'අපි ආත්මාරක්ෂක ප්‍රහාර දිගට ම එල්ල කරනවා,' ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා බීබීසීයට පවසයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා BBCය සමග කළ සම්මුඛ සාකච්ඡාව
'අපි ආත්මාරක්ෂක ප්‍රහාර දිගට ම එල්ල කරනවා,' ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා බීබීසීයට පවසයි

ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතීබ්සාදේ ජූනි 19 BBCය සමග සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මිලිටරි සැලැස්මක් අනුමත කළ බවට වන වාර්තා සහ ටෙහෙරානය අපේක්ෂා කරන්නේ කුමක් දැයි විමසූ විට, ඊශ්‍රායලය "සමස්ත ක්‍රියාවලිය ම කඩාකප්පල් කරමින්" ප්‍රහාරයක් දියත් කිරීමට පෙර ඉරානය එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික සාකච්ඡාවලදී "ගිවිසුමකට එළඹීමට ආසන්නව" සිටි බව ඔහු එහිදී පැවසීය.

සිකුරාදා ඊශ්‍රායලයේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය බව පවසමින් ඉරානය පසුගිය ඉරිදා ඇමෙරිකාව සමග සාකච්ඡා අවලංගු කළේ ය.

ඇමෙරිකාව මෙයට සම්බන්ධ නැති බවටත් ඔවුන් සම්බන්ධ නොවන බවටත් පවසමින් එක්සත් ජනපදයෙන් "නිල නොවන ලෙස පණිවිඩ" ලැබෙන බව පවසන කතීබ්සාදේ තවදුරටත් සඳහන් කළේ, එසේ වුව ද ට්‍රම්ප් ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ "ව්‍යාකූල සහ පරස්පර විරෝධී" වන බව ත් ඒවා එක්සත් ජනපද මැදිහත්වීමක් පිළිබඳව ඉඟි කරන බව ත් පවසමිනි.