ඔලිම්පික් උළෙලේ තිරය පිටුපස සැබවින්ම සිදුවන්නේ කුමක්ද?

Two athletes from Team Morocco play air hockey at a social room of the Athletes's Village.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොරොක්කෝ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ගම්මානයේ එයාර් හොකී ක්‍රීඩා කරයි

පැරිස් 2024 ඔලිම්පික් ඉසව් තවමත් අවසන් වී නැත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිරයෙන් පිටුපස කරන දේ පිළිබඳව නොයෙක් කතා පැතිර යමින් පවතී. පැරිසියේ සිටින අපේ BBC කණ්ඩායම, තිරය පිටුපස ඇත්තටම සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට පියවර ගතිමු.

මේ අපි සොයා ගත් කරුණු පහකි.

හොඳ ආහාර සොයා ගැනීම

The US women gymnast team pose with their gold medals after the Artistic Gymnastics Women's Team Final at Paris 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම, වමේ සිට දකුණට: සිමොන් බ්ලිස්, ජෝර්දන් චිලීස්, ජේඩ් කේරි, සුනීසා ලී, සහ හීලි රිවේරා

"මම හිතන්නෙ නෑ අපිට හරි ප්‍රංශ ආහාර වේලක් ලැබෙනවා කියල. ඔයාලා ගමෙන් පිට ඉන්න නිසා ඔයාලා කනවා වගේ අපිට හරියාකාර ප්‍රංශ ආහාර ලැබෙන්නේ නැහැ..."

කණ්ඩායම් ජිම්නාස්ටික් ඉසව්වේ එක්සත් ජනපද කාන්තා රන් පදක්කම් ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී, ඇය සහ ඇගේ කණ්ඩායමේ සගයන් ප්‍රංශ ආහාර රස විඳිනවාද යන්න ඇසූ විට සිමෝන් බයිල්ස් දැක්වූ ප්‍රතිචාරයයි මේ.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන ආහාර ටිකක් සෞඛ්‍ය සම්පන්න පැත්තට බරයි” යි ජිම්නාස්ටික් ශූරිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පිළිතුරක් ලබා දෙමින් කියා සිටියා ය.

කණ්ඩායමේ සාමාජිකා හීලි රිවේරා තවදුරටත් පැවසුවේ ප්‍රංශ ආහාර හොඳ යයි ඇය සිතන බවයි "නමුත් අපි ඔලිම්පික් ගම්මානයේදී ලැබෙන දේ, හොඳම දේ යැයි මම සිතන්නේ නෑ".

"නමුත් එය අපේ වැඩේට ඇති" ඇය විහිළු කළා ය.

"හැබැයි පීසා එක නම් හොඳයි " බයිල්ස් සිය අදහස් ප්‍රකාශ කළා ය.

Bryony Johnson is cutting up vegetables in a kitchen.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කණ්ඩායම්වලට තමන්ගේම කෝකියෙකු සහ ආහාර ගෙන ඒමට අවසර තිබේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තම රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ගම්මානයේ තමන්ට හුරු පුරුදු රසවල ආහාර සොයා ගැනීමට වෙහෙසෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

යේමනයේ මීටර් 100 තරගකරුවෙකු වන සමීර් අල්යාෆෙයි පැරිසියේදී BBC අරාබි සේවයට පැවසුවේ ප්‍රමාණවත් පලතුරු එහි නොමැති බවයි.

"පළමු දින කිහිපය තුළ, සෑම මලල ක්‍රීඩකයෙකුටම ලැබුණේ දිනකට පලතුරු කෑලි දෙකකයි. මගේ ආහාරයට වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට්. නමුත් මේ වෙද්දී දේවල් වැඩිදියුණු වෙමින් පවතිනවා."

පෙර ඔලිම්පික් උළෙලට සාපේක්ෂව කාබන් විමෝචනය අඩු කිරීම සඳහා දේශීය, ශාක පදනම් වූ ආහාර ප්‍රමාණය වැඩි කරමින් දේශගුණ විපර්යාස අවම කිරීම අරමුණු කරගනිමින් ආහාර මෙනුව පිළියෙළ කිරීමට අවධානය යොමු කළ බව පැරිස් සංවිධායකයෝ පැවසූහ.

පිලිපීනය නියෝජනය කරමින් තරග වදින ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන අලියා ෆිනෙගන් පැවසුවේ ආහාර තත්ත්වය හොඳ නමුත් "එයට තව රස ටිකක් එකතු වෙනවා නම් මම පුද්ගලිකව කැමතියි." යනුවෙනි.

මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම ඔවුන් සඳහා ආහාර පිසීමට අරක්කැමි බ්‍රයෝනි ජොන්සන්ගේ සහය ලබාගෙන ඇත.

කණ්ඩායමේ සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් බර වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන අතර තවත් අය බලාපොරොත්තු වන්නේ සිරුර සිහින් කරගැනීමට වන බැවින් ඇයට ඉල්ලීම් රාශියක් සපුරාලීමට සිදුව ඇති බව ජොන්සන් පැවසීය.

මේ අතර, නෝර්වීජියානු පිහිනුම් ක්‍රීඩක හෙන්රික් ක්‍රිස්ටියන්සන්, ඔහුට ලැබුණු චොකලට් මෆින් ගැන සිය සතුට පළ කළේ එයට TikTok හි තරු 10 න් 11 ක් ලබා දෙමිනි.

විවේක ගැනීම

Cardboard bed, a fan and a bedside cabinet inside a room at the Olympic Village.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කාඩ්බෝඩ් ඇඳන් සහ වායුසමීකරණය නොමැතිකම සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව නොසතුටට පත් කර තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම දස්කම් ලබා ගැනීම සඳහා හොඳ රාත්‍රී නින්දක් අත්‍යවශ්‍ය නමුත් සමහර කණ්ඩායම් පවසන්නේ දැඩි උණුසුම් කාලගුණය නිසා ඔවුන්ගේ කාමරය නිදා ගැනීමට නොහැකි තරම් උණුසුමකින් යුක්ත බවයි.

හරිත ඔලිම්පික් උළෙලක් සඳහා පැරිසියේ කැපවීමේ කොටසක් ලෙස, වායු සමීකරණ භාවිතය අවම කර, පොළව යටින් සීතල ජලය පොම්ප කරන භූ තාප සිසිලන පද්ධති සහිත කාමර ඉදිකරන ලදී.

තවද සෑම කාමරයකම විදුලි පංකාවක් තිබේ.

එහෙත් රුමේනියානු මේසපන්දු ක්‍රීඩිකාව වන බර්නඩෙට් ස්සොක්ස් වැනි බොහෝ දෙනෙකු පවසන්නේ කාමර විවේක ගැනීමට බැරි තරම් උණුසුම් බවයි.

"විදුලි පංකා මේ රස්නය නවත්වන්න ප්‍රමාණවත් නැහැ...ඒ නිසා රෑට අපි කාමරවල දොරවල් විවර කර තබාගෙන නිදියනවා."යැයි ඇය පැවසුවා ය.

දැඩි උණුසුම පිළිබඳ ගැටළු හේතුවෙන්, තාවකාලික සිසිලන ඒකක 2,500 ක් ද සවි කර තිබේ.

අධික උණුසුම පමණක් නොව, සිරුරට අපහසු කාඩ්බෝඩ් ඇඳවල් නිසා සුව නින්දක් නොලැබෙන බවද ඔලිම්පික් ගම්මානයේ පිරිස පවසති.

ඕස්ට්‍රේලියානු වෝටර් පෝලෝ ක්‍රීඩිකා ටිලී කර්න්ස් පැවසුවේ "ගල් වගේ" ඇඳට ඇගේ පිට රිදවන බවයි.

කර්න් විසින් තම කණ්ඩායමේ කළමණාකරු, ඇගේ කණ්ඩායමේ සියලු දෙනා සඳහා මිලදී ගත් මෙට්ට ආවරණ පෙන්වන වීඩියෝවක් ද පළ කළා ය.

ශක්තිමත් කරන ලද කාඩ්බෝඩ්වලින් සාදන ලද රාමුවකින් සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍යවලින් සාදන ලද මෙට්ටය සහිත ඇඳ මුලින්ම කරළියට පැමිණියේ 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ය.

ලිංගික ක්‍රියාකාරකම් වළක්වාලීම සඳහා මෙම බිඳෙනසුලු ඇඳ ලබාදී ඇති බව පෙන්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් විසින් එය මත උඩ පැනීම් කළ නමුත්, ඇඳ ඇදහිය නොහැකි තරම් ශක්තිමත් බව පෙනුණි.

ඔලිම්පික් සංවිධායකයින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඇඳන් හඳුන්වා දුන්නේ පරිසරයට හානි වීම අවම කරමින් කාබන් විමෝචනය අඩු කිරීමට පමණක් බවයි.

මේ අතර, මෙක්සිකානු දුනුවායෙක් වන ඇනා පෝලා වෙස්ක්විස්, ඇගේ TikTok හි පළ කළ වීඩියෝවක, "මම පෙරට වඩා හොඳට නිදාගත්තා" යැයි කියමින් ඇඳ පෙන්වූවා ය.

නව මිතුරන් ඇති කර ගැනීම

Jamaican sprinter Shelly-Ann Fraser-Pryce on the left and New Zealand rugby sevens player Michaela Blyde.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂෙලී ඈන් ෆ්රේසර් ප්‍රයිස් (වමේ) Instagram හි මිකෙලාව follow කිරීමට පටන් ගෙන තිබේ

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14,000කට අධික ප්‍රමාණයක් සති දෙකක් පුරා එකම ස්ථානයකට එක්වන බැවින් නව මිතුරු සබඳතා ඇතිකර ගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවකි.

නවසීලන්තයේ සත් සාමාජික රග්බි ඉදිරිපෙළ ක්‍රීඩිකා මිකෙලා බ්ලයිඩ් ඇයගේ ආදර්ශය ලෙසට ඇය සලකන ජැමෙයිකානු කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක් වන ෂෙලී ඈන් ෆ්රේසර් ප්‍රයිස් සමඟ ඇයගේ හමුවීම ගැන Instagram හි ඡායාරූප දෙකක් පළ කර තිබේ.

එක් වීඩියෝවක දැක්වෙන්නේ බ්ලයිඩ්, පාවහන් නොමැතිව ඔලිම්පික් ගම්මානය හරහා තෙවරක් ඔලිම්පික් ශූරයා වූ ෆ්රේසර් ප්‍රයිස් වෙතට දිවයන ආකාරයයි.

"ඔයා නියමයි" බ්ලයිඩ් පැවසුවේ දෙදෙනා දිගු වෙලාවක් වැළඳ ගෙන සිටීමෙන් පසුව ය.

“ඔබ වෙව්ලනවා,” යි කී ප්‍රයිස් සිනාසෙමින්, “හුස්ම ගන්න,” යි බ්ලයිඩ්ට පැවසුවා ය.

සමහරු නව සම්බන්ධතා සොයා ගැනීමට Dating Appsවල සහය පතා තිබේ.

නමුත් මෙක්සිකානු ඔරු ශිල්පී සොෆියා රෙයිනොසෝ පුදුමයට පත් වූයේ ඇයට ගමේ කිසිවෙකු හා සබඳතාවයක් ගොඩ නගා ගැනීමට නො හැකි වීම පිළිබඳවයි.

පැරිසියේ BBC ලෝක සේවයේ වාර්තාකරුවන් පවසන්නේ, Tinder සහ Hinge වැනි App ක්‍රියා කරන අතර Grindr විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් outing කිරීමට ස්වයං-තහනම් බාධක යොදා ඇති බවයි.

‘Outing’ යනු පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව ඔහුගේ ලිංගිකත්වය ප්‍රසිද්ධියට පත් කිරීමයි.

හැඩවැඩ වීම

An athlete gets her nails done at the nail bar inside the Olympic Village beauty salon on 24 July 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වලට පෙර සහ පසු රූපලාවන්‍ය සේවා ලබාගැනීමේ හැකියාව තිබේ.

ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි බොහෝ පහසුකම්වලින් එකක් වන්නේ කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය සේවා ලැබීමේ හැකියාවයි.

නෙදර්ලන්ත පිහිනුම් ක්‍රීඩිකාවක් වන වැලරි වැන්රූන්, රූපලාවණ්‍යාගාරයේදී ඇයගේ හිසකෙස් සෝදා, කපා සකස් කරන වීඩියෝවක් පළ කර ඇති අතර, එහි ප්‍රතිඵලය ගැන ඇය බෙහෙවින් සතුටු වූ බවක් පෙනෙන්නට තිබුණි.

නිය සහ ඇඟිලි අලංකරණය, කොණ්ඩා මෝස්තර, මුහුණ අලංකාර කිරීම වැනි විවිධ සේවා ලබා ගැනීමේ හැකියාව එහිදී ලැබේ.

මානසික යෝග්‍යතාව පවත්වාගෙන යෑම

Tom Daley in the middle is seen knitting whilst watching the Women's Synchronised 10m Platform Final on 31 July 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටොම් ඩේලි පැරිසියේ ගත කළ කාලය තුළ ගෙතුම් අවසන් කළ ශීත කබායක ඡායාරූපයක් Instagram හි පළ කර ඇත.

මාධ්‍යවලින් සහ ජනප්‍රියත්වයෙන් මොහොතකට බැහැර වීමට අවශ්‍ය අය වෙනුවෙන් මානසික සුවතා මධ්‍යස්ථානයක්ද ඔලිම්පික් ගම්මානයේ පිහිටා තිබේ.

ක්‍රීඩා ඉසව් නොමැති වේලාව තුළ භාවනා සහ මනස සන්සුන් කරන සංගීතය හෙඩ්සෙට් මගින් අසමින්, නිල් ආලෝකය යට සුව පහසු යහන්වල දිගා වී විවේක ගැනීමට හෝ ඒකාබද්ධව නිර්මාණය කරන ලද කැන්වසයක් වර්ණ ගැන්වීමට දායක වීමට ක්‍රීඩකයන්ට ඉඩ ලැබේ.

පහළ මාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බර එසවීමට සහ ව්‍යායාම කළ හැකි යෝග්‍යතා මධ්‍යස්ථානයක් ලෙස සකස් කර තිබේ.

මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමේ කිමිදුම්කරු ටොම් ඩේලි තරග කිරීමට පෙර ඔහුගේ ස්නායු සන්සුන් කිරීමට සහ තරගවලින් පසු විවේක ගැනීමට ක්‍රමයක් ලෙස ගෙතුම් කිරීමට ඇති සිය ආශාව ප්‍රයෝජනයට ගනී.

ඔහු පැරිසියට පැමිණි විට ගෙතීම ආරම්භ කළ ස්වීටරයක් දැනටමත් ගොතා අවසන් කර තිබේ.