වසරකට දෙවරක් ගල්ඔය සිට කුමනට සිදුවන අලි සංක්‍රමණය ඔබ දැක තිබේ ද?

වසරකට දෙවරක් ගල්ඔය සිට කුමනට සිදුවන අලි සංක්‍රමණය ඔබ දැක තිබේ ද?

ගල්ඔය සිට කුමන දෙසට වසරකට දෙවරක් අලි සංක්‍රමණයක් සිදුවේ. එම මාර්ගයේ පළමු අලි සංක්‍රමණය පෙබරවාරි 20 වැනිදා විට ආරම්භ වීමට නියමිතව තිබේ.

පෙබරවාරි 20ට පෙර වී අස්වැන්න නෙලා අවසන් කරන්නැයි බලධාරීන් ගොවීන්ට දැනුම් දී ඇත. එදිනට පසුව වලතාපිටිය වැව වටා ඇති විදුලි වැටෙහි විදුලිය සැපයුම අක්‍රීය කර බුද්ධංගල අභය භූමියේ රැඳී සිටින අලින්ට කුඹුරු හරහා ගමන් කිරීමට ඉඩ ලබාදෙනු ලැබේ.

බුද්ධංගල අභය භූමියේ සිටින අලි ගම් වැදීම වැළැක්වීම සඳහා ගොවීන්ගේ මුදලින් දිනකට එක් අයෙකුට රුපියල් 2000 බැගින් ගෙවා දිනපතා 25 දෙනෙකු සේවයට යොදවා ඇත. මීට අමතරව අලි වැට මුර කිරීම වනජීවී නිලධාරීන්, ගම්වාසීන් සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කරනු ලබයි.

බුද්ධංගල හරහා පෙබරවාරි මාසයේ දී කුමන දෙසට සංක්‍රමණය වන අලි අප්‍රේල් මාසයේ නැවත පැමිණෙති. යළිත් අගෝස්තු සහ නොවැම්බර් අතර මේ සංක්‍රමණය සිදු වේ.