යශෝධරාපුර: ආසියාවේ පෞරාණික අධිරාජ්‍යයක් තුළට කි.මී. 100ක් දුර ගෙවා ගිය අපූරු ගමන

A 100km drive into Asia's ancient empire

ඡායාරූප මූලාශ්‍රය, Alamy

    • Author, රොබින් චෙරී
    • Role, බීබීසී

පෞරාණික පාලම්, අප්‍රකට පන්සල් සහ ඕෆ් රෝඩ් වික්‍රමයන්ගෙන් පිරුණු කාම්බෝජයේ පෙරදිග රාජකීය මාර්ගය (East Royal Road) කීර්තිමත් කමේර් අධිරාජ්‍යයට (Khmer Empire) අනන්‍ය වූ පැතිකඩක් හෙළිදරව් කරයි.

මගේ උපන් දිනය දා උදෑසන මම මිනිවෑන් රථයකින් පිටත් වී, අවසානයේ මා මීට පෙර හමු නොවූ කාම්බෝජියානු මිනිසෙකු තදින් අල්ලාගෙන ඕෆ් රෝඩ් යතුරු පැදියක පිටුපස නැගී ගියෙමි.

ජැකී කෙනඩිගේ 1967 වසරේදී මෙහි කළ සංචාරය අතරතුර කරන ලද දේවල් ලෙස මා විසින් මවාගනු ලැබූ ආකාරයට උදෑසන 07.00ට යශෝධරාපුර නමින් ද හැඳින්වෙන ඩි'ඇන්කෝර්හි රැෆල්ස් ග්‍රෑන්ඩ් හොටලයේ යකඩින් නිමවන ලද සෝපානයෙන් පහළට ගොස් ආසියානු සංචාර හසුරුවන්නා හරහා මාගේ මාර්ගෝපදේශකයා වන පේක්ඩේ "ඩේ" සියැං මුණගැසුණෙමි. මා සියම් රියප් වෙත පැමිණියේ ඇන්කෝර් වත්, බෙන්ග් මෙලීයා, සහ ප්‍රියා ඛාන් කොම්පොන්ග් ස්වේ යන ස්ථානවල පෞරාණික පන්සල් සම්බන්ධ කරන කිලෝමීටර් 100ක ගමන් පථයක් වන පෙරදිග රාජකීය මාවත ගවේෂණය කිරීමට යි. ක්‍රි.ව. 802-1431 දක්වා අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළ කමේර් අධිරාජ්‍යය, එහි විහාරස්ථාන සඳහා ප්‍රසිද්ධියක් උසුළන නමුත්, එහි බොහෝ බලය ලැබුණේ එහි ඓතිහාසික අගනුවර වන ඇන්කෝර් සිට වර්තමානයේ තායිලන්තය, වියට්නායම, ලාඕසය සහ මියන්මාරය ලෙස සැලකෙන රාජධානි ප්‍රදේශ දක්වා විහිදුණු කිලෝමීටර් 3,000ක මාර්ග පද්ධතියෙනි.

දි ඕපන් රෝඩ්

දි ඕපන් රෝඩ් යනු ලෝකයේ වඩාත් ම කැපී පෙනෙන මහාමාර්ග සහ අතුරු මාර්ග පද්ධතියක් වන අතර, ශ්‍රේෂ්ඨතම සංචාර වික්‍රමයන් රෝද මතින් සිදුවන බව සිහිගන්වන්නකි.

එහි පළාත්, නගර හා අගනුවර සමග සම්බන්ධ වූ මාර්ග 5ක් ඇති අතර, පෙරදිග මාවතේ ඇත්තේ නොබිඳුණු කමේර්, යටිතල ව්‍යුහවල විශාල එකතුවක් (පාලම්, පොකුණු, බැමි සහ වේලි ඇතුළුව) පමණක් නොව වන්දනාකරුවන්ට ආහාර ගැනීමට, ආගමික වතාවත් කිරීමට සහ නිදා ගැනීමට හැකි, අනෙක් මාර්ගවලින් සොයා ගත නොහැකි ගිමන් නිවන විහාරස්ථාන ද තිබේ. මෙම මාර්ගය කමේර් විහාරස්ථාන ගොඩනැගීමට යොදා ගත් පාෂාණ සහ ඔවුන් ආරක්ෂා කිරීමට ආයුධ නිපදවීමේ කර්මාන්තයට යොදා ගත් යකඩ ප්‍රවාහනය සඳහා ද යොදාගෙන ඇත. කමෙර් [අධිරාජ්‍ය] ඔවුන්ගේ නවීන වාරි පද්ධති සඳහා ප්‍රසිද්ධ අතර, මාර්ගය ගංගා සහ දොළවල්වලින් එතෙර වීමට තවමත් භාවිත කරන බහුතරයක් ඓතිහාසික කබොක් පාලම් සමග මාර්ගය පෙළගැසී තිබේ.

මෙම මාර්ගය ඕෆ් රෝඩ් යතුරු පැදිකරුවන් සහ පන්සල්වලට ලැදිකමක් දක්වන්නන්ට සම්භාවනීය මාර්ග චාරිකාවක් ලෙස සැලකෙන අතර, මා පැමිණීමට ඉතා ම ආසන්නයේදී අගමැති හුන් මනේ විසින් යුනෙස්කෝ ලෝක උරුමවලට ඇතුළත් කිරීම සඳහා බෙන්ග් මෙලීයා සහ ප්‍රියා ඛාන් යෝජනා කරන ලදී. ඉදිරි වසරවලදී මෙම ස්ථානවලට ඇති විය හැකි උනන්දුව නිසා ඒවා තවමත් අවධානය අඩු තත්ත්වයක පැවතියදී දැක ගැනීමට මා හට අවශ්‍ය විය.

Kampong Kdei bridge

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, කොම්පොං දේයි පාලම වසර 900ක් පමණ පැරණි අතර කමෙර් අධිරාජ්‍යයේ විශිෂ්ටතම පාලකයා වූ හත් වන ජයවර්මන් විසින් කරවන ලද්දකි.

එහි එක් ප්‍රශ්නයක් පමණක් තිබිණි: උෂ්ණත්වය දරුණු විය. අප්‍රේල් මාසයේදී එහි උෂ්ණත්වය අතිශයින් ඉහළ යන හෙයින් සංචාරකයන්ට උපදෙස් දී ඇත්තේ, එම කාලය තුළ සියම් රියප් වෙත නොපැමිණෙන ලෙස ය. මෙම විශේෂ සතියේ 1 සිට 11 දක්වා පාරජම්බුල කිරණ පරිමාපකයේ අගය 12ක් ලෙස පැවති අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා උපරිමයකට ළඟා වූ උණුසුමක් ඇති වී තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඩේගේ සැලසුම වූයේ පළමුව ප්‍රියා ඛාන් වෙත ගොස් සියම් රියප් වෙත නැවත පැමිණීමට පෙර බෙන්ග් මලීයා වෙත ගොස්, ඇන්කෝර් කරා තවත් දවසක පිටත් වීමට ය. පෞරාණික මැටියෙන් තැනූ මාර්ගයේ (දැන් පුළුල් ලෙස තාර දමා සකස් කර ඇති මහාමාර්ග අංක 6) සියම් රියප් පිටත් වෙද්දී අපගේ පළමු නැවතුම වූ කොම්පොං දේයි, ශ්‍රේෂ්ඨතම සහ වඩාත් අපේක්ෂාසහගත කමෙර් පාලකයා වූ හත් වන ජයවර්මන්ගේ කාලයේ, එනම්, 12 වන සියවසේ ඉදි කළ ආරුක්කු 21කින් ආධාර වී ඇති මීටර 86ක් දිග පාලමකි. කාම්බෝජියානු රියල් 5,000 බැංකු නෝට්ටුවේ ඇති මලකඩ පැහැති පාලමේ, කමෙර් කලාකෘතිවල නිරන්තරයෙන් හමුවන ජලය සහ සශ්‍රීකත්වය නියෝජනය කරන අර්ධ මනුෂ්‍ය, අර්ධ සර්ප මිථ්‍යා සත්වයා: පෙණ නවයක් ඇති නාගයෙකුගේ රුව කැටයම් කළ ආකර්ෂණීය කොරවක්ගලක් තිබේ.

"නොමිලේ මසාජ් දෙන පාරට පිළිගන්නවා" යැයි ඩේ පැවසුවේ අප සමතුලිත නොවූ අපිරිසිදු මාර්ගයකට හැරෙන විට යි. දෙවන මහලේ ජනේලයකින් එක දිගට මා බිම හෙළන්නාක් මෙන් දැනුණු නිසා ඔහු ලබා ගන්නා සම්බාහනය කුමන ආකාරයේ එකක්දැයි මම පුදුම වූයෙමි. ප්‍රියා ඛාන් සිට පැයක පමණ තවත් දුරකින්, දැන් මහා මාර්ගයෙන් ඉවත් වී ගමන් කරන විට කාම්බෝජයේ වඩාත් ගම්බද දර්ශනයක් මතු විය. සිමෙන්ති නිවාස වෙනුවට කණු මත සැකසූ ලීයෙන් තැනූ නිවාස ආදේශ වී තිබිණි. කුඩා වසු පැටවෙකු සහ උගේ මව දූවිලි පිරුණු මාර්ගය පුරා පැද්දි පැද්දී ගමන් කළ අතර, නිරුවත් ළදරුවෝ කර්කෂ නිවාසවල සිට සිනාසීමට සහ අත වැනීමට විරාමයක් ගත් හ.

අප ප්‍රියා ඛාන් වෙත පැමිණෙන විට ඇටකටු ඇඹරී තිබිණි. දිනකට සංචාරකයන් දහස් ගණනක් පිළිගන්නා අන්කෝර් වත් මෙන් නොව ප්‍රියා ඛාන් වෙත පැමිණීමට හැකි වන්නේ, සංචාරයකන් කිහිප දෙනෙකුට පමණක් වන අතර, මමත් තවත් සංචාරකයෙකුත් එකිනෙකා පසුකර යාමේදී එකිනෙකා සමග සිනාසීමේදී මට හැඟුණේ අප රහසක් දරා සිටින බව ය.

Beng Mealea Temple

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙන්ග් මලීයා පෙරදිග රාජකීය මාවතට සම්බන්ධ වී ඇති කැළය තුළ ඇති සැඟවුණු පන්සලකි.

මෙය 19 වන සියවසේදී ප්‍රංශ ගවේෂකයන් විසින් කොල්ල කන ලද සහ 20 වන සියවසේදී ප්‍රාදේශිකයින් කොල්ල කා ඇති, අධිරාජ්‍යයේ වැඩිපුර ම කොල්ල කෑමට ලක්වූ විහාරස්ථානය මෙය බව ඩේ පැහැදිලි කළේ ය. විහාරස්ථානයේ ඇතැම් තැන් විශාල ජෙංගා ක්‍රීඩාවක ලී කැබලි මෙන් දිස් වූ නමුත් එය ගලින් තැනූ ඔළු තුනේ හංසයන්, ගුරුලන් (දිව්‍යමය පක්ෂීන්), අලින් සහ නාග කැටයම්වලින් පිරුණු ගබඩාවක් විය. සෑම ප්‍රධාන දිශාවකට ම මුහුණ ලා සිටින සිනාසෙන බුදුවරුන් හතර දෙනෙකු නෙළා ඇති මීටර 9.5ක් උස ප්‍රතිමාවක් වන ප්‍රියා චත්මුක් අසල අපි නැවතුණෙමු. ශාන්ත බවේ උත්කෘෂ්ට බැල්ම, ගුප්ත මුහුණු කැටයම් කර ඇති දැවැන්ත ගල් කුලුනු මා තුළ විස්මයක් ඇති කළ අතර, අනෙකුත් සංචාරකයන් විසින් ඒවා "අග්නිදිග ආසියාවේ මොනාලිසා" ලෙස හඳුවන්නේ ඇයි දැයි මට දැක ගැනීමට හැකි විය.

අතු පැලක තිබූ දේශීය අවන්හලක් තුළ බත් සහ කරවල සමග ගත් දිවා ආහාරය රසවත් විය. ප්‍රියා ඛාන් සිට ක්වාව් ගම්මානය දක්වා මාර්ගය තරණය කළ හැක්කේ, ඕෆ් රෝඩ් මෝටර් සයිකලයකින් සහ ගොන් කරත්තයකින් පමණක් බව පැහැදිලි කිරීමට පෙර "මේ දුර ප්‍රමාණය ඩර්ට් බයික් ලෙස හැඳින්වෙන යතුරු පැදියක යාම වඩා හොඳ," බව ඩේ පැවසුවේ ය. වාසනාවකට ඔහු එවෙලේ දැන ගත්තේ මිනිසුන් දෙදෙනෙකු අප රැගෙන යාමට කැමති වී සිටි බව ය. සංඛ්‍යානමය ප්‍රකාශ කිරීමක් ලෙස ඔබගේ උපන් දිනය දා හෝ ආසන්න දිනයකදී ඔබ මිය යාමේ අවදානම ඉහළ බව කියවෙන "උපන් දින ප්‍රතිවිපාකය" ගැන මම සිතුවෙමි. උණුසුම් කාලගුණයක ගොන් කරත්තවල රෝදවලින් හෑරුණු දූවිලි පිරුණු පාරක ඕෆ් රෝඩ් මෝටර් බයිසිකලයක පිටුපස වාඩි වී යාම මගේ ප්‍රශ්නවලට කිසිසේත් ම විසඳුමක් නොවනු ඇත.

මගේ ඕෆ් රෝඩ් යතුරු පැදියේ රියැදුරා වූ චීට්, මා ඔහුගේ බයිසිකලයේ පිටුපසට අපහසුවෙන් නැග අත්වැල තදින් අල්ලා ගන්නා විට සැලකිලිමත් ව බැලුවේ ය. තරමක් බැරෑරුම් ලෙස සිටි ඩේ දඟකාර ලෙස දත නියෙව්වේ ය. එන්ජිම කුචු කුචු ගෑමට පටන් ගත් අතර අපි පිටත් වූයෙමු. වනාන්තරය හරහා ඇළ වී ගමන් කරමින් අපි අගල්, අතු පහතින් එල්ලෙන ගස් මග හරිමින් ගියෙමු. කලාතුරකින් දකින නටබුන් බලමින් වනාන්තර, කුඹුරු, මැටිවලින් සැකසූ මාර්ගවල ඉඳහිට යන ට්‍රැක්ටර් පසු කරමින් ප්‍රමෝදයකින් යුතුව අපි ශබ්ද නගාගෙන ගමන් කළෙමු.

ප්‍රියා ඛාන් සිට බෙන්ග් මෙලීයා දක්වා මාර්ගය "ගිනිහල්" ලෙස හඳුන්වන විවේක ගැනීමට නැවතිය හැකි ස්ථානවලින් සහ තරමක් විශාල විවේක ගැනීමේ පන්සල්වලින් සමන්විත වේ. මෙම නැවතුම් ස්ථාන ආගමික වූවා ද, අනාගමික වූවා ද, එසේත් නැතිනම් මේ දෙක ම වූවා ද යන ඒවායින් කිසිවකට ඉතිහාසඥයන් එකඟ නොවන අතර, ඒවාට ළඟා වීමට ඇති අපහසුතාව නිසා අද දක්වා සිදු කර ඇත්තේ, සුළු අධ්‍යනයන් ය.

Cambodia

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන ඇන්කෝර් වත් මෙන් නොව, ප්‍රියා ඛාන් බොහෝ සෙයින් නිහඬ ය.

සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන ඇන්කෝර් වත් මෙන් නොව, ප්‍රියා ඛාන් බොහෝ සෙයින් නිහඬ ය. ගැලරි දෙකකින් වට වූ මැද ශාලාවකට යන දැවැන්ත ගේට්ටුවක් සමග ඇති තාප්පයක් වන, සියලු තානායම්වල මෝස්තර විදහා දක්වන සොපීප් බොන්ග්හි අපි නතර වූයෙමු. ඇද වී තිබුණු ජනේලයකින් පටු කාමරයක් තුළට එබී බැලූ විට, පැරණි සංචාරකයන් සහ වන්දනාකරුවන් පුළුල් කමේර් අධිරාජ්‍යය හරහා ඔවුන්ගේ දීර්ඝ චාරිකාවල සිට තාවකාලික සහනයක් සෙවූ ආකාරය මම සිතින් මවා ගත්තෙමි. සාමාන්‍ය කමේර් සංචාරකයෙකු දිනකට කිලෝමීටර 30ක් ආවරණය කරන්නේ යැයි විශ්වාස කළ නිසා මෙම ගිමන්හල්, දහවල් සහ සවස නැවතුම් සඳහා කිලෝමීටර් 15ක දුරින් ස්ථානගත කෙරිණි.

තවත් ගිමන්හලක් වන ප්‍රසාත් ප්‍රාම් බොහෝ වැල් ජාලාවකින් එතුණු පාෂාණවලින් සමන්විත වන නමුත්, කමේර් ජනේල වැස්ම ලෙස වැඩ කළ කැටයම් කුලුනු වෙන්වූ ජනේලයෙන් පෙන්වයි. මම උෂ්ණත්වයට ශාප කරමින් සිටිය දී තෙත් ගොන් කරත්තවල රෝදවලින් හෑරුණු වළවල් හරහා යාත්‍රා කිරීමට සිදුවන්නට තිබූ නිසා පාර වියළි ව තිබීම ගැන මම කෘතඥ වූයෙමි. අප ඉවතට පැද යාමට පෙර මා ඩේගෙන් ඇසුවේ අප කිසිදු ගොන් කරත්තයක් නොදැක්කේ මන්දැයි කියා ය. "හරකුන්ට මේ රස්නය වැඩි යි," ඔහු පිළිතුරු දුන්නේ ය.

බයිසිකලයට නැග මම චීට්ගේ උරහිස්වලින් අල්ලා ගත්තෙමි. "තව පන්සලක්," ඩේ පැවසුවේ ය. මිනිත්තු 20කට පසු හුස්ම ගැනීමට විරාමයක් ගැනීමටත් පෙර ගරා වැටුණු ප්‍රසාද් ටා එන් සිද්ධස්ථානයේ කබොක් ගල් මතින් මම අපහසුවෙන් යමින් සිටියෙමි. සියල්ල අවසානයේ මෙය විවේක නැවතුමක් විය. වන උඩුවියනට ඉහළින් හිරු එබී බලන විට කොළ සෙලවුණු අතර මම ගස්වල පැළෑටිමය සුවඳ ආශ්වාස කළෙමි. මිනිස් වාසයකින් තොරව, මෙම ස්ථානය මතකයෙන් මැකී යනු ඇත. උඩට නෙරා ඇති ගල් කැබලි කිහිපයක් හැරුණු විට, සොබාදහමේ ගොඩකිරීම බොහෝ දුරට අවසන් වී තිබේ.

ඉන්පසුව අපි අපගේ අවසාන පාලම වන රෝදවලින් හෑරුණු පාරවල්වල සිට නිස්කලංක පිළිගැනීමක් පිරිනමන ස්පියන් ටා ඔං වෙත පැමිණියෙමු. විශේෂයෙන් ම එහි සන්ධ්‍යා එළියෙන් පිළිස්සුණු දුඹුරු පැහැ වර්ණයෙන් දිළිසෙන නාග කොරවක්ගල් සමගින් මීටර 70කට වඩා දිග අලංකෘත කැටයම් කර ඇති පාලමේ සුන්දරත්වය සිත් ඇදගන්නාසුලු ය.

Prasat Pram is a vine-strangled resthouse

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, Prasat Pram is a vine-strangled resthouse found along the East Royal Road (Credit: Alamy)ප්‍රසාත් ප්‍රාම්, පෙරදිග රාජකීය මාවත සමග සොයාගත් වැල්වලින් වැසුණු ගිමන්හලකි.

ක්වාව් වෙත පැමිණීමෙන් පසු කිලෝමීටර් 30ක මගේ ඕෆ් රෝඩ් යතුරු පැදි චාරිකාව අවසන් විය. මම චීට්ට සමුගැනීමේ ආචාර සිදු කර ඩේ සමග නැවත මගේ වායුසමනය කළ රථයට නැග ගත්තෙමි. අප සිටියේ තවත් මිනිත්තු 15කින් වසා දමන බෙන්ග් මෙලීයා සිට කිලෝමීටර 20ක දුරකිනි. අප ප්‍රමාද වී පිටත් වුවත්, පසු පැයේ බියර් එකක් රසවිඳිමින් සිටි මාර්ගෝපදේශකයාට ඩේ විසින් ඇමෙරිකානු ඩොලර් 5ක් ලබා දීමෙන් පසු බෙන්ග් මලීයා වෙත පිවිස විවේක ගත්තෙමු.

අන්කෝර් වත් ගොඩනැගූ කාලයේ ම ගොඩනැගූ බෙන්ග් මලීයා කමේර් අධිරාජ්‍යයේ අගනගරය වූ අන්කෝර් වත් නගරයේ මූලාකෘතියක් බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. එහි විහාරස්ථානය අද්භූත, ශෘංගාරාත්මක සහ මිනිසුන්ගේ බලපෑමකට ලක් නොවූ ස්ථානයකි. තර්ජනාත්මක නුග ගස් පාතාල ලෝකය තුළ ඔවුන්ට හිමි නියම ස්ථානය ලබා ගැනීම සඳහා පෘථිවිය තුළට යාමට උත්සහ කරන ආකාරයක් පෙනෙන අතර, ශෛලමය නටබුන් වැළඳගෙන සිටින ඉඹුල් ගස්වල මුල් විහාර භූමිය පුරා යෝධ කටුස්සෙකුගේ කෑදර නියපොතු ලෙස දිස්විය.

සංකීර්ණ කැටයම්වලින් සරසා ඇති විශාල වැලිගල් කුට්ටි ගොඩවල් බිම පුරා විසිරී ඇත. අපි නටඹුන් හරහා දැවමය සර්පිලාකාර මාර්ගයක ගමන් කළෙමු. (එය 2004 දී ගයි පියර්ස් රඟපෑ Two Brothers චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඉදිකරන ලද්දකි). තාප්පයක් මත සුන්බුන් අතර, පාසිවලින් වැසී ගිය විශිෂ්ට කලා කෘතියක් විය: එය, ක්ෂීර සාගරයේ ගිලීම, අමරණීයත්වයේ අමෘතය සඳහා දෙවිවරුන් සහ භූතයන් අතර කඹ ඇදීමක් නිරූපණය කරන හින්දු පුරාවෘත්තයක දර්ශනයකි.

පැයකට පසු, අපි නැවත සියම් රීප් වෙත පැමිණ, ආසියානු කාර්යාල අසල නතර වූ අතර, කිළිටි තත්ත්වයේ සිටියදී ම, මම සියම් රීප්ගේ කාන්තා මාර්ගෝපදේශකයින් කිහිප දෙනාගෙන් කෙනෙකු වන සයිලන් ටෘයි සමග කතාබස් කළෙමි. ඇය මගේ මග පෙන්වන්නා නොවූයේ මන්දැයි මම ඇගෙන් විමසූ විට, ඇය සිනාසෙමින් පැවසුවේ, "ඩර්ට් බයික් එක. ඒ මිනිස්සුන්ගේ දේවල්" කියාය.

පැයකට පසු, අපි නැවතත් සියම් රියප් වෙත පැමිණ මම මඩ නා සිටින තත්ත්වයේ සිටියදී ම ඒෂියා වෙයා කාර්යාලවල නැවතී සියම් රියප් හි කාන්තා මාර්ගෝපදේශකයන් කිහිපදෙනාගෙන් එක් අයෙකු වන සයිලන් ටෘයි සමඟ කතා කළෙමි. ඇය මගේ මාර්ගෝපදේශකයා නොවූයේ මන්දැයි මම ඇගෙන් විමසූ විට ඇය සිනාසෙමින් කීවේ, "ඕෆ් රෝඩ් යතුරු පැදිය. ඒක පිරිමින්ගේ දෙයක්," යනුවෙනි.

මම රැෆල්ස් වෙත නැවත පැමිණියේ ජැකී කෙනඩිටත් වඩා බෙයාර් ග්‍රිල්ස් ලෙස ය. (ඇමෙරිකානු වික්‍රමාන්විත ක්‍රියා කරන පුද්ගලයෙකි.) මගේ කොණ්ඩයෙන් ගස්වල කටු මතු වී තිබිණි; මගේ කණ්ණාඩි පැළඳ සිටි තැන්වල අපිරිසිදු රේඛා සහ මගේ මේස් ගලවන විට මගේ අළුපාට යටි පතුල් දෙකට ම වඩා මගේ පාද වර්ණ ප්‍රභේද 12කින් සමන්විත විය. එය මගේ හොඳ ම උපන් දින සැමරුම විය.