ගාසා තීරය වෙත කොපමණ ආධාර ප්‍රමාණයක් ලැබෙනවා ද?

Children hold out bowls for food in Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මානුෂීය ආධාර ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ගාසා තීරයේ ජනතාව සාගතයකට මුහුණ දීමට ඉතා ආසන්න බවට සහන ආයතන අනතුරු අඟවයි.

ඊශ්‍රායලය රෆා නගරයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමෙන් පසු ආධාර රැගත් ලොරි සඳහා ප්‍රධාන පිවිසුම් ස්ථානය වූ රෆා මාරුව වසා දමා ඇත.

ගාසා තීරයට කොපමණ ආධාර අවශ්‍ය ද?

ගාසා තීරයට කොපමණ ආධාර අවශ්‍ය ද?

ගාසා තීරය වෙත ආධාර ඇතුළු වූයේ දකුණේ පිහිටි රෆා හා කාරෙම් ෂලෝම් හරස් මාරු සහ උතුරේ පිහිටි එරෙස් හරස් මාරුව හරහා ය.

ගාසා තීරයේ සිටින පලස්තීන වැසියන් සම්බන්ධයෙන් වගකියන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන UNRWA එහි ජනතාවට සහනවලින් 40%ක් පමණ සපයා තිබේ.

එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජුලියට් ටූමා පවසන්නේ, ගාසා තීරයේ වෙසෙන මිලියන 2.3ක් පමණ වන ජනතාවට දිනකට අවම වශයෙන් ලොරි 500ක පමණ ආධාර අවශ්‍ය බව ය.

ActionAid UK යනු, ගාසා තීරයට ආධාර සපයන ස්වාධීන සංවිධාන කිහිපයෙන් එකකි.

එය පවසන්නේ, ජනතාවට ආධාර නොලැබීම යනු:

  • ගාසා තීරයේ සමස්ත ජනගහනය, එනම් මිලියන 2.3ක ජනතාවක් දැන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ත්
  • අවුරුදු පහට අඩු දරුවන් 346,000ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ත්
  • අවුරුදු පහට අඩු දරුවන් 50,400ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව ත්
  • ගර්භණී සහ කිරි දෙන මව්වරුන් 160,000කට මන්දපෝෂණයෙන් වැළකී සිටීම සඳහා අමතර ආහාර අවශ්‍ය වන බව ත් ය.

ගාසා තීරය වෙත දැන් කොපමණ ආධාර ප්‍රමාණයක් ලැබෙනවා ද?

මුහුද හරහා ආධාර සැපයුම් ගෙන ඒම සඳහා එක්සත් ජනපද සන්නද්ධ හමුදා විසින් ගාසා නගරයට මදක් දකුණින් වෙරළට සම්බන්ධ මීටර් සිය ගණනක් දිග පාවෙන ජැටියක් ඉදි කරනු ලැබීය.

UNRWA දත්තවලට අනුව, මැයි මාසය දක්වා වූ මාස දෙක තුළ ආධාර බෙදාහැරීම් උපරිම මට්ටමට ළඟා විය.

ආධාර රැගත් ට්‍රක් රථ 4,993ක් මාර්තු මාසයේදී කාරෙම් ෂලෝම් සහ රෆා හරස් මාර්ග හරහා ගමන් කර ඇත. එනම්, සාමාන්‍යයෙන් දිනකට ට්‍රක් රථ 161ක් පමණ ඇතුළු වී ඇත.

අප්‍රේල් මාසයේදී ට්‍රක් රථ 5,671ක් ඇතුළු විය. එනම් දිනකට ට්‍රක් රථ 189ක් පමණ වේ.

කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ සන්නද්ධ හමුදා මැයි මස මුලදී රෆා වෙත පහර දීම ආරම්භ කළේ, හමාස් සංවිධානයේ ඉතිරිව ඇති බලසේනා විනාශ කිරීමේ අරමුණිනි. මැයි 6 වන දින ඔවුහු රෆා හරස් මාරුව ආක්‍රමණය කර වසා දැමූහ.

මීට අමතරව, UNRWAට අනුව, කාරෙම් ෂලෝම් හරස් මාරුව ආසන්නයේ ක්‍රියාත්මක දැඩි සටන් හේතුවෙන් ඒ හරහා ගමන් කෙරෙන්නේ ද අඩු ආධාර ප්‍රමාණයකි.

ආරක්ෂක හේතු මත මැයි 1 සිට මැයි 28 දක්වා කාලය තුළ ආධාර බෙදා හරින ලොරි ගණන 1,479ක් දක්වා පහත වැටී ඇති බව ද එය සඳහන් කරයි. එනම්, දිනකට ට්‍රක් රථ 53ක් පමණ වේ.

බොහෝ දිනවල UNRWA පවසන්නේ, එහි කිසිදු ලොරි රථයකට ඒ හරහා යාමට අවසර නොලැබෙන බව ය.

Aid package at the Rafah crossing

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැයි මස මුල සිට රෆා හරස් මාර්ගයේ ආධාර රඳවා තබා ඇත
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මැයි මස මුල සිට UNRWA ගණනය කළේ, තම බෙදා හැරීම් පමණක් වීම හේතුවෙන් මෙම සංඛ්‍යා සැබෑ සංඛ්‍යාවට වඩා අඩු අගයක් ගැනීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත්, ActionAid පුණ්‍යායතනය පවසන්නේ, මැයි මස මුල සිට ඔවුන්ගේ ආධාර තොග රැගත් ලොරි රථ කිසිවකට හෝ ගාසා තීරයට ඇතුළු වීමට අවසර නොලැබුණු බව ය. ආහාර ආධාර බොහෝමයක් කුණු වීමට පවා ආරම්භ වී ඇති බව එය පවසයි.

"රෆා හරස් මාරුව වහලා දාලා තියෙන්නේ. කාරෙම් ෂලෝම් හරස් මාරුව ඊශ්‍රායලය පැත්තෙන් විවෘතව තිබුණත්, ගාසා තීරයේ ඉන්න ආධාර සංවිධානවලට ළඟා වීමට නොහැකි තරම් භයානක යි," ActionAid UKහි මානුෂීය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී සියාඩ් ඉසා පවසයි.

"මේකෙන් ඇති වෙලා තියෙන්නේ, ජීවිතාරක්ෂක ආධාරවලින් පිරුණු ට්‍රක් රථ දේශ සීමාවේ අනෙක් පැත්තේ හිර වෙලා තියෙන විකාරසහගත තත්ත්වයක්‌."

කෙසේ වෙතත්, ගාසා වෙත ආධාර ප්‍රවේශ වීම සම්බන්ධීකරණය කරන ඊශ්‍රායල හමුදා ඒජන්සිය වන COGAT එම ප්‍රකාශය දැඩි ප්‍රතික්ෂේප කරයි.

"අපට හරස් මාර්ග දෙකක් විවෘතව තියෙනවා - උතුරු ගාසා තීරයේ Erez සහ දකුණේ Kerem Shalom," එහි ප්‍රකාශක ෂානි සැසන් පවසයි. COGAT දත්ත උපුටා දක්වමින් ඇය මෙසේ ද පවසයි: "දෛනිකව ට්‍රක් රථ 400ක් පමණ ඒවා හරහා ගාසා තීරයට යනවා."

ආධාර ජැටිය උපකාර වී ඇත්තේ කෙසේ ද?

මුහුද හරහා ආධාර සැපයුම් ගෙන ඒම සඳහා එක්සත් ජනපද සන්නද්ධ හමුදා විසින් ගාසා නගරයට මදක් දකුණින් වෙරළට සම්බන්ධ මීටර් සිය ගණනක් දිග පාවෙන ජැටියක් ඉදි කරනු ලැබීය.

එය මැයි 17 වන දා විවෘත කෙරිණි.

සයිප්‍රසයේ ආධාර පටවාගත් ලොරි නාවික යාත්‍රාවලින් මෙම ජැටිය වෙත ප්‍රවාහනය කෙරෙන අතර ඔවුහු ඔවුන්ගේ ආධාර මුහුදු වෙරළේ පිහිටි විශේෂ අංගනයක් (marshalling yard) වෙත ගොඩබාති.

දිනකට ලොරි රථ 90ක් පමණ ජැටිය හරහා ආධාර ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කළ අතර, මෙම අගය දිනකට ලොරි 150 දක්වා ඉහළ යනු ඇතැයි ද පැවසීය.

කෙසේ වෙතත්, මැයි 28 වන දින මුහුද රළු වීම හේතුවෙන් ජැටිය කැඩී බිඳී ගොස් එහි ක්‍රියාකාරිත්වයට බාධා එල්ල විය. එහි කොටස් අලුත්වැඩියා කිරීම සඳහා ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායට ගෙන යාමට සිදුවිය.

මුහුද හරහා ආධාර සැපයුම් ගෙන ඒම සඳහා එක්සත් ජනපද සන්නද්ධ හමුදා විසින් ගාසා නගරයට මදක් දකුණින් වෙරළට සම්බන්ධ මීටර් සිය ගණනක් දිග පාවෙන ජැටියක් ඉදි කරනු ලැබීය.

ආධාර ඒජන්සි පවසන්නේ, මෙම ජැටිය ගාසා තීරයට ආධාර සැපයීමේ ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් නොවන බව ය.

"ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙද්දී පවා දිනකට ආධාර රැගත් ට්‍රක් රථ 150ක් විතරයි මේ මාර්ගය හරහා ගියේ. ගාසා තීරයට ඇතුළු වන ආධාර ප්‍රමාණය වැඩි වෙන එක හොඳයි තමයි, ඒත් මේක අවශ්‍ය ගාණටත් වඩා ගොඩක් අඩු ගණනක්," ඉසා පවසයි.

"පිවිසුම් මාර්ගයක් විදිහට ජැටිය විවෘත කිරීම, ගාසා තීරය තුළ ආධාර බෙදා හැරීම අතිශය දුෂ්කර හා භයානක යි කියන කාරණය වෙනස් කරන්නේ නැහැ."

ආධාර නොමැතිකමින් අනාගතයේදී කුමක් විය හැකි ද?

ගෝලීය සාගිනි තත්ත්වය නිරීක්ෂණය කරන IPC පවසා ඇත්තේ, ගාසා තීරයේ මිලියන 1.1ක ජනතාවක් ව්‍යසනකාරී ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ය.

එය පවසන්නේ, උතුරු ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති වීම ආසන්න බව ත්, ඊට පුද්ගලයන් 210,000ක් පමණ ගොදුරු වනු ඇති බව ත් ය.

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (International Rescue Committee) විසින් සාගතය නිර්වචනය කරනු ලැබ ඇත්තේ මන්දපෝෂණය, කුසගින්න සහ මරණයට තුඩු දෙන ආහාරවල පුළුල් හිඟයක් ලෙස ය.

එය පවසන්නේ, මේ මොහොතේ සිට ජූලි මාසය දක්වා වන විට මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව ය.

මානව හිමිකම් සංවිධානයක් වන Euro-Med Human Rights Monitor පවසන්නේ, ගාසාවේ සෞඛ්‍ය බලධාරීන් (හමාස් විසින් පාලනය කරනු ලබන) රෆා ප්‍රහාරයේ ආරම්භයේ සිට සාගතය ආශ්‍රිත මරණ 30ක් නිල වශයෙන් ලේඛනගත කර ඇති බව ය. තව ද මිනිසුන් දැන් දිනපතා ම සාගින්නෙන් මිය යන බව ද එම සංවිධානය පවසයි.

ගාසා තීරයේ සාගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස එය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත්, COGAT පවසන්නේ තත්ත්වය එතරම් අයපහත් නොවන බව ය.

"අපි දිනකට ආධාර ට්‍රක් රථ 400ක් යවනවා නම් සාගතයක් ඇති වෙන්නේ කොහොම ද?" සැසන් පවසයි.