ඇටකාමා: මලින් වැසී ගිය කාන්තාරය
ඇටකාමා: මලින් වැසී ගිය කාන්තාරය
චිලිහි ඇටකාමා කාන්තාරය, පෘථිවියේ වියළිම ස්ථානය ලෙස සැලකෙයි, මෑතකදී ඇතිවූ වර්ෂාවෙන් පසු සුදු සහ දම් පැහැති මල් වලින් වැලිකඳු වැසී ඇත.
"මල් පිපෙන කාන්තාරය" ලෙස නම් කර ඇති ඇටකාමා සෑම වසර පහකට හෝ හතකට වරක් මෙම සංසිද්ධිය අත්විඳින්නේ අධික වර්ෂාව නිසා වැළලී ගිය බීජ පැළවූ විටය.
එල් නිනෝ ලෙස හැඳින්වෙන කාලගුණ සංසිද්ධිය නිසා මෙම තද වර්ෂාව ඇති වන බවට විශ්වාස කෙරේ.







