සුපිරි වෙළෙඳ සලක දී කාන්තාවකට පහරදීම: සොරකමක දී කළ යුත්තේ කුමක් ද?

Woman Stealing In Supermarket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බොරැල්ලේ සුපිරි වෙළෙඳ සලක දී කාන්තාවකට පහරදීමේ සිද්ධිය සමාජ මාධ්‍ය හරහා සමාජගතවීමත් සමග, පාරිභෝගික සේවා ස්ථානයක දී ගැටළුවක් මතුවුවහොත් එහි සේවකයින් හෝ හිමිකරුවන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පුළුල් ලෙස ප්‍රශ්න කිරීමක් මේ වන විට දැකිය හැකි ය.

අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ සුපිරි වෙළෙඳ සලේ සේවක සේවිකාවන් හත්දෙනෙක් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත සඳුදා (සැප්: 25) මුදාහරිනු ලැබූහ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය දුන් නියෝගයක් අනුව එසේ සිදුකෙරිණි.

මේ අතර, ප්‍රහාරයට ලක්වූ කාන්තාව "අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු වන" අතර, "මීට පෙර ද විවිධ සොරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකු" බව පොලීසිය පැවසුවේ ය.

සමාජ මාධ්‍ය හරහා නැගුණු විරෝධය

සුපිරි වෙළෙඳ සල තුළ දී කාන්තාවකට පහරදීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග, සිදුවීමට දැඩි විරෝධයක් එල්ලවිය.

බොහෝ දෙනෙකු අදාළ සුපිරි වෙළෙඳ සලේ කළමනාකාරීත්වය දැඩි ලෙස විවේචනය කළ අතර, අදාළ සුපිරි වෙළෙඳ සැල් ජාලය සමග ගනුදෙනු කිරීම නතර කළ යුතු බවට ද මත ඉදිරිපත් වී තිබිණි.

Skip Facebook post, 1
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 1

Skip Facebook post, 2
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 2

සමාගමේ ප්‍රතිචාරය

අදාළ සුපිරි වෙළෙඳ සල් ජාලය හිමි සමාගම එදිනම (සැප්: 22) නිවේදනයක් නිකුත් කරමින්, අදාළ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කළේ ය.

පහරදීම පිළිබඳව කළමනාකාරීත්වය තැතිගැන්මකට ලක්වූ බවත්, එම හැසිරීම සම්බන්ධයෙන් ලජ්ජාවට පත්වන බවත් එහි සඳහන් කර තිබුණි.

පහරදුන් සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද එම නිවේදනයේ දැක්විණි.

Skip Facebook post, 3
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post, 3

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මෙම පහරදීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ, "අදාළ සුපිරි වෙළෙඳ සලේ සේවක සේවිකාවන් රටේ නීතිය අතට ගෙන ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි," බව පැවසුවේ ය.

"ඒ කාන්තාව චොක්ලට් වගයක් හොරකම් කරන්න ගියා කියලා තමයි දැනගන්න තියෙන්නේ. හැබැයි ඒ සිද්ධිය මුල් කරගෙන කාන්තාවට පහර දෙන්න සේවකයින්ට කිසිම අයිතියක් නෑ. ඒක රටේ නීතිය තමන් අතට ගැනීමට උත්සහ කිරීමක් විදිහට යි අපි දකින්නේ. මෙම සිද්ධිය දැඩි ලෙස හෙළා දකිනවා."

මෙවැනි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කළමනාකාරීත්වය සේවකයින් දැනුවත් කළ යුතු බව විතානගේ වැඩිදුරටත් පැවසීය.

"මම දන්න විදිහට හැමදාම උදේට වැඩ පටන් ගන්න කලින් වෙළෙඳ සලේ කළමනාකරු උපදෙස් මාලාවක් දෙනවා. ඒ උපදෙස් එක්ක ගනුදෙනුකරුවන් එක්ක වැඩ කරද්දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන කියල දෙන්න බැරි ද? මේ තත්ත්වය වෙනස් කළ යුතු යි."

මානව හිමිකම් කොමිසමේ අවධානය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ද අවධානය යොමු වී තිබේ.

මෙය "වගකීම්සහගත ව්‍යාපාර සහ මානව හිමිකම් විෂය යටතට වැටෙන" බව එහි අධ්‍යක්ෂවරයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.

බැලූ බැල්මට සුපිරි වෙළෙඳ සලේ සේවකයින් නීතිය අතට ගෙන ක්‍රියාකර ඇති බවක් පෙනී යන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර කොමිසමේ අදහස දැනුම් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

'පමණ ඉක්මවා ප්‍රතිචාර දැක්වීම'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති බොහෝ සිද්ධි සැලකිල්ලට ගැනීමේ දී "ජනතාව පමණ ඉක්මවා ප්‍රතිචාර දැක්වීමක්" දැකිය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් පෙන්වා දෙයි.

ඔහු එය පැහැදිලි කරන්නේ, ලේ මිසරාබ්ලේ (මනුතාපය) කෘතිය ද උදාහරණයක් ලෙස ඉදිරිපත් කරමිනි.

"මීට කලින් ඇඟලුම් වෙළෙඳ සලක සේවකයින් පිරිසක් ජනප්‍රිය නිළියක් දණ ගස්සලා තිබුණු සිද්ධියක් වාර්තා වුණා. ඒ වගේම, පොල් ගෙඩියක් සොරකම් කළ දරුවෙකුට සිර දඬුවම් නියම වුණු සිද්ධියක් වාර්තා වුණා. ඒ විතරක් නෙවෙයි, ලොකු පොල්වතු වගේ වගා බිම් හිමිකරුවන් බොහෝ දෙනෙකුට තුවක්කු දීලා තියෙනවා. පොල් ගෙඩියක් දෙකක් හොරකම් කරන්න එන සැලකිය යුතු පිරිසක් වෙඩි තියලා ඝාතනය කරනවා, නැත්නම් තුවාල කරනවා," නීතිඥ ලක්ෂාන් ඩයස් පවසයි.

"මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ ගොඩක් වෙලාවට තමන්ට සිදුවන හානියට වඩා ලොකු ප්‍රතිචාරයක් දක්වන්න පෙළඹෙන නිස යි. මේ තත්ත්වය වෙනස් විය යුතු යි. ජනතාව රටේ නීතිය අතට ගැනීම නතර කළ යුතු යි."

ප්‍රසිද්ධ ස්ථානයක දී සොරකම් කරන්නෙකුට ශාරීරික දඬුවම් කිරීම නීතියට පටහැනි බව ද ලක්ෂාන් ඩයස් පැවසීය.

"ඔවුන්ට කරන්න පුළුවන් එක ම දේ, ගොඩනැගිල්ලෙන් පිටවෙන්න කලින් පොලිසියට දැනුම් දීලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක. ගොඩනැගිල්ලෙන් පිටවුණාට පස්සේ හොරකම් කරගෙන ගිය දෙයකට චෝදනා කරන්න සාමාන්‍යයෙන් හැකියාවක් නෑ."

නිවසකට ඇතුළු වූ සොරෙකුට පහරදිය හැකි ද?

සාමාන්‍ය නීතිය අනුව සොරෙකු හෝ අන් යමෙකු අනවසරයෙන් නිවසකට ඇතුළුවුවහොත් ඔහුට පහරදීමට යම් හැකියාවක් පවතින අතර, අදාළ පිටස්තරයා සතු ආයුධ අනුව ඊට සමාන ආයුධයකින් පහර දිය හැකි බව නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය.

"තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් අවම ප්‍රතිචාර දක්වන්න පුළුවන් නිවැසියන්ට. ඒත් ප්‍රසිද්ධ ස්ථානවල එහෙම කරන්න බැහැ."

ප්‍රසිද්ධ ස්ථානයක දී පහරදුන්නොත්?

ප්‍රසිද්ධ ස්ථානයක දී පහරදීම නීති විරෝධී වන අතර පහරදීමේ ස්වභාවය අනුව දඩ මුදලක් හෝ සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙක ම ලැබීමට සිදුවනු ඇතැ යි නීතිඥ ලක්ෂාන් ඩයස් පවසයි.

"සමහර අය විනෝදෙට හොරකම් කරනවා, තවත් සමහරක් පුරුද්දට හොරකම් කරනවා. තවත් පිරිසක් ඉන්නවා බඩගින්නට හොරකම් කරනවා. හැබැයි සුළු හොරකමකට සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන අවස්ථා තියෙනවා. සොරකම් කිරීම සාධාරණීකරණය කරන්න බැහැ. ඒත් පමණ ඉක්මවා ප්‍රතිචාර දැක්වීම නතර කළ යුතු යි," නීතීඥවරයා පවසයි.

ප්‍රංශ විප්ලවයට මුල් වූ බැස්ටීල් බන්ධනාගාරය කඩා සිරකරුවන් පළායාමේ සිද්ධිය ද නීතිඥ ලක්ෂාන් ඩයස් ආවර්ජනය කළේ ය.

"චොක්ලට් එකකට, පාන් රාත්තලකට හිර ගෙවල්වලට දාන එක කවදා හරි ප්‍රංශ විප්ලවය වගේ පුපුරා යන්නත් පුළුවන්. ඒ නිසා මේ සමාජ ප්‍රශ්නයට පිළියමක් යොදන්න සියලු පාර්ශව අවධානය යොමු කළ යුතු යි."