ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දුරකතන ඇමතුමක් 'ලීක්' වීම නිසා තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි
- Author, කෙලී නැග්
- Role, බීබීසී
- වාර්තාකරණය, සිංගප්පූරුව
- Author, තන්යාරාත් ඩොක්සෝන්
- Role, බීබීසී
- වාර්තාකරණය, බැංකොක්
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්ව සිටින තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්ගේ ධූරය අත්හිටුවා තිබේ.
පේටොංටාර්න් ඔහුට "uncle" ලෙස අමතා තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කළ එම හඬ පටය, මහජන කෝපයට හේතු විය. පසුව ඇයව සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය දැන් අධිකරණය තුළ විභාග වෙමින් පවතී.
ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවත් පරම්පරාවේ - ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා බවට පේටොංටාර්න් පත්විය හැකි ය.
සති දෙකකට පෙර ප්‍රධාන කොන්සර්වේටිව් සගයෙකු එය අතහැර දැමීමෙන් පසු, ඇයගේ පාලක සන්ධානය දැනටමත් සුළු බහුතරයකින් බැට කමින් සිටී.
ඇය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුර ඇයගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය දුන් අතර ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15ක් තිබේ.
මේ අතර, නියෝජ්‍ය අගමැතිනිය වැඩබලන නායිකාව ලෙස කටයුතු කරනු ඇත. කෙසේ වෙතත්, සේවය අත්හිටුවීමට පැය කිහිපයකට පෙර අනුමත කරන ලද කැබිනට් සංශෝධනයකින් පසුව දුන් නව පත්වීම අනුව පේටොංටාර්න් සංස්කෘතික අමාත්‍යවරිය ලෙස කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිනු ඇත.
අඟහරුවාදා, පේටොංටාර්න් යළිත් සමාව අයැද සිටි අතර, හුන් සෙන් සමග ඇයගේ දුරකතන ඇමතුමේ අරමුණ "100%කට වඩා... රට වෙනුවෙන්" බව පැවසුවා ය.
එම ඇමතුම දෙරට අතර පවතින දේශසීමා ආරවුල ගැන විය. එම ආරවුල දශක ගණනාවක් පැරණි වුව ද, මැයි මස අගදී කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් පසු නැවතත් උණුසුම් වී තිබේ.
හෙළිදරව් වූ හඬ පටය ගතානුගතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෝපයට හේතු වූ අතර, ඔවුහු පේටොංටාර්න් හුන් සෙන් සතුටු කිරීමට සහ තායිලන්ත හමුදාව දුබල කිරීමට උත්සහ කරන බවට චෝදනා කළහ.
එහෙත්, ඇය අඟහරුවාදා නිදහසට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවා ය, "ඒක මම කළේ මට ලැබෙන වාසියක් නිසා නෙවෙයි. මම හිතුවේ ආරවුල වළක්වා ගන්නේ කොහොම ද?, සටනක් ඇති වීමෙන් වැළකී සිටින්නේ කොහොම ද? සහ ජීවිත හානි වළක්වා ගන්නේ කොහොම ද? කියන එක විතර යි."
"ඒකට හොඳට ඇහුම්කන් දුන්නොත්, මට නරක චේතනා තිබුණේ නැහැ කියලා තේරෙයි. මම ඒක ගැන තමයි අවධානය යොමු කරන්නේ, හොඳින් පැහැදිලි කරන්න කාලය ගත කරන්නේ."
අවසානයේ ඇය ධූරයෙන් පහ කරනු ලැබුවහොත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අගමැති ධූරයෙන් ඉවත් කරන ලද ෆියු තායි පක්ෂයේ දෙවන අගමැතිනිය පේටොංටාර්න් වනු ඇත.
ඒ කාලයේදී, ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙතා තවිසින්, වරක් සිරගත කරන ලද හිටපු නීතිඥයෙකු ඔහුගේ කැබිනට් මණ්ඩලයට පත් කිරීම නිසා, ව්‍යවස්ථා අධිකරණය විසින් ද සේවයෙන් පහ කරන ලදී.
දින කිහිපයකට පසු, තායිලන්තයේ බලයෙන් පහ කරන ලද නායක තක්ෂින් ෂිනවත්ගේ පියා වෙනුවට පේටොංටෝන් අගමැති ධූරයේ දිවුරුම් දුන්නා ය.
අඟහරුවාදා තීන්දුව නැවත වරක් අවධාරණය කරන්නේ, ආණ්ඩු පෙරළා දැමීමට ව්‍යවස්ථා අධිකරණයට ඇති බලය යි. විචාරකයින් පවසන පරිදි දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා මෙම බලය ආයුධයක් ලෙස භාවිත කළ හැකි ය.
2006 සිට මෙම අධිකරණය පක්ෂ 34ක් විසුරුවා හැර ඇති අතර, 2023 මැතිවරණයෙන් වැඩි ම ආසන සහ ඡන්ද දිනා ගත් නමුත් රජය පිහිටුවීම අවහිර කරන ලද ප්‍රතිසංස්කරණවාදී Move Forward පක්ෂය ද ඊට ඇතුළත් ය.
"මෙය තායි දේශපාලනයේ රටාවක් බවට පත්වෙලා තියෙන්නේ... ඒක තායි දේශපාලන සංස්කෘතියේ කොටසක් වන අතර ඒක සැබෑ දේශපාලන ක්‍රියාවලියක නොවිය යුතු බවක්," උබොන් රට්චතානි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්ය ටිටිපෝල් ෆක්දීවානිච් පැවසීය.
"අධිකරණ නියෝගයක් මගින් මේ අත්හිටුවීම සිදු නොවෙන්න තිබුණා, ඒත් බොහෝ දෙනෙකුට එහි නීත්‍යනුකූලභාවය දැක ගන්න පුළුවන් වුණේ හෙළිදරව් වූ සංවාදය නිසා අගමැතිවරයා රටේ අවශ්‍යතා සැබවින් ම ආරක්ෂා කරනවා ද කියන එක ජනතාව ප්‍රශ්න කළ නිස යි."
38 හැවිරිදි පේටොංටාර්න්, තවමත් රටේ ළාබාලතම නායිකාව වන අතර ඇගේ නැන්දා වන යින්ලක් ෂිනවත්ට පසුව අගමැති ධුරයට පත්වූ දෙවන කාන්තාව යි.
දුර්වල ආර්ථිකයක් පුනර්ජීවනය කිරීමට දැනටමත් අරගල කරමින් සිටින පේටොංටාර්න්ගේ ක්‍රියාමාර්ගය අනුමත කරන ප්‍රතිශතය පසුගිය සති අන්තයේ 9.2% දක්වා පහත වැටිණි, එය මාර්තු මාසයේ පැවතියේ 30.9%ක් ලෙස ය.
අධිකරණ තීන්දුව ලැබෙන්නේ, ඇගේ රජය පිටුපස ගාමක බලවේගය ලෙස සැලකෙන පේටොංටාර්න්ගේ පියා තමාගේ ම දේශපාලන අභියෝග සමග සටන් කරන අතරතුර ය.
වසර නවයකට පෙර දකුණු කොරියානු පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් රාජාණ්ඩුවට අපහාස කිරීමේ චෝදනාව මත තක්සින් සටන් කරමින් සිටී. ඔහුගේ නඩු විභාගය අඟහරුවාදා ආරම්භ විය.
වසර 15ක පිටුවහල් කාලයකින් පසු 2023 දී තායිලන්තයට ආපසු පැමිණි මතභේදාත්මක දේශපාලන නායකයා, රටේ කුප්‍රකට ලෙස් මැජෙස්ටේ නීතිය යටතේ චෝදනාවලට ලක්වූ ඉහළ ම පෙළේ පුද්ගලයා ය.
තක්සින්ගේ නැවත පැමිණීම, ෆියු තායි පක්ෂය සහ එහි පැරණි ගතානුගතික සතුරන් අතර ඇති කර ගත් මහා සම්මුතියක කොටසක් විය.
ෂිනවත් ආණ්ඩු දෙකක් කුමන්ත්‍රණ හරහා බලයෙන් පහ කළ හමුදාව සහ රාජාණ්ඩුවට සමීප කණ්ඩායම් ඒ අතර වේ.