තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමට රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය සුදුසුකම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
රජයේ වෘත්තිකයින් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හරහා රථවාහන ආනයනය කිරීම මේ වන විට වසර 5ක කාලයක් තිස්සේ අක්‍රිය වී තිබේ.
ඒ, 2020 වසරේ සිට ශ්‍රී ලංකාවට රථවාහන ආනයනය කිරීම අත්හිටුවා තිබීම හේතුවෙනි.
මේ හේතුවෙන්, රාජ්‍ය සේවය නිරත වන වෘත්තිකයින් සතු වරප්‍රසාදයක් වන තීරු බදු රහිත වාහනයක් මිල දී ගැනීමේ අවස්ථාව වසර 5ක සිට අහිමි වී තිබේ.
2020 වසරේ සිට අහිමි වී තිබෙන එම වරප්‍රසාදය රජයේ වෘත්තිකයින් සහ විශ්‍රාමික වෘත්තිකයින් සඳහා ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි.
නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සඳහා ද යම් සීමා යටතේ අවසර දීමට තීරණය කර ඇති අතර, තීරු බදු රහිත වාහන බලපත් සම්බන්ධයෙන් ද අවධානයක් යොමු වී තිබේ.
පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ, වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික ය.
ඔහු පැවසුවේ, රජයේ වෘත්තිකයින්ට වාහන බලපත්‍ර ලබා දීම අහෝසි කරන බවට ආණ්ඩුවට විවේචනයක් එල්ල වෙමින් පවතින බව ය.
"ජනාධිපතිතුමා කියපු අදහසක් මුල් කරගෙන ආණ්ඩුවට විවේචනයක් ඉදිරිපත් වෙනවා ආණ්ඩුව විසින් මෙතෙක් රජයේ ඉහළ නිලධාරීන්ට අදාළව තිබුණ වාහන පර්මිට් එක අහෝසි කරනවා ය, අවලංගු කරනවා ය කියලා. ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක් ද?"
නජිත් ඉන්දික ප්‍රශ්නය යොමු කළේ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුට ය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රතිලාභ අහිමි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ය.
"අපේ ආණ්ඩුව විසින් කිසිදු තීන්දුවක් අරගෙන නෑ මේ පර්මිට් අහෝසි කරනවා කියලා... රජයේ කිසි ම ස්ථාවරයක් නෑ අවශ්‍ය සුදුසුකම් තියෙන අයට ඒ ප්‍රතිලාභය අහිමි කරන්න," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
'සීමා කිරීමක් මිස අහෝසි කිරීමක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka
වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබූ පසුගිය වසර 5ක කාලය තුළ ද අයැදුම් පත් 15,000ත් 20,000ත් අතර සංඛ්‍යාවක් ලැබී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය.
මේ වන විට සපුරා ගැනීමට ඇති ආර්ථික ඉලක්ක වෙත ළඟා වීම සඳහා යම් යම් ප්‍රමුඛතා මත තීරණ ගැනීමට සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"ඒක ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් මිසක් ප්‍රතිපත්තිමය වශයෙන් අහෝසි කරන්න තීන්දුවක් අරගෙන නෑ. ඒ කාරණා ඉදිරියේදී සැලකිල්ලට භාජනය කරනවා."
සීමා කරන්නේ ඇයි?
තීරු බදු රහිත වාහන ගෙන්වීම සීමා කිරීමට සිදුව ඇත්තේ, 2025 වසරේ ආර්ථික ඉලක්ක ජය ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවන හෙයින් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"දැන් අපට තියෙන විදේශ සංචිත ප්‍රමාණය සැලකිල්ලට භාජනය කරල පර්මිට්ස්වලට ඉඩ ඇරියොත් 2025 වර්ෂයේදී ආර්ථික ඉලක්කයට ළඟා වෙන්න බැරි වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැරි වෙනවා."
රජයේ සේවකයින්ට තීරු බදු රහිත වාහන වරප්‍රසාදයක් දෙන්නේ ඇයි?
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, රජයේ සේවකයින් සම්බන්ධයෙන් "අතීතයේ ගත් වැරදි තීන්දු තීරණ නිසා" මෙවැනි වරප්‍රසාද ලබා දී ඇති බව ය.
"මේ ප්‍රතිලාභ ලබා දෙනකොටත් අතීතයේ වැරදි තීන්දු තීරණ තියෙන්න පුළුවන්. ඔවුන්ට සාධාරණ වැටුපක්, ප්‍රතිලාභයක් නැති නිසා සමහර විට මේ ප්‍රතිලාභ ලබා දීම සහ වෙනත් ප්‍රතිලාභ එල්ලල තියෙනවා."
ඔහු පවසන පරිදි තීරු බදු රහිත වාහන බලපත්‍ර රජයේ වෘත්තිකයින්ට ලබා දීමේ අරමුණ වී ඇත්තේ, රජයේ වෘත්තිකයින් රාජ්‍ය සේවය තුළ රඳවා ගැනීම සඳහා දිරි ගැන්වීම ය.
තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවා ද?
සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමට අදාළ වන්නේ, 01/2018 වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය යි.
එහි සඳහන් වන පරිදි මේ සඳහා අයැදුම් කළ හැකි වෘත්තිකයින්ගේ සුදුසුකම් මෙසේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Finance - Sri Lanka
ඊට අදාළ කොන්දේසි සහ නියමයන් පහත දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Finance - Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Finance - Sri Lanka














