ඊශ්‍රායල හමුදාව ගාසා වැසියන්ට නිකුත් කළ ඉවත් වීමේ අනතුරු ඇඟවීම්වල BBC සොයාගත් දෝෂ

වීඩියෝ ශීර්ෂ වැකිය, අනතුරු ඇඟවීම් ව්‍යාකූල හෝ පරස්පර විරෝධී යැයි කියන සියලු ප්‍රකාශ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රතික්ෂේප කළේය.
ඊශ්‍රායල හමුදාව ගාසා වැසියන්ට නිකුත් කළ ඉවත් වීමේ අනතුරු ඇඟවීම්වල BBC සොයාගත් දෝෂ

ප්‍රහාරයන්ට පෙර ඊශ්‍රායලය විසින් ගාසා වැසියන්ට ඉවත් වීම සඳහා ලබාදුන් අනතුරු ඇඟවීම් වල සැලකිය යුතු වැරදි රාශියක් අඩංගු වී ඇති බව BBC විශ්ලේෂණ මගින් අනාවරණය කර තිබේ.

අනතුරු ඇඟවීම්වල පරස්පර තොරතුරු අඩංගු වූ අතර ඒවා ව්‍යාකූල විය. සමහර දිස්ත්‍රික්ක වැරදි ලෙස නම් කර තිබුණි. විශේෂඥයින් පවසන්නේ එවැනි වැරදි නිසා ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලයේ බැඳීම් උල්ලංඝණය විය හැකි බව ය.

අනතුරු ඇඟවීම් ව්‍යාකූල හෝ පරස්පර විරෝධී යැයි කියන සියලු ප්‍රකාශ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රතික්ෂේප කළේය. මේ BBCයේ ස්ටෙෆනි හෙගාර්ටි ගෙන ඒන වාර්තාවකි.