ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මේ ළමයින්ට හීනයක් තිබුණේ සමස්ත ලංකා තරගයට වඩා කොළඹ දකින්න'
බාධක රැසක් මැද අධ්‍යාපනය ලබන අම්පාර, උහන දෙමටමල්පැලැස්ස විද්‍යාලයේ දරුවන් සමස්ත ලංකා පාසල් සංගීත තරගයෙන් ජයග්‍රහණය ලැබීම රටේ අනෙකුත් පාසල්වලට ආදර්ශයක් ගත හැකි සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව එම විද්‍යාලයේ සංගීත ආචාර්ය ගීත් ජීවන්ත පවසයි.
''මේ ළමයින්ගේ ආසාව තිබුණේ සමස්ත ලංකා තරගයට යන එකට වඩා කොළඹ දකින්න. බොහෝ දරුවෝ මුලින්ම හයිවේ එකක ගියේ එදා. මම ගුරුවරයෙක් විදියට හුඟක් සතුටු වෙනවා මේ ජයග්‍රහණ ගැන.'' යනුවෙන් සංගීත ගුරුතුමා BBC සිංහල සේවයට පැවසුවේය.
කිසිදා වේදිකාවකට ගොඩ නොවූ මේ දරුවන් ගමේ පන්සලේ බණ මඩුවේ රාත්‍රී කාලයේ පුහුණුවීම් කළ අතර පුහුණුවට අවශ්‍ය සංගීත භාණ්ඩ ලබා දෙමින් අවට පාසල් කිහිපයක ගුරුවරු ද මේ සඳහා උපකාර කර තිබේ.