"වයස ඉලක්කමක්, අධ්‍යාපනය හොඳ අවියක්"

සිය ඉලක්කය හඹායාම සඳහා සෑම මොහොතක්ම කැප කළ බව ඇය පවසන්නීය.

ඇතැම් දුෂ්කර අවස්ථාවල දී චිත්ත ධෛර්යය ගිලිහෙන විට තමන් උපාධිධාරීන් විශාල පිරිසක් ඉදිරියේ ආචාර්ය උපාධිය ලබා ගන්නා අයුරු මනසින් මෙනෙහි කරමින් ඒ තුළ ජීවත්වූ බව ආචාර්ය බුද්ධිමා සුබසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

"රෑට නිදා ගන්නකොට මම කල්පනා කරන දෙයක් තමයි මගේ ඉලක්කයට යන්න අද මොනවද කළේ කියන එක. ඒ වගේම ඊළඟ දවසේ උදේ නැගිට්ටහම, මගේ ඉලක්කයට යන්න අද මොනවද කළ යුත්තේ කියලා කල්පනා කරලා ඒ පොයින්ට් ටික ලියාගෙන ඒ සඳහා වැඩ කරනවා. ඒ අතරේ රැකියාව සහ පවුලේ කටයුතු ටිකත් කරගන්නවා," යනුවෙන් ඇය පැවසුවාය.

ඇය පවසන පරිදි ඇතැම් යහළුවන් ඇය කණ්ඩායමෙන් කොන් කර පැත්තකට කර තබන්නට ක්‍රියා කර ඇති අතර එහිදී දැඩි මානසික පිඩාවන්ට පත්ව ඇත. ඒ තත්ත්වයෙන් මිදීමට ඇය අතට ගත් ආයුධය වන්නේ අධ්‍යාපනය විය.

මේ පිළිබඳ තවත් තොරතුරු සඳහා පිවිසෙන්න : ඉලක්කය ගැන සිහිනයේ ජීවත් වූ ''ළාබාලම ආචාර්ය උපාධිධාරිනිය''