'අපි ඉරාන TV ස්ටේෂන් එක පහුකරලා යද්දීම එතන ඇටෑක් එක වුණේ': ඉරානයේදී ලැබූ අත්දැකීම් ගැන ශ්‍රී ලාංකික සිසුවියක් BBC යට කතා කරයි
පසුගියදා ඉරානයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී තමන් ලද අත්දැකීම් ගැන ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි විශ්වවිද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන ශ්‍රී ලාංකික සිසුවියක් වන සාරා මාරියම් අබ්දුල් රසාක් BBC සිංහල වෙත විස්තර කළාය.
ඇය පැවසුවේ ඉරාන රූපවාහිනි මධ්‍යස්ථාන ගොඩනැගිල්ල වෙත ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල වීමට මිනිත්තු 2-3කට පෙර තමන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් රැගත් වාහනය එම ස්ථානය පසුකර ගොස් තිබුණු බවයි.
ජුනි 13 වැනිදා ඊශ්‍රායලය පළමු වරට ඉරානයට ප්‍රහාර එල්ල කරන ලද අවස්ථාවේදී ටෙහෙරාන් අගනුවර සහ ඇය නවාතැන් ගෙන සිටි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ තමන් දුටු දේ ගැන ඇය BBC සිංහල වෙත පැහැදිලි කළාය.
ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපකාරය සහිතව තමන් මේ වන විට තුර්කිය බලා පැමිණ ඇති බවත් ඉදිරියේදී නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් මාරියම් අබ්දුල් රසාක් වැඩිදුරටත් පැවසුවාය.
සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, විශ්ව විද්‍යාලය නැවත ආරම්භ වීමෙන් පසු නැවත ඉරානයට යෑමට තමන් බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.









