ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නැදුන්ගමුවේ විජය රාජා ගැන මේ අප්‍රකට තොරතුරු ඔබ දන්නවා ද?
නැදුන්ගමුවේ විජය රාජා ගැන මේ අප්‍රකට තොරතුරු ඔබ දන්නවා ද?
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වසර 13ක් වැඩම කර වූ නැදුන්ගමුවේ විජය රාජා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ත්‍යාගයකි.
රෝගී තත්ත්වයකින් පෙළුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් ප්‍රදේශයේ මහරාජාවරයෙකුගේ දියණියක සුව කර දීම නිසා, නීලම්මහර වෙද පරපුරේ දෙහිවල ධම්මාලෝක හිමියන්ට ඇත් පැටවුන් දෙදෙනෙකු තෑගි ලෙස ලැබුණු අතර නැදුන්ගමුවේ රාජා ඉන් එක් අයෙකි.
ශ්‍රී ලංකා රජය ජාතික උරුමයක් ලෙස නම් කරන ලද නැදුන්ගමුවේ විජය රාජාගේ කතාව පූජනීයත්වය, දේශීය දැනුම, සංස්කෘතිය සහ මානුෂීය ගුණාංග සංකේතවත් කරන දේශසීමා ඉක්මවා යන එකකි.