ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න: කොළඹ රාජකීය සහ විශාඛා ඉදිරියෙන්
- Author, බීබීසී සිංහල
2025 වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (නොවැ: 21) නිකුත් කෙරිණි.
ඉහළ ම කඩඉම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලය සඳහා වන අතර, එය ලකුණු 176කි.
බාලක පාසල් අතරින් වැඩි ම ලකුණු මට්ටම කොළඹ රාජකීය විද්‍යාලය සඳහා ය. එම ලකුණු සංඛ්‍යාව 175කි.
මේ අතර, මිශ්‍ර පාසල් අතරින් වැඩි ම කඩඉම් ලකුණු මට්ටම ඇත්තේ, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ය. එය ලකුණු 168කි.