අල්-නක්බා: 1948 වසරේදී සිදුවූයේ කුමක් ද? පලස්තීන වැසියන් එය 'මහා ව්‍යසනය' ලෙස හඳුන්වන්නේ ඇයි?

Palestinian women and children driven from their homes in 1948

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1948 දී පලස්තීනුවන් තම නිවෙස්වලින් පලා යමින්

සෑම වසරක ම මැයි 15 වන දා, ලොව පුරා වෙසෙන පලස්තීන ජාතිකයෝ, "මහා ව්‍යසනය" ලෙස හඳුන්වන අල්-නක්බා සමරති.

1947 අවසාන මාස කිහිපයේ සිට 1949 මුල් භාගය දක්වා පලස්තීනුවන් 750,000ක් පමණ ඊශ්‍රායලය බවට පත්වූ දේශයෙන් පන්නා දැමූ සරණාගතයින් බවට පත්වූහ.

බොහෝ අය බලහත්කාරයෙන් නෙරපා හරිනු ලැබූ අතර තවත් පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය නිසා ඉන් පිටව ගියහ.

අල්-නක්බා දිනය, මුල් අවතැන්වීම් සහ දශක ගණනාවක් පලස්තීනුවන් පිටුවහල් කර තැබූ කාලය යන කරුණු දෙක ම සිහි කරයි.

එය බෙහෙවින් උණුසුම් අවස්ථාවක් වූ අතර, එදින පලස්තීනුවන් සහ ඊශ්‍රායල ජාතිකයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ප්‍රචණ්ඩත්වය දක්වා පුපුරා ගියේ ය.

එසේ නම් එය සිදු වූයේ කෙසේ ද? එමෙන් ම, පලස්තීනුවන් එම දිනයේදී "ආපසු පැමිණීමේ යතුරු" ( තමන්ට පිටුවහල් කිරීමට බල කෙරෙන විට බොහෝ පලස්තීනුවන් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් තම නිවෙස්වල යතුරු තබා ගත් බව කියවේ) පෙන්වන්නේ ඇයි?

A Palestinian young man carries a model of a key on his shoulder

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීනුවන් ඔවුන්ගේ "ආපසු පැමිණීමේ අයිතියේ" කල්පවත්නා සංකේත ලෙස යතුරු රැගෙන යයි

සියොන්වාදයේ නැගීම සහ අරාබි කැරැල්ල

19 වැනි සියවසේ අගභාගයේදී සියොන්වාදය යුරෝපය තුළ වැඩෙන දේශපාලන ව්‍යාපාරයක් ලෙස මතු විය.

දේශපාලනික සියොන්වාදයේ නිර්මාතෘ තියඩෝර් හර්සල් 1896 වසරේදී පැවසුවේ, යුදෙව්වන්ට ඔවුන්ගේ ම රාජ්‍යයක් ලබා දීම, යුරෝපයේ සියවස් ගණනාවක් පැරණි යුදෙව් විරෝධී හැඟීම් සහ ඔවුන්ට එල්ල කරන ප්‍රහාර සඳහා පිළියමක් වනු ඇති බව ය.

1917 වසරේදී, ඔටෝමාන් අධිරාජ්‍යය විසුරුවා හැරීමෙන් පසු පලස්තීනය ලෙස හැඳින්වෙන ප්‍රදේශය පාලනය කළ බ්‍රිතාන්‍යය, බැල්ෆෝර් ප්‍රකාශය නිකුත් කළේ ය.

"යුදෙව් ජනතාව සඳහා ජාතික නිජබිමක් පලස්තීනයේ පිහිටුවීම" සඳහා සහය දීමට එම ලේඛනය මගින් පොරොන්දු විය.

"පලස්තීනයේ වෙසෙන යුදෙව් නොවන ප්‍රජාවන්ගේ සිවිල් සහ ආගමික අයිතිවාසිකම්වලට අගතියක් විය හැකි" කිසිවක් නොකළ යුතු බව ද එහි සඳහන් වේ.

Copy of the Balfour Declaration

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බැල්ෆෝර් ප්‍රකාශයේ පිටපතක්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යුදෙව් සංක්‍රමණිකයන් දහස් ගණනක් එම ප්‍රදේශයට (පලස්තීනය පාලනය කළ) පලා ගියේ, විශේෂයෙන් නැගෙනහිර යුරෝපයේ වැඩි වන හිංසා පීඩාවලින් මිදීමට ය.

යුදෙව් සංක්‍රමණ ශීඝ්‍රයෙන් වැඩි වීමත් සමග, 1920 - 1930 ගණන්වල යුදෙව්වන් සහ පලස්තීනුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති විය. මුල් කාලීන ගැටුම් නිසා දෙපාර්ශ්වයේ ම ජීවිත සිය ගණනක් අහිමි විය.

යුදෙව් සංක්‍රමණිකයෝ කුඩා පරිමාණ ගොවීන්ගෙන් සහ අරාබි ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයන්ගෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් මිල දී ගත්හ. කෙසේ වෙතත්, ක්‍රමක්‍රමයෙන් ඔවුන්ට එරෙහි හැඟීම් දැඩි වූ අතර, විශේෂයෙන් ඔවුන්ට දැනට අයිති ගොවිපළවල පදිංචි වීමට පැමිණීමෙන් පසු අරාබි කුලී ගොවීන් ඉවත් කර තිබිණි.

1936 වසරේදී, පලස්තීන අරාබිවරු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරාබි කැරැල්ල ලෙස හැඳින්වෙන මහා පරිමාණ නැගිටීමක් ආරම්භ කළහ. ඒ, අරාබියේ නිදහස මෙන් ම, යුදෙව් සංක්‍රමණ සහ ඉඩම් මිල දී ගැනීමේ ප්‍රතිපත්තිය නතර කරන ලෙස ඉල්ලමිනි.

ඉතිහාසඥයන් පවසන්නේ, 1939 කැරැල්ල අවසන් වන විට අරාබිවරුන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් 15,000 ක් තුවාල ලබා තිබූ බව ය.

බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ යුදෙව් ජාතිකයින් සිය ගණනක් ද මිය ගිය බව ඉතිහාසඥයෝ පවසති.

අරාබි කැරැල්ලෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය රජය 1939 වසරේදී ධවල පත්‍රිකාව නිකුත් කළ අතර, එමගින් ඉදිරි වසර පහ සඳහා පලස්තීනයට යුදෙව්වන් සංක්‍රමණය වීම දැඩි ලෙස සීමා කෙරිණි. එපමණක් නොව, යුදෙව්වන්ට සංක්‍රමණය වීම සඳහා අරාබි අනුමැතිය අවශ්‍ය බවට නියෝගයක් ද නිකුත් කළේ ය. ඉදිරි වසර 10 තුළ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ද බ්‍රිතාන්‍යය පොරොන්දු විය.

අරාබි කැරැල්ලෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය රජය 1939 වසරේදී ධවල පත්‍රිකාව නිකුත් කළ අතර, එමගින් ඉදිරි වසර පහ සඳහා පලස්තීනයට යුදෙව්වන් සංක්‍රමණය වීම දැඩි ලෙස සීමා කෙරිණි. එපමණක් නොව, යුදෙව්වන්ට සංක්‍රමණය වීම සඳහා අරාබි අනුමැතිය අවශ්‍ය බවට නියෝගයක් ද නිකුත් කළේ ය. ඉදිරි වසර 10 තුළ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ද බ්‍රිතාන්‍යය පොරොන්දු විය. මෙය කළ හැකි බව ඔප්පු වුවහොත් පලස්තීනුවන් සහ යුදෙව්වන් යන දෙපාර්ශවය ම රජය ඒකාබද්ධව පවත්වගෙන යාමටත්, එසේ වුවහොත් බ්‍රිතාන්‍ය ජනවරම අවසන් කිරීමටත් අපේක්ෂා කෙරිණි.

මෙමගින්, අර්ධ වශයෙන් අරාබි සාකච්ඡාකරුවන්ගේ ජයග්‍රහණයක් නියෝජනය වුව ද, යුදෙව් පැරාමිලිටරි කණ්ඩායම් සහ බ්‍රිතාන්‍ය හමුදා අතර ගැටුම් ඇති වූ බැවින් සාමය උදා වූයේ නැත.

ඊළඟ වසර කිහිපයේදී, තමන්ට දිගට ම පාලනය ගෙන යා නොහැකි බව බ්‍රිතාන්‍යයන්ට වැටහිණි. අරාබි හෝ යුදෙව් නියෝජිතයන් අතර සහයෝගීතාවයක් සොයා ගැනීමට ද නොහැකි බව ඔවුහු දුටුවෝ ය. ඔවුන් එම ප්‍රදේශයට මහා පරිමාණයෙන් සංක්‍රමණය වීම නැවැත්වීමට අපොහොසත් වී තිබිණි. ඇතැම් විට බ්‍රිතාන්‍ය නාවික හමුදාව යුදෙව් සරණාගතයන්ගෙන් පිරුණු නැව් පැමිණීම වැළැක්වීමට ප්‍රචණ්ඩ ලෙස උත්සහ කිරීම නිසා බ්‍රිතාන්‍යයේ කීර්ති නාමයට හානියක් සිදුවූ බව ඇතැමුන්ට හැඟිණි.

වෙන් කිරීමේ සැලැස්ම

1947 වසරේදී, බ්‍රිතාන්‍ය රජය පලස්තීනය සම්බන්ධ සිය පාලනය අවසන් කිරීමට සැලසුම් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් විසින් 181 වන යෝජනාව සම්මත කරන ලදී.

1947 වසරේදී, බ්‍රිතාන්‍ය රජය පලස්තීනය සම්බන්ධ සිය පාලනය අවසන් කිරීමට සැලසුම් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් විසින් 181 වන යෝජනාව සම්මත කරන ලදී.

මෙම යෝජනාවෙන් ඉල්ලා සිටියේ, පලස්තීනය යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස බෙදා වෙන් කළ යුතු බවත්, ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පරිපාලනය යටතේ පැවතිය යුතු බවත් ය.

ලේඛනයට අනුව, භූමියෙන් 55%ක පමණ කොටසක් යුදෙව්වන්ට වෙන් කෙරිණි.

පලස්තීන අරාබි වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රධාන නගර රැසක් සහ හයිෆා සිට ජෆා දක්වා වැදගත් වෙරළ තීරය මෙයට ඇතුළත් විය.

අරාබි රාජ්‍යයට වෙරළ තීරයේ දකුණු දෙසින් තුනෙන් එකක කොටසක් වෙන් කරන ලදී. ප්‍රධාන කෘෂිකාර්මික ඉඩම් සහ වරාය වෙත සෘජු ප්‍රවේශ වීම්, මෙම බෙදීම හරහා අවහිර වනු ඇතැයි එකල අරාබි නායකත්වයට හැඟිණි.

ඔවුන් එම සැලැස්ම ප්‍රතික්ෂේප කළේ එය අසාධාරණ බවටත්, ස්වයං නිර්ණය සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කළ බවටත් තර්ක කරමිනි.

එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය භූමිය බෙදා යුදෙව් රාජ්‍යයක් සහ අරාබි රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඡන්දය දුන්නේ ය.

ඊශ්‍රායලයේ නිදහස ප්‍රකාශයට පත් කිරීමට පෙර ගතවූ මාස කිහිපය තුළ, අරාබි සන්නද්ධ කණ්ඩායම් යුදෙව් ජනාවාසවලට පහර දුන් අතර, යුදෙව් සන්නද්ධ කණ්ඩායම් පලස්තීන ගම්මානවලට ප්‍රහාර එල්ල කළේ ය. එය පලස්තීනුවන් විශාල පිරිසක් පලා යාමට හේතු විය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රචණ්ඩත්වය ද උග්‍ර විය.

1948 මුල් භාගයේදී, යුදෙව් සටන්කාමීහු යුදෙව් රාජ්‍යයට වෙන් කළ ප්‍රදේශ අත්පත් කර ගත් අතර, අරාබි වැසියන් සඳහා වෙන් කළ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් ද අත්පත් කර ගත්හ.

අරාබි - ඊශ්‍රායල් පළමු යුද්ධය

David Ben Gurion read the Jewish Declaration of Independence

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1948 මැයි මාසයේදී ය.

1948 මැයි 14 වන දින පලස්තීනයේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ අතර, ඊශ්‍රායලය සිය ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කළේ ය.

සිරියාව, ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනනය, සෞදි අරාබිය සහ ඉරාකයේ හමුදා ආක්‍රමණය කළ අතර, වැඩි වශයෙන් සටන් කළේ, ඊජිප්තුව සහ ජෝර්දානය යි.

ඊශ්‍රායලය, අරාබි හමුදා පරාජය කර 1947 වසරේ බෙදීමේ සැලැස්මෙන් පලස්තීන අරාබිවරුන්ට මුලින් වෙන් කර තිබූ භූමිය අල්ලා ගත්තේ ය.

1949 ජනවාරි මාසයේදී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර - පසුව ලෙබනනය, ජෝර්දානය සහ සිරියාව ද ඇතුළුව - සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු සටන් අවසන් විය.

සටන අවසන් වන කාලයේදී වැඩි ම ප්‍රදේශයක් පාලනය කළේ, ඊශ්‍රායලය යි.

ජෝර්දානය බටහිර ඉවුර ලෙස හැඳින්වූ භූමිය අල්ලා ගත් අතර, ඊජිප්තුව ගාසා තීරය අත්පත් කර ගත්තේ ය.

ජෙරුසලම, බටහිරින් ඊශ්‍රායල හමුදාව සහ නැගෙනහිරින් ජෝර්දාන හමුදාව අතර බෙදී ගියේ ය.

කිසිදු සාම ගිවිසුමක් නොතිබූ හෙයින්, ඊළඟ දශක කිහිපය තුළ තවත් යුද්ධ හා සටන් ඇති විය.

'ආපසු පැමිණීමේ අයිතිය'

Palestinians fleeing their homes in 1948

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1948 දී පලස්තීනුවන් තම නිවෙස් අතහැර පලා යමින්

පලස්තීනුවන්ගේ මව්බිමට, "ආපසු පැමිණීමේ අයිතිය" තවමත් විසඳා නොමැති ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලින් එකකි.

1948 දෙසැම්බර් 11 දින සම්මත කරන ලද 194 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව මගින් පලස්තීනුවන්ගේ ආපසු පැමිණීමේ හෝ වන්දි ලබා ගැනීමේ අයිතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබී ය.

එහි සඳහන් වන්නේ, "තමන්ගේ නිවෙස් වෙත ආපසු යාමට සහ තම අසල්වැසියන් සමග සාමයෙන් ජීවත් වීමට කැමති සරණාගතයින්ට හැකි ඉක්මනින් ලබා දිය හැකි දිනයකදී එසේ කිරීමට අවසර දිය යුතු," බව ය.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය පවසන්නේ, පුද්ගල සංඛ්‍යාව අනුව, පලස්තීනුවන්ට නැවත පැමිණීමේ අයිතිය ලබා දීමෙන් යුදෙව් රාජ්‍යයේ පැවැත්ම අවසන් වන බව ය. ඊශ්‍රායලය තර්ක කරන්නේ, එය ආරක්ෂිතව සහ සාමයෙන් ජීවත් වීමට ඇති අයිතිය පිළිගන්නා සමස්ත සාම ගිවිසුමක කොටසක් ලෙස පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් බව ය.

අද වන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සරණාගතයන් ලෙස ලියාපදිංචි කර ඇති පලස්තීනුවන් සංඛ්‍යාව මිලියන පහක් පමණ වේ. (මෙම සංඛ්‍යාවට පළමු පරම්පරාවේ සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් ඇතුළත් වෙයි).

ඔවුන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් - එනම්, මිලියන 1.5කට වැඩි පිරිසක් - ජෝර්දානය, ලෙබනනය, සිරියාව, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම සහ බටහිර ඉවුරේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරු 58ක ජීවත් වෙති.

ආපසු පැමිණීමේ යතුරු: 'බලාපොරොත්තුවේ සංකේත'

A Palestinian boy holds a key symbolizes the Palestinian settlements demolished by Israel Authority

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන දරුවෙකු තමන්ට අනිමි වූ නිවාස ස්මරණය කිරීමේ සංකේතයක් ලෙස යතුරක් අතේ තබාගෙන සිටින අයුරු

අල්-නක්බා ලෙස හැඳින්වෙන, මෙම ඓතිහාසික කාල පරිච්ඡේදය තුළ පලා ගිය පලස්තීනුවෝ ඉක්මනින් ම සිය නිවෙස් කරා පැමිණෙන බව ඒත්තු ගන්වමින් ඔවුන්ගේ නිවෙස්වල යතුරු රැගෙන ගියහ.

ඔවුන් එම යතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට පිරිනමන්නේ, ඔවුන්ට අහිමි වූ නිවාස ගැන සිහි කිරීමක් ලෙස සහ ඔවුන්ගේ "ආපසු පැමිණීමේ අයිතිය" පිළිබඳ සදාකාලික සංකේත ලෙස ය.

එම යතුරු පලස්තීන සරණාගතයින්ගේ බලාපොරොත්තුවේ සහ ඔරොත්තු දීමේ සංකේතයක් ලෙස පවතී.

Palestinian demonstrations marking the 58th anniversary of Nakba

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීනුවන් විසින් 2006 දී අල්-නක්බා හි 58 වන සංවත්සරය සනිටුහන් කළහ.

අල්-නක්බා නිල සැමරුම

දශක ගණනාවක් තිස්සේ, පලස්තීනුවන් සිය අවතැන්වීමේ ජාතික ඛේදවාචකය ලෙස හඳුන්වන සිද්ධිය සමරා තිබේ.

1998 වසරේදී, එවකට පලස්තීන නායකයාව සිටි යසර් අරෆත් විසින් මැයි 15 වන දා, ස්මරණයේ ජාතික දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

2022 වසරේදී, එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසයේ පළමු වරට, එහි මහා මණ්ඩලය විසින් මෙම සංවත්සරය 2023 මැයි 15 දින සමරන ලෙස ඉල්ලා සිටින ලදී.

පලස්තීනුවන්ගේ ජීවිත හැඩගස්වමින් අල්-නක්බා අඛණ්ඩව සැමරෙනු ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ, නිරාකරණය වීමේ සලකුණක් නොපෙන්වන වයස්ගත ගැටුමක් තුළ අතීතයේ සිදු වූ ව්‍යසනයට හඬක් සොයමින් එය අඛණ්ඩව සමරන බව ය.