රන්සිළු ජයතිලක: 'පුහුණුකරුවෙකු, අනුග්‍රාහකයෙකු නැතිව' රට දිනවූ සවි එසවීමේ ශූරයා

ඡායාරූප මූලාශ්‍රය, Ransilu Jayathilake/Facebook
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සවි එසවීමේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර පදක්කම් 60කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබේ.
වයස අවුරුදු 7 සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සවි එසවීමේ නිරතව සිටිය ද, රන්සිළු ජයතිලක නමැති ක්‍රීඩකයෙකු පිළිබඳව රටේ කතාබහක් ඇති වූයේ, මෑතකදී ය.
ඒ, සවි එසවීමේ ලෝක ශූරයින් තරග වැදුණු ආර්නෝල්ඩ් ස්වොට්සනේගර්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරුණු Arnold Sports Festival UK 2024 සවි එසවීමේ තරග ඉසව්වේ ඉහළ ම මට්ටමේ තරගයක (Powerlifting Pro) deadlift තරග ඉසව්වේ ලෝකයේ ම තුන් වන ස්ථානය හිමි කර ගැනීමෙන් පසුව ය.
මෙම තරග ඉසව්වේ සමස්ත ලකුණු සටහන අනුව ඔහුට 9 වන ස්ථානය හිමි වී තිබිණි.
එම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් මිලියන ගණනක් සතුටු වුව ද, එම තරගයට සහභාගි වීම මෙන් ම ඉන් ජය ගැනීම පසුපස ඇති කතාව සතුටුදායක එකක් නොවේ.
ඒ පිළිබඳව සවි එසවීමේ ශූර රන්සිළු ජයතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Ransilu Jayathilake/Facebook
"මීට් එක තිබුණෙ එංගලන්තයේ. මට වීසා ලැබෙන්න පරක්කු වුණා. අන්තිමට හරින් ප්‍රනාන්දු ඇමතිතුමා තමයි මට පාස්පෝර්ට් එක ගෙන්න ගන්න උදව් කළේ. බ්‍රහස්පතින්දා තමයි ඒක ලැබුණේ. පැය 23ක ගමනකින් පස්සේ සිකුරාදා තමයි මම එංගලන්තෙට ගියේ. සෙනසුරාදා මීට් එක තිබුණා. මට තරගයට සූදානම් වෙන්න තිබුණේ විනාඩි 30ක වගේ කාලයක් විතරයි," රන්සිළු ජයතිලක පැවසීය.
ඔහුට එහිදී, පුහුණුකරුවෙකු, සහයකයෙකු හෝ වෙනත් කිසිවෙකු නොසිටීම හේතුවෙන් තරගයට මුහුණ දීමට සිදුවූයේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ය.
"මම තනියම තරගයට මුහුණ දුන්නේ ගොඩක් අමාරුවෙන්. තනියම ඒ ඇඳුම් ඇඳගන්න එක පවා ගොඩක් අමාරුයි, ඒවා ඇඟට තද නිසා. වෙනත් ක්‍රීඩකයින්ට පුහුණුකරු හැරුණා ම සහයට 5 දෙනෙක් විතර ඉන්නවා. ඒ වගේ ම, ලකුණු පුවරුව සැරින් සැරේ බලන්න වෙනවා. ඒකත් කර ගන්න වුණේ මට ම යි. ඒ නිසා මම ලොකු අපහසුතාවකට මුහුණ පෑවා. අනිත් අය ලෝක ශූර ක්‍රීඩකයො නිසා ඔවුන්ට ම වෙන්වුණ මාධ්‍යවේදියො පවා හිටියා."

ඡායාරූප මූලාශ්‍රය, Ransilu Jayathilake/Facebook
මෙම තරගයට ශ්‍රී ලාංකිකයෙකු සහභාගි වූ පළමු අවස්ථාව මෙය වූ අතර, ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි වූයේ, ආසියානු වාර්තාව බිඳ හෙළීම හේතුවෙනි.
කෙසේ වෙතත්, රන්සිළු ජයතිලක එම තරගාවලියේ deadlift ඉසව්වේ තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
ඒ, කිලෝග්‍රෑම් 322ක් බර ඔසවමිනි. එය ඔහු ම තබා තිබූ වාර්තාව යළි සම කිරීමකි.
"මම කොච්චර ජයග්‍රහණ ලැබුවත් මං ආපහු ලංකාවට එන කවදාවත් මාව පිළිගන්න මාධ්‍යවේදියෙක් ආවෙ නෑ. මම තනියම කැබ් එකක් දාගෙන ගෙදර ආවෙ. මටත් හිතා ගන්න බෑ එහෙම වුණේ ඇයි කියලා," ඔහු පැවසීය.
රන්සිළු ජයතිලක යනු කවුද?
රන්සිළු ජයතිලක මහනුවරදී උපත ලැබුවේ, 1987 වසරේ දෙසැම්බර් මස 15 වන දා ය.
මහනුවර, කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රන්සිළු, මුලින් ම බර එකවීම තරග ඉසව්ව ආරම්භ කළේ, වයස අවුරුදු 7දී ය.
ඔහු පැවසූ පරිදි, බර එසවීමේ ශූරයෙකු වූ මොතිලාල් ජයතිලක නමැති ඔහුගේ පියාගේ මග පෙන්වීම යටතේ මෙම ක්‍රීඩාවට යොමු වී තිබිණි.
13 වන වියේදී ඔහු එම වයස් කාණ්ඩයේ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් විය.
වයස අවුරුදු 15 වන විට රන්සිළු, 2001 වසරේදී පැවති ආසියානු කනිෂ්ඨ බර එසවීමේ ශූරතාව හිමි කර ගත් අතර, 2002 වසරේදී ලෝක ශූරතා තරගාවලියේ දෙවන ස්ථානය හෙවත් රිදී පදක්කම දිනා ගත්තේ ය.
පාසල් සමයේදී රග්බි ක්‍රීඩාවේ ද නිරත වූ ඔහු පසුව සවි එසවීමේ ක්‍රීඩාවට යොමු වී තිබේ.
ජයග්‍රහණ
ජාත්‍යන්තර පදක්කම් 60කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හිමි කර දුන් රන්සිළු ජයතිලක, 2016 වසරේ සිට අඛණ්ඩව හය වරක් ආසියානු ශූරයා බවට පත්විය.
ඊට අමතරව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අඛණ්ඩව තුන් වරක් රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් වී තිබේ.
කෙසේ වෙතත්, 2023 ආසියානු ශූරතාවලියට සහ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමට ඔහුට නොහැකි විය.
"ඒ තරග දෙකට යන්න මට අනුග්‍රාහකයෙක් හොයා ගන්න බැරි වුණා. මේ අවුරුද්දෙ දකුණු අප්‍රිකාවෙ තියෙන ලෝක ශූරතා තරගාවලියට යන්න තියෙන නිසා සල්ලි ඉතුරු කර ගන්න මම ඒ තරගාවලි දෙකට ගියෙ නෑ. ඒ නිසා මට ඒ පදක්කම් අහිමි වුණා," රන්සිළු ප්‍රකාශ කළේ ය.
ඔහු සවි එසවීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පසු වන්නේ, 7 වන ස්ථානයේ ය.
'ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමට ලොකු වියදමක්'
මෙම ක්‍රීඩාවේ නිරත වීම සඳහා ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අධික වියදමක් දැරීමට සිදුවන බව ඔහු සඳහන් කළේ ය.
"දවසකට බිත්තර 15ක්වත් කන්න වෙනවා. බිත්තර 15කට විතරක් කොයිතරම් මුදලක් වැය වෙනවා ද? ඒ විතරක් නෙවෙයි, පෝෂ්‍යදායී කිරි වර්ග, විටමින් වගේ දේවල්වලට ලොකු වියදමක් යනවා. මේ ක්‍රීඩාවේ නිරත වෙන්න අඳින ඇඳුම්වල මිල ගොඩක් වැඩි යි. බෙල්ට් එක විතරක් රුපියල් ලක්ෂ දෙකක් වෙනවා. දණහිස් ආවරණ රුපියල් ලක්ෂයක් විතර වෙනවා. ඒ නිසා මම ගොඩක් අමාරුවෙන් මේක කරගෙන යන්නේ."
ඔහු දැනට තමන්ට අවශ්‍ය මුදල් සපයා ගන්නේ, ආදායම් මාර්ග කිහිපයක් ඔස්සේ ලැබෙන "සුළු ආදායම්වලිනි".
"මට ජිම් එකක් තියෙනවා පැලවත්තෙ. ඒ වගේ ම ශාන්ත පීතර විද්‍යාලයේ රගර් කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ දේවල් කරලා තමයි මම සල්ලි හොයා ගන්නේ. මේ වගේ ක්‍රීඩාවක් කරන්න ඒ ආදායම් මදි ඇත්තට ම. මට අනුග්‍රහයක් ලැබෙනවා නම් ලොකු සහනයක්," ඔහු සඳහන් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Ransilu Jayathilake/Facebook
'ලොකු ම සිහිනය'
රන්සිළුගේ ක්‍රීඩා දිවියේ "ලොකු ම සිහිනය" වී ඇත්තේ, සවි එසවීමේ ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීම ය.
"2024 දකුණු අප්‍රිකාවේ තියෙන ලෝක ශූරතාවලිය ජය ගන්න එක තමයි මගේ ලොකු ම සිහිනය. මගේ තාත්තාගේ හීනයත් ඒක. මොන බාධක තිබුණත්, ඒ ගැන දුක් නොවී ඒ හීනය සැබෑ කර ගන්නවා මම කොහොම හරි," ඔහු අපේක්ෂාකහගත ස්වරයකින් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Ransilu Jayathilake/Facebook
රන්සිළුගේ ක්‍රීඩා දිවියේ "ලොකු ම සිහිනය" වී ඇත්තේ, සවි එසවීමේ ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීම ය.
"2024 දකුණු අප්‍රිකාවේ තියෙන ලෝක ශූරතාවලිය ජය ගන්න එක තමයි මගේ ලොකු ම සිහිනය. මගේ තාත්තාගේ හීනයත් ඒක. මොන බාධක තිබුණත්, ඒ ගැන දුක් නොවී ඒ හීනය සැබෑ කර ගන්නවා මම කොහොම හරි," ඔහු අපේක්ෂාකහගත ස්වරයකින් පැවසීය.
එමෙන් ම, ඔහු තවත් ඉල්ලීමක් කළේ ය.
"මම තව අවුරුදු 5කින් විතර මේ ක්‍රීඩාව නතර කරයි. මටත් වඩා ගොඩක් දක්ෂ ළමයි ගම්වල ඉන්නවා. මේ ක්‍රීඩාව කොළඹ, මහනුවර වගේ නගරවලින් ගමට යා යුතු යි. මම ගම්වල ඉන්න දක්ෂයින් ගෙන්නලා පුහුණු කරවනවා. ඒත් මේකට අවශ්‍ය උපකරණ ගොඩක් මිල අධික යි. ඒ වගේ ම, පෝෂ්‍යදායී ආහාර ගන්න ඒ අයට හැකියාවක් නෑ. ඒ නිසා ටික දවසක් ඇවිත් ඒ ළමයි නවතිනවා. මේ තත්ත්වය වෙනස් විය යුතු යි. ක්‍රීඩා බලධාරීන්ගෙන් සහ අනුග්‍රාහකයින්ගෙන් සහයක් නැතුව මේක දියුණු කරන්න බැහැ. අඩු තරමින් මගෙන් පස්සෙවත් මේ ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා මම ඉල්ලා සිටිනවා."












