රෝහින්ග්‍යා සරණාගතයින් පිටුවහල් නොකරන්නැයි ඉල්ලා කොළඹ සහ මුලතිව්හි විරෝධතා

මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණගතයින් මෙරටින් පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අද (ජනවාරි 10) කොළඹදී විරෝධතාවක් පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින් රටින් පිටුවහල් නොකරන්නැයි බල කරමින් කොළඹදී සහ මුලතිව්හිදී විරෝධතා පැවැත්විණි.

මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින් මෙරටින් පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අද (ජනවාරි 10) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවට සිවිල් සංවිධාන නියෝජිතයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

රෝහින්ග්‍යා සරණාගතයින් දැනට රඳවා සිටින මුලතිව් ගුවන් හමුදා කඳවුරින් ඉවත් කර ඔවුන්ට ආරක්ෂිත ස්ථානයක් ලබා දෙන ලෙස විරෝධාතාකරුවන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලදී.

රෝහින්ග්‍යා සරණාගතයින් නැවත මියන්මාරයට පිටුවහල් නොකරන ලෙසට හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ අදාළ පිරිසට සළකන ලෙසට ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටද (ජනවාරි 09 වැනිදා) විරෝධතාවයක් පැවැත්විණ.
ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (ජනවාරි 09 වන දා) පැවති විරෝධතාව

මේ අතර, රෝහින්ග්‍යා සරණාගතයින් නැවත මියන්මාරයට පිටුවහල් නොකරන ලෙසට හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ අදාළ පිරිසට සලකන ලෙසට බල කරමින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ද (ජනවාරි 09 වන දා) විරෝධතාවක් පැවැත්විණි.

මානව හිමිකම් සංවිධාන හා කාන්තා සංවිධාන නියෝජතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සරණාගතයින්ගේ තෝතැන්නක් බවට පත්වනවාට තමන් අකමැති නමුත් දැනට සරණාගත තත්ත්වයේ සිටින පිරිස් වෙත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා සරණාගත නීතිය අනුව කටයුතු කළ යුතු බවට ඔවූහූ ඉල්ලා සිටියහ.

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් ජනපතිගෙන් කළ ඉල්ලීම්

මෙරට වෙරළ තීරයට බෝට්ටුවකින් පැමිණ දැනට මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කරනු ලැබ ඇත.

මෙම සරණාගතයින් යුද ගැටුම් පවතින මියන්මාරයට යළි පිටුවහල් නොකරන ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

රිෂාඩ් බදියුදීන් ඉල්ලීම් කර ඇත්තේ, අදාළ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා සරණාගත නීතිය අනුව කටයුතු කරන ලෙස ය.

මෙම පිරිස සිරකරුවන් ලෙස නොසිතා කටයුතු කරන ලෙසත් සරණාගතයින් ලෙස සලකා කටයුතු කරන ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ඉකුත් දෙසැම්බර් 19 වන දා පුද්ගලයින් 115 දෙනෙකු රැගත් මෙම බෝට්ටුව ළඟා වී තිබිණි.

නාවික හමුදාව විසින් අදාළ බෝට්ටුව ත්‍රිකුණාමලය වෙත රැගෙන යනු ලැබීමෙන් අනතුරුව අධිකරණ නියෝග යටතේ පුද්ගලයින් 103 දෙනෙකු දෙසැම්බර් 23 වන දා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි.

අදාළ පිරිස මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසට මීට පෙර අධිකරණය නියෝග කළත් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට තීරණය විය.

අධිකරණ නියෝග යටතේ රඳවා සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවන ලෙසට අධිකරණය නියෝග කර තිබිණි.
ඒ අනුව ඔවුන් 12 දෙනාද ජනවාරි 7 වැනිදා මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ.
ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ නියෝග යටතේ රඳවා සිටි බෝට්ටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනා ජනවාරි 7 වන දා මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබූහ.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමේ වරදට අත්අඩංගුවට ගත් මියන්මාර සරණාගයින් රැගත් යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණි.

මෙම කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙසට අධිකරණය නියෝග කළේ ය.

ඒ අනුව, ඔවුන් 12 දෙනා ද මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ.

මියන්මාර ජාතිකයින් රැගත් මෙම යාත්‍රාවේ දරුවන් 45 දෙනෙක්, කාන්තාවන් 24 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 46 දෙනෙක් සිටියහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අපි ඒ අයට කෑම යි, වතුර යි දුන්නා.''

'අපි පුළුවන් විදිහට ඒ අයට කෑම යි වතුර යි දුන්නා'

මුල්ලිවයික්කාල් ධීවර සමිතියේ සභාපති ආරුමුගන් ශිවනේශ්වරම් බීබීසී සිංහල වෙත පැවසුවේ, (දෙසැ: 19) අලුයම ධීවර රැකියාව සඳහා යාමට සූදානම් වෙමින් සිටි ධීවරයින් පිරිසක් මෙම බෝට්ටුව දැක තිබූ බව ය.

"උදේ අපි මුහුදු යන්න සූදානම් වෙමින් හිටියා. ඒ වෙලාවේ මේ බෝට්ටුව වෙරළට ගහගෙන ආවා. අපේ ධීවරයෝ ගිහින් බලද්දී බෝට්ටුවේ අය හාමත්ව, අසරණ වෙලා ඉන්නවා දැකලා තියෙනවා. මේ ගැන අපි රජයේ බලධාරීන් සහ ආරක්ෂක අංශ දැනුවත් කළා. දැන් ඒ අයත් මෙතැනට ඇවිල්ලා ඉන්නවා. අපි පුළුවන් විදිහට ඒ අයට කෑම යි, වතුර යි දුන්නා," ඔහු පැවසුවේ ය.

මේ අතර, සරණාගතයින් රැගත් යාත්‍රාව අසලට ගිය මුලතිව් ධීවරයින් දෙදෙනෙකු ද බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, යාත්‍රාව තුළ සිටි ඇතැම් පුද්ගලයින් වැටී සිටි අයුරු දුටු බව ය.