'නිදහස් පලස්තීනයක්' උදෙසා කොළඹදී විරෝධතා පාගමනක්
'නිදහස් පලස්තීනයක්' උදෙසා කොළඹදී විරෝධතා පාගමනක්
නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීය සාමූහිකය විසින් අද දින (අගෝස්තු 15) බොරැල්ල කනත්ත වටරවුම අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර ඔවුහු කැම්බල් පාර්ක් දක්වා ගමන් කළහ.
'නිදහස් පලස්තීනයක්' සහ ඊශ්‍රායලය හමුදාවේ ප්‍රහාර හා සැපයුම් සීමා කිරීම් හමුවේ ගාසාහි දැඩි ලෙස පීඩාවට පත්වන සිටින ජනතාව වෙනුවෙන් සිය සහයෝගිතාව සහ ඊශ්‍රායලය වෙත සිය විරෝධය පළ කරමින් පැවැත්වූ එම පා ගමනට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.









