‍රායලයේ ප්‍රධාන වෘත්තීය සමිතිය වන Histadrut සංගමය යි.

ප්‍රාණ ඇපකරුවන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් සංසදය, “රට නතර කිරීමේ” “දැවැන්ත පෙළපාළියකට” සහභාගී වන ලෙස සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ පොදු සේවාවන්ට සහ ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල විය.

හිටපු අගමැතිවරයෙකු ද වන ඊශ්‍රායලයේ වත්මන් විපක්ෂ නායක යයීර් ලපිඩ්, ප්‍රාණ ඇපකරුවන්ගේ මරණ පිළිබඳ පුවතෙන් පසු “හදවත බිඳී ගිය” සියලු ම ඊශ්‍රායල වැසියන්ට විරෝධතාවලට එක් වන ලෙස ඉල්ලා උද්ඝෝෂණවලට සහය පළ කළේ ය.

Protesters light red flares and carry drums as they march down a major highway in tel aviv.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ජනය හේතුවෙන් ඊශ්‍රායලය පුරා ව්‍යාපාර, පාසල් සහ ප්‍රවාහනයට බලපෑම් එල්ල වී ඇති අතර මාර්ග කිහිපයක් අවහිර වී තිබේ. බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇතැම් ගුවන් ගමන්වලට ද බාධා එල්ල වී තිබේ.

ඊශ්‍රායල් රජයේ ප්‍රතිචාරය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සටන් විරාම ගිවිසුමක් සඳහා වන උත්සහයන් වැළැක්වූ බවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බෙන්ජමින් නෙතන්යාහු, එහි වරද හමාස් වෙත පවරා ඇත.

ඔහු පැවසුවේ, ඝාතන සඳහා වගකිව යුත්තන් අල්ලා ගන්නා තුරු ඊශ්‍රායලය “විවේකයක් නොගන්නා” බව ය.

හමාස් නිලධාරියෙකු වන, ඉසාත් අල්-රිෂ්ක්, සටන් විරාමයකට එකඟ වීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කිරීම මරණ සඳහා හේතු වූ බවට චෝදනා කළ නමුත්, ප්‍රාණ ඇපකරුවන් මිය ගිය ආකාරය සම්බන්ධයෙන් සෘජු අදහසක් දැක්වූයේ නැත.

මහාමාර්ග, බැංකු, පාසල් සහ ගුවන් තොටුපළ ක්‍රියාකාරකම්වලට පුළුල්ව එල්ල වූ බාධා කිරීම්වලින් පසුව, ඊශ්‍රායලයේ කම්කරු උසාවිය මහා වැඩ වර්ජනය එරට වේලාවෙන් පස්වරු 2.00ට අවසන් කළ යුතු බවට තීන්දු කළ නමුත්, වැඩ වර්ජනය සවස් වන තුරු ම පවත්වන බවට විරෝධතාකරුවෝ ප්‍රතිඥා දුන්හ. වැඩ වර්ජනය මුලින් දින දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

උග්‍ර දක්ෂිණාංශික මත දරන්නෙකු ලෙස ප්‍රකට ඊශ්‍රායලයේ මුදල් අමාත්‍ය බෙසාලල් ස්මොට්‍රිච්, වැඩ වර්ජනවල නිරත වීම නීතිවිරෝධී බවත් පැවසූ අතර, අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සතුට පළ කළේ ය.

සටන් විරාම ගිවිසුමක් ගැන සාකච්ඡා කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ නෙතන්යාහුගෙන් ඉල්ලා සිටි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්, කලින් ට්විටර් ලෙස හැඳින්වූ X හි අදහස් පළ කරමින් කියා සිටියේ, ඊශ්‍රායල් ආරක්ෂක කැබිනට් මණ්ඩලය නෙතන්යාහුගේ ඉල්ලීම් අනුමත කිරීම ආපසු හැරවිය යුතු බව ය.

“ඝාතනය කළ ප්‍රාණ ඇපකරුවන් බේරා ගන්න දැන් ප්‍රමාද වැඩි යි. හමාස් භාරයේ දැන් ඉතිරි වෙලා ඉන්න ප්‍රාණ ඇපකරුවන් හෝ ආපසු ගෙන්වා ගත යුතු යි,” ඔහු පළ කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

විරෝධතා ගැන ඊශ්‍රායල් වැසියන්ට දැනෙන්නේ කුමක් ද?

ප්‍රාණ ඇපකරුවන් අයත් පවුල්වලට සහය දැක්වීම සඳහා ඊශ්‍රායල් වැසියන් දහස් ගණනක් වීදි බැස සිටි අතර, නගර සහ මහ නගර කිහිපයක් ඔවුන් පෙළපාළිවලට සහභාගී නොවන බව ප්‍රකාශ කර ඇත.

ටෙල් අවිව්හි පදිංචි ටමාරා බීබීසී පුවත් සේවයට පැවසුවේ, වැඩ වර්ජනවල නිරත වීම තමන් අනුමත නොකරන බව ය: “අපට ප්‍රාණ ඇපකරුවන් ආපසු ගෙන්වා ගන්න ඕන. ඒත් අපට හැම දෙයක් ම නතර කරන්න බැහැ; අපි ජීවත් වෙන්න ඕනෙ.”

ටෙල් අවිව්හි පදිංචි තවත් කාන්තාවක වන නීවා ප්‍රකාශ කළේ, වැඩ වර්ජන පවතිද්දී සාප්පු රැසක් විවෘතව තැබීම ගැන ඇය පුදුමයට පත්වන බව ය.

ඇය බීබීසී පුවත් සේවයට පැවසුවේ, “රට දැන් තියෙන්නේ ඉතා ගැටුම්කාරී තත්ත්වයක. ඒත් ඔහු [නෙතන්යාහු] ඒවාට සවන් දෙන්නේ නැහැ.”

“මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෙ. අපි ඇයි හැම තිස්සෙ ම බයෙන් ජීවත් වෙන්නෙ?”

නෙතන්යාහුගේ රජයට මින් ඇති වන බලපෑම කුමක් ද?

මෙම විරෝධතා - ඔක්තෝබර් 7 වන දා සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සිදුවූ විශාලතම විරෝධතාව - දීර්ඝ කාලීන සටන් විරාම ගිවිසුම ආරක්ෂා කර ගැනීම සඳහා රජයට බලපෑම් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.

එහෙත්, ජනතා කෝපය පෞද්ගලිකව අගමැතිවරයා කෙරෙහි යොමු වීම හේතුවෙන්, මෙම විරෝධතා හරහා ඔහුගේ උපාය මාර්ගවල අර්ථවත් වෙනසක් ඇති කරයි ද යන්න දැන ගැනීම දුෂ්කර ය.

එක්සත් රාජධානියේ හිටපු කොන්සර්වේටිව් මන්ත්‍රීවරයෙකු සහ විදේශ අමාත්‍යවරයෙකු වන ඇලිස්ටෙයාර් බර්ට් බීබීසීයට පැවසුවේ, “[නෙතන්යාහු] හමාස් සමග ගිවිසුමක් ඇති කර ගැනීමට අකමැති වූ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් විසින් ඔහුව උගුලකට හසු කර ඇති නිසා සහ ඔහු විසින්ම එය ආරම්භ කර ඇති නිසා, ඒක කරන්න බැරි වුණත්, ඔහුට සාර්ථක වෙන්න පුළුවන් පොරොන්දු වූ දේ ඉටු කිරීමෙන් පමණ යි.”