IPL 2024: කොල්කටා නයිට් රයිඩර්ස්‌ තනි සටනකින් ශූරතාව දිනා ගනී

IPL 2024: කොල්කටා නයිට් රයිඩර්ස්‌ තනි සටනකින් ශූරතාව දිනා ගනී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශුරතාවය තමන් සතුකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස්‌ කණ්ඩායම (මැයි 26 වැනිදා) සමත් විය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත් කරමිනි.

චෙන්නායි හි M.A චිදම්බරම් ක්‍රීඩාංගණයේදී IPL අවසන් මහ තරගය පැවැත්වුණි.

කාසියේ වාසිය දිනු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගයේ පළමු පන්දු වාරයේ සිටම තරගයේ වාසිය තමන් සතුකර ගැනීමට සමත් විය.

තෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශුරතාවය තමන් සතුකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස්‌ කණ්ඩායම (මැයි 26 වැනිදා) සමත් විය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 08 කින් පරාජයට පත් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Indian Premier League

සන්රයිසස් පිලට වැරදුණු ආරම්භය

මෙවර IPL තරගාවලිය පුරාවට පුවත් මවනු ලැබූ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ ප්‍රහාරත්මක ආරම්භක පිතිකරුවන් යුගලය වූයේ ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මාය.

කෙසේ වුවත් තීරණාත්මක අවසන් මහ තරගයේදී සන්රයිසස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාව ඉනිමේ පළමු ඕවර් දෙකේදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොල්කටා පන්දු යවන්නන් සමත් විය.

මිචෙල් ස්ටාර්ක් ගේ පන්දුවක් හමුවේ අභිෂේක් ෂර්මා ලකුණු දෙකකටත්, විභව් අරෝරා ගේ පන්දුවක් හමුවේ ට්‍රැවිස් හෙඩ් ලකුණු නොලබා දැවී ගියේ සන්රයිසස් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දු වාර දෙකක් අවසානයේ ලකුණු 6ක් ලෙස සටහන්ව තිබියදීයි.

මිචෙල් ස්ටාර්ක් ගේ පන්දුවක් හමුවේ අභිෂේක් ෂර්මා ලකුණු දෙකකටත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මිචෙල් ස්ටාර්ක් ගේ පන්දුවක් හමුවේ අභිෂේක් ෂර්මා ලකුණු දෙකකට දැවී ගියේය

එම කඩුලු දෙක දැවී යාමෙන් පසු තවත් ලකුණු 15ක් සන්රයිසස් ලකුණු පුවරුවට එකතු වීමෙන් පසුව රාහුල් ත්‍රීපති ලකුණු 09 කට දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත් විය.

නිතිෂ් කුමාර් රෙඩ්ඩි සමග එක්වූ ඒඩන් මාක්ක්‍රම් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

එසේ වුවත් ලකුණු 13ක් රැස් කරගෙන සිටියදී නිතිෂ් කුමාර් රෙඩ්ඩි ගේ කඩුල්ල දවා ගැනීමට හර්ෂිත් රානා සමත් විය.

ඒයිඩන් මාක්ක්‍රම් පන්දු 23 කදී ලකුණු 20ක් රැස් කරගෙන සිටියදී ඇන්ඩ්රේ රසල් ගේ පන්දුවක් හමුවේ දැවී යන විට සන්රයිසස් ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර 10 යි පන්දු 2 කදී ලකුණු 62 කට කඩුලු 05ක් ලෙස දිස්විය.

පන්දු 19 කදී ලකුණු 24ක් රැස් කර ගත් සන්රයිසස් කණ්ඩායමේ නායක පැට් කමින්ස් හැර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ඉඩ නොදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන්, පන්දු වාර 18 යි පන්දු 3 ක් තුළදී සන්රයිසස් ඉනිම ලකුණු 113 කට සීමා කිරීමට සමත් විය.

ඒ IPL තරගාවලියක අවසන් මහ තරගයකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සන්රයිසස් කණ්ඩායමේ නමට ලබා දෙමිනි.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ඩ්රේ රසල්, පන්දු වාර 2.3 කදී ලකුණු 19 කට කඩුලු 03ක් දවා ගන්නා ලදී.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

කොල්කටා ඉනිමේ ලකුණු හඹා යාම

IPL කුසලානය තෙවන වරටත් තමන් සතු කර ගැනීමේ අරමුණ ඇතිව ලකුණු 114ක ඉලක්කයක් හඹා යාමට පැමිණි කොල්කටා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සුනිල් නාරායන් ලකුණු 06 කට දවා ගැනීමට පැට් කමින්ස් සමත් වුයේ දෙවන පන්දු වාරයේදී ය.

නාරායන් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි වෙන්කටෙෂ් අයියර්, රහමනුල්ලා ගුර්බාස් සමග එක්වෙමින් දෙවන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 91ක් එක් කිරීමට සමත් විය.

කොල්කටා ඉනිමේ 08 වන පන්දු වාරයේදී ලකුණු 32ක් රැස් කරගෙන සිටි රහමනුල්ලා ගුර්බාස් දැවී ගියේය.

කෙසේ වුවත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 10.3ක් තුලදී කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කර යාමට සමත් විය.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය

තරගාවලියේ වීරයා සම්මානය සුනිල් නාරායන්ට

2024 IPL තරගාවලියේ අවසන් මහ තරගයේ වීරයා සම්මානය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක්ට හිමිවිය.

මෙවර තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නිතීෂ් රෙඩ්ඩි දිනා ගත්තේය.

මෙවර තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නාට හිමි පර්පල් කැප් සම්මානය පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ හර්ෂල් පටෙල් දිනා ගැනීමට සමත් විය. තරගාවලිය තුළදී ඔහු විසින් කඩුලු 24ක් දවා ගන්නා ලදී.

තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවාට හිමි ඔරේන්ජ් කැප් සම්මානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ විරාත් කෝලිට හිමිවිය. ඔහු මෙවර තරගාවලියේදී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 741ක්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නාරායන් මෙවර තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.

2024 වසරේ IPL පිටියේ වාර්තා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙවර IPL තරගාවලියේ අවසන් මහ තරගයද ඇතුළුව තරග 74ක් ක්‍රීඩා කරනු ලැබූ අතර ඉන් තරග දෙකක් වර්ෂාව නිසා අත්හැරීමට සිදුවිය.

ක්‍රීඩා කරන ලද තරග 72ක තුලදී අවස්ථා 39 කදී කණ්ඩායම් ලකුණු 200 සීමාව ඉක්මවා යාමට සමත් විය.

එමෙන්ම IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව සන්රයිසස් පිල කඩුලු 03ක් දැවී වාර්තා කළ ලකුණු 287 ඕනෑම විස්සයි 20 තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වේ.

මෙම තරගයේදී දෙපිලම ලකුණු 549ක් වාර්තා කළ අතර, එම ලකුණු සංඛ්‍යාව IPL ඉතිහාසයේ තරගයකදී කණ්ඩායම් දෙකක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

IPL ඉතිහාසයේ අවසන් මහ තරගයකදී කණ්ඩායමක් විසින් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ කණ්ඩායම ලෙස සන්රයිසස් කණ්ඩායම ඉතිහාසයට එක්විය.

ඒ අද ( මැයි මස 26 වෙනිදා) කොල්කටා කණ්ඩායම සමග පැවති අවසන් මහ තරගයේදී සන්රයිසස් කණ්ඩායම ලකුණු 113 කට සියලු දෙනා දැවී යාමත් සමගය.

මේ අතර පවර් ප්ලේ අවස්ථාවේදී කණ්ඩායමක් විසින් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට මෙවර තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

මෙම තරග වාරයේදී හයේ පහරවල් 1260 ක් සහ හතරේ පහරවල් 2174 ක් වාර්තා වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Indian Premier League

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම තරග වාරයේදී හයේ පහරවල් 1260 ක් සහ හතරේ පහරවල් 2174 ක් වාර්තා වී තිබිණි

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේ දී සන්රයිසස් කණ්ඩායම පන්දු වාර 06 තුළදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 125ක් වාර්තා කිරීමට සමත් විය.

මෙම ලකුණු සංඛ්‍යාව IPL තරගාවලියේදී පමණක් නොව ඕනෑම විස්සයි 20 තරගයකදී පවර් ප්ලේ අවස්ථාවේදී කණ්ඩායමක් රැස් කරනු ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය.

එමෙන්ම IPL ඉතිහාසයේ තරගවාරයකදී වාර්තා වූ වැඩිම හයේ පහරවල් වාර්තා වූ තරගවාරය මෙවර ලෙස ද ඉතිහාසයට එක්විය.

මෙම තරග වාරයේදී හයේ පහරවල් 1260 ක් සහ හතරේ පහරවල් 2174 ක් වාර්තා වී තිබිණි.

මේ අතර IPL ඉතිහාසයේ ලකුණු 8,000 සීමාව ඉක්මවූ පළමු පිතිකරුවා බවට පත්වීමට විරාත් කෝලි සමත් විය. ඔහු එම දස්කම දැක්වුයේ තරග 252 කට ක්‍රීඩා කරමිනි.

එමෙන්ම IPL ඉතිහාසයේ කඩුලු 200 සීමාව ඉක්මවා ගිය පළමු පන්දු යවන්නා බවට යුස්වෙන්දර් චාහල් පත්විය. ඔහු මෙම දස්කම දැක්වුයේ තරග 160 කට ක්‍රීඩා කරමින්ය.

එමෙන්ම IPL ඉතිහාසයේ තරගවාරයකදී වාර්තා වූ වැඩිම හයේ පහරවල් වාර්තා වූ තරගවාරය මෙවර ලෙස ද ඉතිහාසයට එක්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, KKR සම හිමිකරු බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ජයග්‍රහණය සැමරු අයුරු

IPL තරගාවලි ඉතිහාසය

2008 වසරේදී ආරම්භ වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය මෙවර පවත්වනු ලැබුවේ 17 වැනි වරටය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL අවසන් මහ තරගයක් සඳහා ක්‍රීඩා කළ සිව්වන වතාව මෙය වේ. ඔවුන් 2012 සහ 2014 වසරවලදී IPL ශුරතාවය තමන් සතුකර ගැනීමට සමත් විය.

එමෙන්ම සන්රයිසස් කණ්ඩායම IPL අවසන් මහ තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලබන තෙවන අවස්ථාව මෙය වන අතර ඔවුන් 2016 වසරේදී ශුරතාවය තමන් සතුකර ගැනීමට සමත් විය.