ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සහල් පාලන මිල : 'සිල්ලර මුදලාලිලාට දඩ ගැහුවට ලොකු මෝල් හිමියන්ට දඩ ගහන්න නීතියක් නෑ'
පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන සිල්ලර වෙළඳුන්ට දඩ පැනවීමට බලය තිබුණ ද මහා පරිමාණ මෝල් හිමියන් වැඩි මිලට සහල් අලෙවි කිරීමේ දී නීතිමය පියවරක් ගැනීමේ හැකියාවක් නැතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
''2003 පනත අනුව නීතිපතිතුමාගෙන් උපදෙස් ගත්තා. මහා පරිමාණ මෝල් හිමියන් වැටලීමට හෝ නඩු පැවරීමට අපට බලයක් නැහැයි කියලා දැනුම් දීලා තියෙනවා. අධිකරණයටත් ඒකට බලයක් නෑ. මේ පනත සංශෝධනය කරනකොට අපි ඒ බලය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා'' යනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.
සහල් සඳහා පාලන මිල දක්වමින් 2022 මැයි 02 දින 2278/2 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නමුත් මහා පරිමාණ මෝල් හිමියන් පාලන මිලට වඩා වැඩි මුදලකට සහල් තොග නිකුත් කිරීම නිසා වෙළඳපොලේ පාලන මිලට සහල් අලෙවි නොවේ.
නමුත් 2024 සැප්තැම්බර් 28 සිට පාලන මිලට සහල් අලෙවි කරන බව මහා පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් ඩඩ්ලි සිරිසේන ප්‍රකාශයක් නිකුත් කළේය.
ඔහු එලෙස පැවසුව ද පාලන මිලට අලෙවි කළ හැකි මුදලකට සහල් නොලැබෙන බව සිල්ලර වෙළෙන්දෝ පවසති.