ඉතිහාසගත වූ අභ්‍යවකාශ සැරිසැරීම් 11ක්

The dramatic history of spacewalks

ඡායාරූප මූලාශ්‍රය, NASA

    • Author, රිචර්ඩ් ග්‍රේ
    • Role, බීබීසී ෆියුචර් (Future)

පළමු පුද්ගලික අරමුදල් සැපයූ අභ්‍යවකාශයේ සැරිසැරීම සම්පූර්ණ කරමින්, SpaceX හි 'Polaris Dawn' මෙහෙයුමෙන් බිලියනපතියෙකු වන ජෙරාඩ් ඉසාක්මන් ඉතිහාසගත විය. SpaceX හි ඩ්‍රැගන් කැප්සියුලයෙන් පිටත ඔහු ගත කළ මිනිත්තු 12, වාණිජ අභ්‍යවකාශ ගමනාගමනයේ ප්‍රධාන සංධිස්ථානක් වනු ඇත.

විශේෂයෙන් ම අනුවර්තනය කරන ලද අභ්‍යවකාශ ඇඳුම් ඇඳ, ඉසාක්මන් සහ SpaceX ඉංජිනේරු සාරා ගිලීස් අභ්‍යවකාශ යානයෙන් පිටතට පැමිණ සැතපුම් 434ක් (කිලෝමීටර 700ක්) පමණ කක්ෂ උන්නතාංශයක මාරුවෙන් මාරුවට පාවී ගිය හ. ඔවුන් දෙදෙනා ම තිර සහිත හෙල්මට් සහ කැමරා සවිකර තිබූ හෙල්මට් පළඳමින් ඇඳුම්වල සංචලතාවය පිළිබඳ පරීක්ෂණ කර තිබේ.

ඉසාක්මන් ඩ්‍රැගන් කැප්සියුලයේ දොරටුවෙන් පිටතට අඩිය තැබූ විට ම දුටු දර්ශනය පිළිබඳ ඔහුගේ පළමු හැඟීම වූයේ, "මෙතැන සිට, ලෝකය පරිපූර්ණ ලෝකයක් වගේ පේනවා," යන්නයි.

ඔහු සහ ගිලීස් යන දෙදෙනා ම බාධාවකින් තොර ව අභ්‍යවකාශයේ ඇවිදීම සිදු කළත්, ඔවුන් දෙදෙනා ඔවුන්ට ඇති අවදානමින් මිදී සිටියේ නැත.

වෙනත් නව අභ්‍යවකාශ යානා මෙන් නොව, ඩ්‍රැගන් කාර්යය මණ්ඩලයට වායු අගුලක් නොමැතිවීම නිසා දෙදෙනා පිටව යාමට පෙර මුළු කැප්සියුලය ම අවපීඩනය කිරීමට සිදුවිය. එයින් අදහස් වන්නේ, ඇතුළේ ඉතිරිව සිටි කාර්යය මණ්ඩලය ආසන්න අභ්‍යවකාශයේ රික්තකයට නිරාවරණය වූ අතර, ඔවුන් සියලු දෙනාට ම අලුත් අභ්‍යවකාශ ඇඳුම් ඇඳීමට සිදුවිය.

දැන් එය සාර්ථක ව අවසන් වී ඇත. මෙම අභ්‍යවකාශ සැරිසැරීම, සුවිශේෂී හා අමතක නොවන අවස්ථා ලැයිස්තුවකට එක්වන්නේ ගගනගාමීන් අභ්‍යවකාශ විස්තාරය සහ තම සිරුරට වඩා රෙදි ස්ථර කිහිපයකට වඩා මඳක් වැඩි ප්‍රමාණයක් සමඟ නිර්භීතව අභ්‍යාවකාශ යානයෙන් පිටතට සැරසැරීම හේතුවෙනි.

වායු අගුලක සිරව සිටීමේ සිට සිය අභ්‍යවකාශ කුටිය තුළ ම ගිලීයාම දක්වා, අභ්‍යවකාශයේ සැරිසැරීම ලෙස විධිමත් ව හඳුන්වන අභ්‍යවකාශ යානයෙන් පිටත අභ්‍යවකාශයේ සිදු කරන ක්‍රියාකාරකම්වල (EVAs) දිගු ඉතිහාසය තුළ නාට්‍යමය අවස්ථා හිඟ නොවී ය. වසර හැටකට ආසන්න කාලයකට පෙර, සෝවියට් අජටාකාශගාමියෙකු වන ඇලෙස්කි ලියනොව් අභ්‍යවකාශයේ "සැරිසැරීම" සිදු කළ පළමු මිනිසා බවට පත් වීමෙන් පසු සිදු වූ වඩාත් කැපී පෙනෙන සිදුවීම් කිහිපයක් මෙසේයි.

අභ්‍යවකාශයේ පළමු සැරිසැරීම

The awe-inspiring history of spacewalks

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1965 මාර්තු 18 දින ඇලෙස්කි ලියනොව් Voskhod 2 යානයෙන් පිටත අභ්‍යවකාශයේ පාව යයි

සීතල යුද්ධය පැවති සමයේ අභ්‍යවකාශ තරගයේ උච්ඡතම අවස්ථාව වන විට සෝවියට් සංගමය ප්‍රධාන සංධිස්ථාන ගණනාවකින් ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය කර තිබුණි. සෝවියට් සමාජවාදී සංගමය විසින් Sputnik 1 සමඟ පළමු චන්ද්‍රිකාව කක්ෂගත කළ අතර, පළමු ක්ෂීරපායී සත්වයා කක්ෂගත කිරීමත්, ඉන්පසුව 1961 පළමු මිනිසා ද කක්ෂගත කිරීම සිදු කරන ලදි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

1965 මාර්තු 18 වන දින, අභ්‍යවකාශ යානයෙන් පිටත අභ්‍යවකාශයේ "සැරිසැරීමට" පළමු මිනිසාව යැවීමත් සමඟ සෝවියට් සමාජවාදී සංගමය තවත් අභ්‍යවකාශ පළමු ස්ථානයක් හිමිකරගත්තේ ය. අභ්‍යවකාශ යානයේ දොරටුවෙන් පිටත යොදවා ඇති පිම්බිය හැකි අගුලක් හරහා Voskhod 2 වෙතින් පිට වී, නාභියට සම්බන්ධ කළ කඹයකින් සම්බන්ධ වී අජටාකාශගාමී ඇලෙස්කි ලියනොව් මිනිත්තු 12ක් පිටත ගත කළේ ය.

නමුත් මෙම අතිශය ප්‍රථම අභ්‍යවකාශ යානයෙන් පිටත අභ්‍යවකාශයේ සිදු කළ ක්‍රියාකාරකම සම්පූර්ණයෙන් ම සැලසුමට අනුව ක්‍රියාත්මක වූයේ නැත. ලියනොව් හැඳ සිටි අභ්‍යවකාශ ඇඳුම අභ්‍යවකාශයේ ආසන්න රික්තකයේ දී පීඩනයට ලක් වූ විට, ඔහුට චලනය වීමට හෝ ඡායාරූප ගැනීමට අපහසු කරමින් දැඩි විය. ඔහුව එහෙට මෙහෙට විසි කරමින් ඔහු Voskhod 2 වෙත සම්බන්ධව සිටි කඹය ඇඹරී ගියේ වායු අගුල තුළට නැවත ඇතුළුවීම අපහසු කරමි ය.

ඔහු ඒ ආකාරයෙන් කළ විට ඔහුව සිරවී ඔහුට පිටුපසින් තිබූ දොරටුව වසා ගැනීමට පවා නොහැකි විය. ඇතුළට යාමට, තෙරපී ඇතුළට යාමට සහ දොරටුව වසා දැමීමට ඔහුට සෙලවීමට ප්‍රමාණවත් පරිදි පීඩනය අඩු කරගැනීමට ඔහුට අභ්‍යාවකාශ ඇඳුමේ කපාට විවෘත කරගැනීමට සිදුවිය.

ගැලවී යාම කෙතරම් වෙහෙසකර වූයේ ද යත්, ඔහුගේ අභ්‍යවකාශ ඇඳුම පෘථිවියේ දී නැවත පරීක්ෂා කළ විට ඒ තුළ ඔහුගේ දහඩිය ලීටර කිහිපයක් අඩංගු විය.

ඇමෙරිකානු පළමු අභ්‍යවකාශ සැරිසැරීම

Awe and danger: The perilous history of spacewalks

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1965 ජුනි මාසයේ දී ගගනගාමී එඩ් වයිට් අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකානුවා බවට පත්විය

පළමු ඇමෙරිකානුවා පිටතට යාමට පෙර, ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ සාපේක්ෂ ආරක්ෂාව තුළින් පුළුල් අභ්‍යවකාශයට තුළට පිවිසීමට මාස දෙකකට වඩා ගත වෙයි. 1965 ජුනි 03 වනදා පෘථිවිය වටා තුන්වන කක්ෂ ගමන යමින් සිටි Gemini 4 යානයේ දොරටුව එඩ් වයිට් විසින් විවෘත කරනු ලැබුවේ ය.

අභ්‍යවකාශ යානය හවායිවලට ඉහළින් ගමන් කරනවිට අතින් ගෙන යා හැකි ඔක්සිජන්-ජෙට් ගන් එකක් භාවිත කරමින් ඔහු උපක්‍රමශීලීව කැප්සියුලයෙන් පිටතට ගියේ ය. ඔහු මීටර අටක් (අඩි 26ක්) දිග රැඳවුමක අවසානයේ මිනිත්තු 23ක් පිටත ගත කළේ ය.

මුල් අවස්ථාවේ දී ඔහු උපක්‍රමශීලිව ජෙට් - ගන් භාවිත කරමින් අභ්‍යවකාශ යානයට තුන් වතාවක් ආ ගිය නමුත් මිනිත්තු 3කට පසුව එහි ඉන්ධන අවසන් වූ නිසා වයිට්ට රැඳවුම වැරෙන් ඇදගෙන ඒ මේ අත යාමට සිදුවිය.

එයින් වසර දෙකකටත් අඩු කාලයකට පසුව, ගුවන්ගත කිරීමේ වේදිකාවේ පරීක්ෂණයක්න් අතරතුර ඇපලෝ 1 යානය තුළ පැතිරී ගිය ගින්නකින් තවත් ගගනගාමීන් දෙදෙනෙකු සමඟ වයිට් ඛේදජනක ලෙස මියයයි.

පළමු අභ්‍යවකාශ 'සෙල්ෆිය'

Drama and isolation: The awe-inspiring history of spacewalks

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගගනගාමී බස් ඕල්ඩ්‍රින් දින හතරක Gemini XII මෙහෙයුමේ දී අභ්‍යවකාශ සැරිසැරීමක දී ගත් පළමු ස්වයං ඡායාරූපය ලබා ගත්තේ ය

එඩ්වින් "බස්" ඕල්ඩ්‍රින් වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ සඳ වෙත ගිය ඇපලෝ 11 මෙහෙයුම අතරතුර වෙනත් ලෝකයකට පය තැබූ දෙවන මිනිසා ලෙස ඔහු ලබ ගත් වෙනත් සැරිසැරීම නිසා විය හැකියි. නමුත් අභ්‍යවකාශ ගමනක දී ලබාගත් පළමු "සෙල්ෆියට" ඔහු හිමිකම් කියයි.

1966 නොවැම්බරයේ දින හතරක මෙහෙයුම අතරතුර ඔහු තරුවල ඡායාරූප ගැනීමට සහ උපකරණ පරීක්ෂා කිරීමට හා අත්හදා බැලීමට අභ්‍යවකාශයේ සැරිසැරීම් ගණනාවක් සිදු කළේ ය. එම දියත් කිරීමට පෙර මෙම අභ්‍යවකාශ ඇවිදීම්වලට සූදානම්වීම සඳහා පිහිනුම් තටාකයක් තුළ උදාසීන උඩු තෙරපීම් පුහුණුව භාවිත කළ පළමු ගගනගාමියා බවට ඕල්ඩ්‍රින් පත් විය.

ඔහු පසුව කියා සිටියේ මෙම පුහුණුව, මීට පෙර අභ්‍යවකාශ සැරිසැරීම් අතරතුරදී හමු වූ බොහෝ ගැටළු උපායමාර්ගිකව ජනගැනීමට ඔහුට උපකාරී වූ බවයි. සමස්තයක් වශයෙන් ඔහු පැය 5ක් හා මිනිත්තු 48ක අභ්‍යවකාශ ඇවිදීම් සිදු කළ අතර, එය එකල වාර්තාවකි.

මෙහෙයුමේ දෙවන දිනයේ ඔහුගේ පළමු අභ්‍යවකාශ සැරිසැරීම අවසන් වීමට මොහොතකට පෙර ඕල්ඩ්‍රින් අභ්‍යවකාශ යානයේ දොරටුවේ කෙළවර කැමරාවක් සවිකර එය ඔහු දෙසට හැරවූවේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ උරහිසට ඉහළින් පෘථිවියේ නිල් චක්‍රය සමඟ ඔහුගේ හෙල්මටය තුළ ප්‍රදීප්ත ව ඔහුගේ එක් ඇසක් සහ නළල "සෙල්ෆියේ" පෙනෙයි.

බැඳීමකින් තොරව තනිවම අභ්‍යාවකාශයේ

Awe and danger: The perilous history of spacewalking

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, බෲස් මැකැන්ඩ්ලස් රැඳවුමක ආරක්ෂාව නොමැතිව අභ්‍යවකාශයේ සැරිසැරීමක් සිදු කිරීමෙන් "විශාල පිම්මක්" ගත්තේ ය

බෲස් මැකැන්ඩ්ලස් 1984 දී ඔහුගේ පුරෝගාමී අභ්‍යවකාශ සැරිසැරීම සිදු කරනවිට ගගනගාමීන් වසර 20කට ආසන්න කාලයක් පුරා නිර්භීතව සිය අභ්‍යවකාශ යානයෙන් පිටතට පා තබා තිබුණි. අතීතයේ දී අජටාකාශගාමීහූ සහ ගගනගාමීහූ අභ්‍යවකාශයේ ගැඹුරට පාවී නොයාම සඳහා රැඳවුමක් මඟින් යානය සමග සම්බන්ධ වී සිටිය හ.

මැකැන්ඩ්ලස්ගේ වෙනස වූයේ ඔහු එය රැඳවුමකින් තොරව සිදු කිරීමයි. 2013 දී Gravity චිත්‍රපටය නැරඹූ ඕනෑම කෙනෙකුට සැන්ඩ්‍රා බුලෝක්ගේ රංගනයෙන් මෙය කෙතරම් බිහිසුණු ඉදිරි දර්ශනයක්දැයි වැටහෙණු ඇත.

වාසනාවකට මැකැන්ඩ්ලස් ඔහු තම පිටේ ජොයිස්ටික් මගින් හැසිරවිය හැකි නයිට්‍රජන් වලින් ක්‍රියාත්මක නව උපකරණයක් ගෙන ගියේ ය. ඔහුට ස්ථාවරව සිටීමට සහ අභ්‍යවකාශයේ එහා මෙහා යාමට මිනිසුන්ට ඉඩ සලසන (MMU) එම ඒකකයේ නයිට්‍රජන් ගෑස් තෙරපුම් උපකරණ 24ක් තිබුණි.

1984 පෙබරවාරි 07 STS-41-B අභ්‍යවකාශ ෂටල මෙහෙයුම අතරතුර දී පළමුවරට MMU පරීක්ෂා කරන අතරේ මැකැන්ඩ්ලස් ෂටලයේ සිට මීටර 91ක් (අඩි 300ක්) පාවී ගියේ ය. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ අභ්‍යවකාශයේ කළු පැහැය තුළ තනි රුවක් සහ ඔහුට යටින් පෘථිවි චක්‍රය සමඟ ඔහු Space Shuttle Challenger වෙතින් උපරිම දුරකින් සිටින බවයි.

නීල් ආම්ස්ට්‍රෝංග් සඳ මත සිය ප්‍රථම පියවර තබනවිට පැවසූ වචන සඳහන් කරමින් මැකැන්ඩ්ලස් එකල පැවසුවේ, "එය නීල්ට එක් කුඩා පියවරක් විය හැකියි. නමුත් ඒක මට ලොකු පිම්මක්," ලෙසයි.

අභ්‍යවකාශ යානා මුදාගැනීම

Walking above the air: The spacewalks that made history

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රථම චන්ද්‍රිකා ගලවා ගැනීමේ මෙහෙයුමේ දී කැරකෙන අභ්‍යවකාශ යානයකට විශේෂයෙන් නිර්මාණය කළ (අභ්‍යවකාශ යානා) එකිනෙක සම්බන්ධ කිරීමේ උපාංගයකින් ගගනගාමී ඩේල් ගාඩ්නර් විසින් "විදින" ආකාරය පෙනුණි

MMU සමඟ මැකැන්ඩ්ලස්ගේ සාර්ථකත්වයෙන් පසුව නාසා විසින් මෙම උපාංගය ඉදිරි වැඩ යොදාගන්න ලදි. 1984 නොවැම්බර් මාසයේ දී ප්‍රථම වරට දෝෂ සහිත චන්ද්‍රිකා යුගලයක කක්ෂය නිවැරදි කිරීමට ගගනගාමී ඩේල් ගාඩ්නර් සහ ජෝසප් ඇලන් ව Space Shuttle Discovery වෙතින් පිටත් කරන ලදි. එය අභ්‍යවකාශයේ දී ගලවාගැනීමේ මෙහෙයුමක් කළ පළමු අවස්ථාව වෙයි.

ඔහුගේ පිටේ තිබූ MMU ඒකකය සමඟ, Palapa B-2 සන්නිවේදන චන්ද්‍රිකාව වෙතට මිටර 11ක (අඩි 35ක) පරතරය යාම සඳහා ඇලන් ෂටලයේ දුරස්ථ හැසිරවීමේ අතෙහි සාපේක්ෂ ආරක්ෂාවෙන් මිදුනේ ය. එම වසරේ ම ඊට පෙර සිදු කළ ෂටල මෙහෙයුමක දී එය Westar VI සන්නිවේදන චන්ද්‍රිකාව සමඟ විහිදුවා තිබූ නමුත් එම චන්ද්‍රිකා දෙකට ම නිවැරදි කක්ෂයට ළඟා වීමට නොහැකිව තිබුණි.

ඇලන් සහ ගාඩ්නර් කළ යුතුව තිබුණේ, ඔවුන් සමඟ ගෙන ගිය [අභ්‍යවකාශ යානා] එකිනෙක සම්බන්ධ කරන උපාංගයක් සහිත මෝටර් තුඩක් හරහා මන්දගාමීව කැරකෙන චන්ද්‍රිකාවලට විදීමයි. ඇලන් පළමුව ගොස් විශේෂයෙන් ම සකස් කළ Apogee Kick Motor Capture උපකරණය Palapa B-2 චන්ද්‍රිකාවේ මෝටරයට ඇතුළු කරයි. ඉන්පසු ඔහු චන්ද්‍රිකාවේ කරකැවීම මන්දගාමී කිරීමට MMU ජෙට්ස් යොදාගත්තේ ය. එවිට අසාර්ථක වූ චන්ද්‍රිකාව ඩිස්කවරි කාගෝ බේ වෙත ගෙන යාමට මෙහෙයුම් විශේෂඥ ඇනා ෆිෂර් උදවු කරයි.

From 'space selfies' to close shaves: The 11 spacewalks that made history

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩේල් ගාඩ්නර් සහ ඔහුගේ සගයෝ චන්ද්‍රිකා දෙකක් නැවත ලබා ගැනීමට කක්ෂය තුළ දින තුනක් ගත කළ හ

මීළඟ ප්‍රයත්නය ගාඩ්නර් සහ Westar VI චන්ද්‍රිකාව වූ අතර, එම ක්‍රියාපටිපාටියට අනුවම එය සිදුවෙයි. දෝෂයට ලක් වූ චන්ද්‍රිකා දෙක අභ්‍යවකාශ ෂටල කාගෝ බේ හි ආරක්ෂිතව තැබූ පසු, ගාඩ්නර් "විකිණීමට තිබේ" දැන්වීම් පුවරුවක් අතේ තබාගෙන විනෝදකාමී ඡායාරූපයකට පෙනී සිටීමට මොහොතක් ගත කළේ ය.

මෙහෙයුමේ ගලවාගැනීමේ ස්වභායට අනුව එය පැරණි අංගනයට යොමු විය. ඔවුන්ගේ රක්ෂණ සමාගම් දෙක විසින් චන්ද්‍රිකා දෙක ම නැවත විකිණීමට ගිය අතර, අවසානයේ දී 1990 අප්‍රේල් මාසයේ දී නැවත සකස් කර යළි දියත් කෙරුණි.

ලෝකයේ වඩාත්ම උසකින් සිටින අළුත්වැඩියා කරන්නා

A female astronaut working in space, holding onto a spaceship.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙහෙයුම් විශේෂඥ කැතරින් තෝන්ටන් විසින් හබල් දුරේක්ෂය අළුත්වැඩියා කරන අතරතුර අභ්‍යවකාශ සැරිසැරීමේ වාර්තාවක් පිහිටුවන ලදි

1990 දී කක්ෂයට දියත් කර වසර තුනක කාලය තුළ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය විහිලුවක් බවට පත්විය. ඩොලර් බිලියන 1.5කට වඩා (එකල පවුම් බිලියන 1ක් පමණ ) වියදම් වූව ද, එහි ප්‍රධාන දර්පණයේ ඉතාකුඩා දෝෂයක් නිසා එය අපැහැදිලි ඡායාරූප පෘථිවිය වෙත ලබා දෙමින් තිබුණි.

1993 දෙසැම්බර් මාසයේ දී දුරේක්ෂයේ හදිසි අලුත්වැඩියාවක් සිදු කිරීම සඳහා අභ්‍යවකාශ ෂටල මෙහෙයුමේ ගගනගාමීන් කණ්ඩායමක් පිටත් කර යවන ලදි. එය මෙතෙක් සිදු කළ උත්සහයන් අතරින් වඩාත් අභියෝගාත්මක සහ සංකීර්ණ ම මෙහෙයුම විය.

එක දිගට සිදු කළ අභ්‍යවකාශ ගමන් පහක් අතරතුර දී, අභ්‍යවකාශ දුරේක්ෂයක් පළමු වරට කක්ෂ සේවය මෙහෙයවමින් ගගනගාමීන් කණ්ඩායම් දෙකක් සම්පූර්ණ පැය 35ක් සහ මිනිත්තු 28ක කාලයක් ගත කළ හ. ෂටලයේ භාණ්ඩ අසුරා ඇති ප්‍රදේශයට ඉහළින් මීටර 13ක් දිග (අඩි 43ක්) හබල් දුරේක්ෂය ස්ථානගත කිරීමට එන්ඩෙවර් අභ්‍යවකාශ ෂටලයේ දුරස්ථ හැසිරවීම් හස්තය යොදාගන්නා ලදි.

සූර්යය අරාවන්, ඇතුළුව අත්‍යවශ්‍ය දෘඪාංග අළුත්වැඩියාවට සහ වැඩි දියුණු කිරීමට මෙය ගගනගාමීන්ට ඉඩ ලබා දුන්නේ ය. අළුත්වැඩියා මෙහෙයුම අතරේ දී අභ්‍යවකාශ යානයෙන් පිටත පැය 21 මිනිත්තු 10ක කාලයක් ගත කරමින් මෙහෙයුම් විශේෂඥ කැතරින් තෝන්ටන් විසින් එක්සත් ජනපද කාන්තාවක් වාර්තාකළ අභ්‍යවකාශ සැරිසැරීමේ දීර්ඝතම කාලයට හිමි වාර්තාව පිහිටුවන ලදි. මෙහෙයුම් විශේෂඥ ටොම් ඒකර්ස් ද පැය 29 මිනිත්තු 39ක අභ්‍යවකාශ ඇවිදීමක් සමඟ අභ්‍යවකාශ යානයෙන් පිටටත ක්‍රියාකාරකම්වල (EVA) වාර්තාවක් පිහිටවූයේ ය.

මිත්‍රත්වයේ සැරිසැරීම

An astronaut working in space, holding onto a spaceship.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ නිෂ්පාදිත ඇඳුමකින් අභ්‍යවකාශ සැරිසැරීමකට ගිය පළමු ඇමෙරිකානුවා වූයේ එක්සත්න් ජනපද ගගනගාමී ජෙරී ලිනෙන්ජර් ය

සීතල යුද්ධයේ අවසානය සහ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ඊළඟ වසර කිහිපය තුළ රුසියාව සහ එක්සත් ජනපදය අතර අභ්‍යවකාශයේ සයෝගීතාවය වර්ධනය විය.

1994 සිට 1998 දක්වා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ ෂටල රුසියාවේ මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 10 වතාවක් සංචාරය කළේ ය. එම කාලය තුළ දී ඇමෙරිකානු ගගනගාමීන් හත් දෙනෙක් ඔවුන්ගේ අජටාකාශගාමී සගයන් සමඟ මිර් හි දින 1000කට ආසන්න කාලයක් කක්ෂයේ එකතු වී සිටිමින් වැඩකරමින් ජීවත් වූහ. මිර් හි ජීවත් වූ හතරවන ඇමෙරිකානුවා වූයේ වෛද්‍ය සහ ගගනගාමී ජෙරී ලින්ගර් ය.

ඔහු එහි ගත කළ කාලය පීඩාකාරී එකක් විය. ඔක්සිජන් උත්පාදන පද්ධතිය තුළ ගින්නක් හටගැනීමෙන් පසු අභ්‍යවකාශයේ හටගත් බරපතල ම ගින්නට ඔහු සහ කාර්යයමණ්ඩලයේ තවත් පස් දෙනෙක් මුහුණ දුන් හ. එය පැවතියේ මිනිත්තු කිහිපයක් වුවත් ගින්නෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය දුමෙන් පිරී ගියේ Soyuz ගැලවුම් යානා දෙකෙන් එකකට ප්‍රවේශය අහිමි කරමින් ය.

පසුව, යානා එකිනෙක සම්බන්ධ කිරීමේ උත්සහයක් අතරතුර මිර් හි බඳ සිදුරු කරමින් සහ කක්ෂගත යානයක පැවති පළමු අසම්පිණ්ඩනය ඇති කරමින්, රුසියාවේ Progress M-34 නැවත සැපයුම් යානයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගැටී ඇත. මෙහෙයුම අතරතුර දී අත්‍යවශ්‍ය ආම්පන්න කිහිපයක කොටස්වල අසාර්ථක වීම්වලට ද ඔවුහු මුහුණ දුන් හ.

නමුත් මෙම නාට්‍යට පෙර, රුසියානු අභ්‍යවකාශ ඇඳුමක් ඇඳගෙන එක්සත් ජනපද ගගනගාමියෙකු විසින් සිදු කළ පළමු අභ්‍යවකාශයේ සැරිසැරීම ලෙනෙන්ජර් විසින් සිදු කරන ලදි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටතින් ඔවුන් විසින් විද්‍යාත්මක උපකරණ සවි කිරීමට මිර් 23හි අණදෙන නිලධාරී වසීලි සිබ්ලියෙව් ලිනෙන්ජර් සමඟ සම්බන්ධ වන ආකාරය 1997 අප්‍රේල් 29 දින පැය පහක අභ්‍යවකාශ යානයෙන් පිටත ක්‍රියාකාරකම්වලදී (EVA) දැකගත හැකිවිය.

නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩ නැගීම

An astronaut working in space, alongside a spaceship.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, 1988 දී ගගනගාමී ජෙරී රොස් සහ ඔහුගේ සගයා ජේම්ස් නිව්මන් පාලන මොඩියුලය සහ මොඩියුලය අතර රැහැන් 40ක් සම්බන්ධ කරන ලදි

1988 දී මිනිසුන් විසින් මෙතෙක් ඉදිකළ වටිනා ම ආකෘතියට ඇතැම්ව්ට තරගකරුවෙකු විය හැකි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේ වැඩ ආරම්භ විය. අවසානයේ දී අභ්‍යවකාශයේ ස්ථිර මිනිස් වාසස්ථානයක් ලබා දෙන පළමු මොඩියුල දෙක සම්බන්ධ කිරීමට Endeavour අභ්‍යවකාශ ෂටලයේ සිටි ගගනගාමීන් විසින් දින 12ක මෙහෙයුමක් සිදු කෙරිණි.

2024 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) මොඩියුල 16ක් ලෙස සාඩම්බර ව පවතින අතර එය පාපන්දු පිටියක දිගට සමාන වේ. නමුත් 1998 දී, Zarya පාලන මොඩියුලය සහ එය 12.8-tonne Unity මොඩියුලයට සම්බන්ධ කිරීමට ග්‍රහණය කරගැනීම සඳහා ඔවුන් ෂටලයේ රොබෝ අත භාවිත කළ නිසා ජේම්ස් නිව්මන් සහ ජෙරී රෝස් ගගනගාමීන්ට දීර්ඝ අභ්‍යවකාශ ඇවිදීම් තුනක් කිරීමට සිදුවිය.

එනමුත් එම ක්‍රියාවලිය වැරදීම් වලින් තොර වූයේ නැත. ගගනගාමීන් දෙදෙනා රැහැන් සහ අත්වැල සවිකරනවිට සිරවූ ඇන්ටනා ගලවා රැඳවුම් ඇණ ඉවත් කෙරූ අතර දැන් චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානාවලට තර්ජනයක් වී ඇති වර්ධනයවන "අභ්‍යවකාශ කුණු"වලට එකතු වීමට පාවී යන්නට ගිය තැනුම් අයිතම කිහිපයක් දෙදෙනාට අහිමි විය.

කෙසේනමුත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නිදහසේ පියාසර කිරීමට ඉඩ ලබා දෙමින්, 1998 දෙසැම්බර් 13 වන විට ඔවුන්ගේ වැඩ අවසන් කර Endeavour ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිදහස් කරන ලදි.

වසර දෙකක් ගත වූ තැන සිට, කක්ෂය තුළ අඛණ්ඩ මිනිස් සහභාගීත්වයකට ශක්තිය දෙමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ස්ථීරව ම රැඳී සිටියි.

අභ්‍යවකාශයේ සැරිසැරීම් වාර්තාවක්

An astronaut working in space, holding onto a spaceship.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, දීර්ඝතම තනිව අභ්‍යවකාශයේ සැරිසැරූ වාර්තාවට එක්සත් ජනපද ගගනගාමී සුසාන් හෙල්ම්ස් සමව හිමිකම් කියයි

ඔබේ පාද ශක්තිමත් පෘථිවියේ හොඳින් තබාගෙන සිටිය දී පවා පැය අටක වැඩ කරන දිනයක් දීර්ඝ කාලයක් ලෙස දැනෙයි. එසේනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත පැය 08 මිනිත්තු 56ක් ගත කරමින් 2021 මාර්තු මාසයේ දී ඉතිහාසයේ දීර්ඝතම අභ්‍යවකාශයේ සැරිසැරීමෙන් පසුව එක්සත් ජනපද ගගනගාමී සුසාන් හෙල්ම්ස්ට එය කෙසේ දැනෙන්නට ඇති ද?

ඔවුන් ඔවුන්ගේ වීර අභ්‍යවකාශ සැරිසැරීම සිදු කරන විට, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිටත රසායනාගාර මොඩියුලයක දෘඩාංග ස්ථාපනය කිරීමේ ඉලක්කය ඇය සහ ඇගේ මිත්‍ර ගගනගාමියෙකු වූ ජේම්ස් වෝස් වෙත පැවරී තිබුණි. ඔවුන්ගේ වාර්තාව අදටත් පවතින්නකි.

අභ්‍යවකාශ ශටලයක් යටතේ

A reflection of an astronaut holding a camera and working in space is visible on the visor of their helmet.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, අභ්‍යවකාශ ෂටලයක පළමු කක්ෂගත අළුත්වැඩියාව මෙහෙයුම් විශේෂඥ ස්ටීවන් රොබින්සන් විසින් සිදු කරන ලදි

නැවත ඇතුළු වීමේ දී එය කොටස්වලට කැඩී බිඳී යාම නිසා යාත්‍රාවේ සිටි හත්දෙනාම මිය ගිය Columbia ෂටලය 2003දී ඛේදජනක ලෙස අහිමි වීමෙන් පසු පළමු අභ්‍යවකාශ ෂටල දියත් කිරීම වූයේ 2005 ජුලි මාසයේ දී STS-114 මෙහෙයුමේ ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය පියාසැරියයි.

වායුගෝලයට නැවත ඇතුළුවන අතරතුර අධික උෂ්ණත්වයෙන් ෂටලය ආරක්ෂිතව තබාගැනීමට යාත්‍රාවේ ආරක්ෂිත පියන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කිරීමට සහ ෂටලයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට නාසා ආයතනය වසර තුනකට ආසන්න කාලයක් ගත කළේය.

ඩිස්කවරි දියත් කිරීම අපහසුවෙන් සිදු කළ එකක් විය. අවරෝහණ ගණන් කිරීම අතරතුර ඉන්ධන සංවේදකය ක්‍රියාවිරහිත වීමත් සමඟ පළමු උත්සහය ඉවත දැමුණි. අවසානයේ දී එය වේදිකාවෙන් පිටත් වූ පසු ෂටලයේ තාප පලියට හානි වී ඇත්දැයි අවධානයක් ඇති කරමින් එහි බාහිර ඉන්ධන ටැංකියේ ඉතා කුඩා පුවරු කැබලී පතුරවමින් ඇති පෙණ කොටසක රූපසටහනක් පෙන්වූවේ ය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණි පසු තත්තවය තක්සේරු කිරීමට, අළු සහ තාප ආරක්ෂණ පුවරු දිගේ ඔහුගේ මාර්ගයේ සීරු මාරුවට ගගනගාමී ස්ටීවන් රොබින්සන්ව පිටත් කරන ලදි. ඔහුගේ ඇඟිලි භාවිත කරමින් තාප පළිහ පුවරු දෙකක් අතර නෙරා තිබූ හිඩැස් පිරවුම් දෙකක් එළියට ඇද ගත්තේ ය. එය නැවත පෘථිවියට පැමිණීමට පෙර යානය කක්ෂයක සිටිය දී අභ්‍යවකාශ යානයක සිදු කළ පළමු අළුත්වැඩියාව විය.

කාර්යය සාර්ථක කරමින් ෂටලය 2005 අගෝස්තු 09 දින කැලිෆෝනියාවේ එඩ්වඩ්ස් ගුවන් හමුදා කඳවුරට ආරක්ෂිතව ගොඩ බසින ලදි.

අභ්‍යවකාශයේ ගිලීයාමට ආසන්න වීමක්

එය සාමාන්‍ය අභ්‍යවකාශ යානයෙන් පිටත ක්‍රියාකාරකම් පෙළක් වීමට තිබුණි. නව රුසියානු පර්යේෂණ මොඩියුලයක පැමිණීමට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත පැය හයක් තිස්සේ කේබල් සකස් කර තිබුණි.

නමුත් ඉතාලි ජාතික ගගනගාමියෙකු වන ලූකා පර්මිටානෝ එම කාර්යයේ නියැළී සිටිය දී, අභ්‍යවකාශ ඇවිදීම් ඉතිහාසයේ බරපතලම අත්වැරැද්දේ ආරම්භය සනිටුහන් කරමින් ඔහුගේ හෙල්මටයේ පිටුපස ජලය එකතු වී තිබෙන ආකාරය ඔහු දුටුවේ ය.

2013 ජූලි 16වන දින, "මගේ හිසට පිටුපසින් වතුර ගොඩක්," තිබෙන බව දැනෙන්නේ යැයි පර්මිටානෝ සන්සුන්ව වාර්තා කරන විට අභ්‍යවකාශ යානයෙන් පිටත ක්‍රියාකාරකම් සඳහා ගොස් මිනිත්තු 44ක් පමණ ගත වී තිබුණි. මූලාශ්‍රය හඳුනාගත නොහැකි වූ අතර ඔහු දිගට ම සිය කේබල් මං සැකසුම් කාර්යය සිදු කළේ ය. එම අහඹු අවස්ථාවේ දී එය පැමිණ තිබුණේ ඔහුගේ ඇඳුමේ තිබූ බීම බෑගයකින් වූ අතර, [ජලය] වියලා ගැනීමට ඔහු ඒ සියල්ල පානය කළේ ය.

නමුත් ජලයේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ අතර, ඔහුගේ සන්නිවේදන හිස්වැසුමට ද ජලය ඇතුළු විය. අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සඳහා ගොස් පැයකට වැඩි කාලයක් ගෙවුණු විට ම පර්මිටානෝ සහ මිතුරු මිතුරු ගගනගාමී ක්‍රිස් කැසිඩිට නැවත වායු අගුල තුළට පැමිණෙන ලෙස නියෝග කරමින් මෙහෙයුම් පාලනය විසින් කෙළවර කරන ලදි.

නමුත් පර්මිටානෝ සෙලවුණු විට ඔහුගේ පෙනීම නොපැහැදිලි කරමින් ජලය එහා මෙහා ගිය අතර, නැවත වායු අගුල වෙත යාමට මාර්ගය සොයා ගැනීමට ඔහුට කැසිඩිගෙන් උදවු ඉල්ලා සිටීමට බල කෙරුණි. කැසිඩිව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙනත් කොටසකට සම්බන්ධ කර, ආපසු යාම සඳහා ඔහුට වෙනත් මාර්ගයකින් යාමට සිදුවිය.

කක්ෂයෙහි ශූන්‍යට ආසන්න ගුරුත්වාකර්ෂණ පරිසරයක් තුළ, ඔහු වායු අගුල දෙසට හැරෙනවිට පර්මිටානෝගේ හිස පිටුපස වතුර බුබුල එහා මෙහා ගොස් තිබුණි. එය ඔහුගේ ඇස්, කන් හා නාසය වසා ගත්තේ ය.

ජලය ඔහුගේ සන්නිවේදන පද්ධතිවලට බාධා කිරීමත් සමඟ කන් අවහිර වීම නිසා ඔහුගේ වර්දනය වන පීඩනය ගැන ඔහු කැසිඩි සහ මෙහෙයුම් පරිපාලනය දැනුවත් කිරීමට අරගල කළේ ය.

පසුව ඔහු බීබීසී ලෝක සේවයට පැවසුවේ "යම් මට්ටමක දී අවිඥානිකව ම මම බය වුණා," යනුවෙනි. "ඒ බය පාලනය කරගන්න, ඒ බය පාවිච්චි කරන්න හෝ ඒ බය වෙනත් තැනකට යොමු කරන්න අපිව පුහුණු කරලා තියෙනවා. මම තනිවෙලා, මට පේන්නේ නෑ, මට ඇහෙන්නේ නෑ, ඔවුන්ට මාව ඇහෙන්නේ නෑ සහ මම ඊළඟට ඉක්මනින් ම වාතයේ ගිලිලා යනවා කියන ගැටළුවට අවධානය යොමු කරනවා වෙනුවට මම විසඳුම් ගැන හිතන්න පටන් ගත්තා."

අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට පිටුපසින් ගිය නිසා හදිසියේ ම අඳුරේ ගිලී ගිය සහ බොඳ වූ පෙනීම සමඟ පර්මිටානෝට හැඟුණේ ඔහුගේ ආරක්ෂිත රැඳවුම් ආධාරයෙන් ඔහුව නැවත ඉතා පරිස්සමෙන් වායු අගුල දෙසට යන ආකාරයයි.

An astronaut holding onto a spaceship while performing maintenance.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013 දී අභ්‍යවකාශ යානයෙන් පිටත ක්‍රියාකාරකම් අතරතුර ඔහුගේ හෙල්මටයට වතුර එකතුවීමට පටන් ගත් විට යුරෝපීය ගගනගාමී ලූකා පර්මිටානෝ අනතුරකට මුහුණ පෑමට ආසන්න විය.

වායු අගුල තුළට ගිය විට, කැසිඩි පැමිණෙන තෙක් පර්මිටානෝට මිනිත්තු පහක් වේදනාකාරීව බලා සිටීමට සිදුවිය. දොරටුව වසා දැමීමට මිනිත්තු 10ක් ගතවන අතර, වායු අගුල පීඩනයට ලක් කිරීමට පෙර සහ පර්මිටානෝගේ හෙල්මටය ඉවත් කිරීමට හැකි වීමට තවත් මිනිත්තු 13ක් ගත විය.

ඔහු ඒ තුළ සිටිය දී ජලය ලීටර 1.5ක් (පයින්ට් 2.6ක්) ඔහුගේ හෙල්මටය තුළ පිරී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

"විනාඩි දෙකක් විතර හෝ සමහරවිට විනාඩි දෙකකටත් වඩා මම ගෝල්ඩ් ෆිශ් කෙනෙක්ගේ කෝණයෙන් මාළු ටැංකියක් ඇතුළේ ගෝල්ඩ් ෆිශ් කෙනෙක් වීම කියන එක කොහොමද කියලා අත් වින්දා," පුදුම සහගත ලෙස සිදුවීම සම්බන්ධයෙන් සැහැල්ලු හදවතකින් ආවර්ජනය කරමින් පර්මිටානෝ පසුව මෙසේ පැවසුවේ ය.

පසුව පරීක්ෂණයකින් හඳුනා ගත්තේ පර්මිටානෝගේ පංකා පොම්බ බෙදීමේ අවහිර වීමක් සිසිලන ලූපයේ සිට වාතාශ්‍ර ලූපය තුළට සහ පසුව හෙල්මටයට ජලය කාන්දු වීමට හේතු වූ බවයි.

ඉංජිනේරුවන් විසින් පසුව, එක් දිස් වීමකින් ගගනගාමීන්ට ජල කාන්දුවක් සමඟ කටයුතු කිරීමට සහය වීම සඳහා අභ්‍යවකාශ ඇඳුමේ හෙල්මටයට සහ වාතය සපයන උපකරණයට ජලය අවශෝෂණ පෑඩයක් එක් කරන ලදි.

දැන් Artemis වැඩසටහන සමඟ අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ අදියර දෙස බලා සිටින නාසා පර්මිටානෝ විසින් උගත් පාඩම් සහ ඔහුට පෙර සහ පසුව පැමිණි නිර්භීත අභ්‍යවකාශයේ ක්‍රියාකාරකම්වල නියැළුණු අය ඔවුන්ගේ තීරණ ගැන දැනුම් දීමට උපකාරී වනු ඇත.

අද වන විට, අභ්‍යවකාශයේ "සැරිසැරීමේ" වරප්‍රසාදය ලැබී ඇත්තේ පුද්ගලයින් 260 පමණ වන, ලන්ඩනයේ තනි භූගත දුම්රියක ආසන්න සියල්ල පිරවිය හැකිවීමට යන්තමින් ප්‍රමාණවත් තරම්, පිරිසකට පමණි. එම ලැයිස්තුව වර්ධනය වන විට නිර්භීත ක්‍රියාවන් ද ඉහළ යනු ඇත.