ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශ ගුවන් අනතුර ඇසින් දුටු ශිෂ්‍යයෙක් සහ පුතු එන තුරු බලා සිටින මවක් බීබීසීයට දැක්වූ අදහස්
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා අගනුවර පිහිටි පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 164 දෙනෙකු තුවාල ලබා තිබේ.
බංග්ලාදේශයේ ඩකා නුවර උත්තරා දියාබරී ප්‍රදේශයේ පිහිටි මයිල්ස්ටෝන් පාසල අසල දර්ශනවල දැක්වෙන්නේ, ගුවන් යානය දෙමහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් පසු විශාල ගින්නක් සහ ඝන දුමාරයක් ඇති වන ආකාරය යි.
එරට වේලාවෙන් දහවල් 1:00ට පමණ පුහුණු අභ්‍යාසයක් සඳහා ගුවන්ගත වීමෙන් පසු මෙම F-7 යානය යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඇති බව එරට ආරක්ෂක අංශය ෆේස්බුක්හි නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. මියගිය අය අතර නියමුවා ද සිටින බව ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.
මේ එම අනතුර ඇසින් දුටු ෆර්හාන් හුසේන් සමුද්‍රා නමැති පාසල් ශිෂ්‍යයෙකු සහ සිය පුතු නැවත පැමිණෙන තුරු බලා සිටින මවක සිය අත්දැකීම බීබීසී සමග බෙදා ගත් අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ.