විදුලි මෝටර් රථ අලෙවියෙන් චීනයේ BYD සමාගම Tesla අභිබවා යයි

චීනයේ විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගමක් වන BYD 2024 වසර සඳහා වාර්තා කර ඇති වාර්ෂික ආදායම අනුව එය ප්‍රතිවාදී ටෙස්ලා සමාගම අභිබවා ගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

චීනයේ විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගමක් වන BYD 2024 වසර සඳහා වාර්තා කර ඇති වාර්ෂික ආදායම අනුව එය ප්‍රතිවාදී ටෙස්ලා සමාගම අභිබවා ගොස් තිබේ.

ෂෙන්සෙන් මූලස්ථානය කරගත් BYD සමාගම පවසන්නේ තම ආදායම යුවාන් බිලියන 777 (ඩොලර් බිලියන 107; පවුම් බිලියන 83) දක්වා 29% කින් ඉහළ ගොස් ඇති බවය.

හයිබ්‍රිඩ් වාහන අලෙවිය ඉහළ යෑම මෙම වර්ධනයට හේතුවී තිබේ.

මෙය ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම වාර්තා කරන ලද ඩොලර් බිලියන 97.7 ක ආදායම ඉක්මවා යාමකි.

දිගු කලක් චීනයේ වැඩියෙන්ම අලෙවි වන විදුලි වාහනය (EV) වන ටෙස්ලා හි මොඩල් 3 සමඟ තරග කිරීම සඳහා BYD සමාගම අඩු මිලට මෝටර් රථයක් ද හඳුන්වා දී තිබේ.

මෙය සිදුවන්නේ, මස්ක් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සබඳතා සම්බන්ධයෙන් ටෙස්ලා සමාගමට ලොව පුරා දැඩි විරෝධයක් එල්ල වන පසුබිමක සහ චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට බටහිර රටවල තීරුබදු පනවා ඇති අවස්ථාවක ය.

BYD සමාගම පසුගිය වසරේ ටෙස්ලා අලෙවි කළ විද්‍යුත් වාහන (EV) සංඛ්‍යාවට සමාන වාහන සංඛ්‍යාවක් අලෙවි කර තිබේ, එය පිළිවෙලින් මිලියන 1.79 ට සාපේක්ෂව මිලියන 1.76 කි.

නමුත් චීන සමාගමේ හයිබ්‍රිඩ් මෝටර් රථ අලෙවිය සැලකිල්ලට ගත් විට එය බෙහෙවින් විශාල වන අතර 2024 දී ගෝලීය වශයෙන් වාහන මිලියන 4.3 ක් වාර්තාගත ලෙස අලෙවි වී තිබේ.

පසුගිය ඉරිදා, BYD සමාගම විසින් ටෙස්ලා සමඟ තරග කිරීමට නව වාහන මාදිලියක් පිළිබඳ නිවේදනය කරන ලදී.

Qin L නැමති එම වාහන මාදිලියේ චීනයේ ආරම්භක මිල යුවාන් 119,800 ක් වන අතර, ටෙස්ලා හි Model 3 හි මූලික මට්ටමේ වාහනයක මිල යුවාන් 235,500 කි.

දේපළ අර්බුදය, මන්දගාමී ආර්ථික වර්ධනය සහ ඉහළ පළාත් පාලන ණය ඇතුළු ආර්ථික අභියෝග හමුවේ චීන පාරිභෝගිකයින් වියදම් කපා හැරීමත් සමඟ මෙම නව මාදිලිය හඳුන්වා දී තිබේ.

පසුගිය සතියේ, BYD හි නිර්මාතෘ වැන්ග් චුවාන්ෆු නව බැටරි ආරෝපණ තාක්ෂණයක් නිවේදනය කළ අතර, එමඟින් මිනිත්තු පහකින් විද්‍යුත් වාහනයක් (EV) චාර්ජ් කළ හැකි බව ඔහු පැවසීය.

එය සසඳා බැලීමේදී ටෙස්ලා රථයක් එහි සුපිරි චාජර් පද්ධතිය භාවිතයෙන් ආරෝපණය කිරීමට මිනිත්තු 15ක් පමණ කාලයක් ගතවේ.

පෙබරවාරි මාසයේදී, BYD නිවේදනය කළේ "God's Eye" ලෙස ඔවුන් හඳුන්වන උසස් රියදුරු සහායක තාක්ෂණය තම සියලුම වාහන මාදිලිවලට නොමිලේ ලබා ගත හැකි බවයි.

BYD Yangwang U9 car by Chinese car manufacturer BYD on display at the Essen Motor Show in Germany.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, BYD හි නිර්මාතෘ වැන්ග් චුවාන්ෆු නව බැටරි ආරෝපණ තාක්ෂණයක් නිවේදනය කළ අතර, එමඟින් මිනිත්තු පහකින් විද්‍යුත් වාහනයක් (EV) චාර්ජ් කළ හැකි බව ඔහු පැවසීය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

BYD සමාගමෙහි සමස්ත වාහන අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 2024 දී 41%කින් වැඩි වී ඇති අතර එය ප්‍රධාන වශයෙන් එහි දෙමුහුන් මෝටර් රථ අලෙවිය මගින් මෙහෙයවනු ලැබේ.

දැඩි තරගකාරීත්වය හේතුවෙන් මිල පහත හෙළීම සහ රජයේ සහනාධාර හේතුවෙන් පාරිභෝගිකයන් තම පැරණි මෝටර් රථ වෙනුවට විද්‍යුත් වාහන හෝ වෙනත් ඉන්ධන කාර්යක්ෂම විකල්ප භාවිත කිරීමට දිරිමත් කර ඇති නිසා, දේශීය වෙළඳපොළේ මෝටර් රථ අලෙවිය ඉහළ යාමෙන් සමාගම ප්‍රතිලාභ ලබා ඇත.

BYD සමාගම සිය මෝටර් රථවලින් 90%ක් චීනයේ අලෙවි කරන අතර, එය ෆොක්ස්වාගන් සහ ටොයෝටා වැනි විදේශීය සන්නාමයන් අභිබවා පෙරමුණ ගෙන සිටියි.

BYD සහ අනෙකුත් චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයින්ගේ නැගීම ප්‍රධාන බටහිර වෙලඳපොළවලට අභියෝග කරමින් සිටින ඇතැම් පැරණි මෝටර් රථ නිෂ්පාදකයින් මුහුණ දෙන අභියෝගවලට වඩා වෙනස් වේ.

හොන්ඩා සහ නිසාන් සමාගම් පසුගිය මාසයේදී ඔවුන් ඒකාබද්ධ වීමේ සාකච්ඡා පවත්වන බව තහවුරු කරන ලද්දේ එම ජපන් සමාගම් දෙක චීන මෝටර් රථ කර්මාන්තයේ තරගකාරිත්වයට එරෙහිව සටන් කිරීමට උත්සහ කරන බැවිනි.

ජර්මනියේ කම්හල් වැසීම වැළැක්විය හැකි අතර ම වහා ම අනිවාර්ය අතිරික්තයන් වළක්වා ගැනීම සඳහා IG Metall වෘත්තීය සමිතිය සමග ගිවිසුම් ගත වූ බව දෙසැම්බර් මාසයේදී ෆොක්ස්වාගන් සමාගම නිවේදනය කළේ ය.

ජර්මානු මෝටර් රථ කර්මාන්තයේ දැවැන්තයා මීට පෙර අනතුරු ඇඟවූයේ පිරිවැය කපා හැරීමේ උත්සහයක් ලෙස ප්‍රථම වතාවට රට තුළ ඇති සිය කම්හල් වසා දැමීමට සිදුවනු ඇති බව ය.

මෙම මස මුලදී, මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ස්ටෙලැන්ටිස්හි ප්‍රධානියා වන කාලෝස් ටවාරෙස්, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇති වූ ගැටුමකින් පසු වහා ම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් විය.

වොක්ෂෝල්, ජීප්, ෆියට්, පියුජෝ සහ ක්‍රයිස්ලර් ඇතුළු සන්නාම හිමි සමාගමෙන් ඔහු හදිසියෙන් ඉවත්වීම සිදු වූයේ ස්ටෙලැන්ටිස් ලාභ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් මාස දෙකකට පසුවයි.

2024 තුන්වන කාර්තුවේදී, BYD හි ආදායම පළමු වරට ටෙස්ලා අභිබවා ගියේය.

එය ජූලි සහ සැප්තැම්බර් අතර ආදායමෙන් යුවාන් බිලියන 200කට ($28.2bn, £21.8bn) වැඩි ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර එය ඔවුන්ගේ ම ඉකුත් වසරේ එම කාලයට වඩා 24%ක වැඩිවීමක් සහ කාර්තුමය ආදායම ඩොලර් බිලියන 25.2ක් වූ ඊලෝන් මස්ක් ගේ සමාගමට වඩා වැඩිවීමකි.

කෙසේ වෙතත්, ටෙස්ලා තවමත් BYD සමාගමට වඩා වැඩි විදුලි වාහන සංඛ්‍යාවක් අලෙවි කර ඇත.

චීන මෝටර් රථ නිෂ්පාදකයින් රටෙන් පිටත ඔවුන්ගේ විද්‍යුත් වාහන අලෙවිය ඉහළ නැංවීමට උත්සහ කර ඇති නමුත් ඇතැම් ප්‍රධාන වෙළඳපලවල ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණ දී ඇත.

ඔක්තෝබර් මාසයේදී යුරෝපා සංගමය විසින් චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන ආනයනය සඳහා 45.3% දක්වා තීරු බදු බලාත්මක කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදය ද චීනයේ විද්‍යුත් වාහන සඳහා 100%ක බද්දක් ද පනවා ඇති අතර ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයන සඳහා තවදුරටත් තීරුබදු පැනවීමට අපේක්ෂා කරයි.

මේ අතර, BYD සමාගම නැගී එන ආර්ථිකයන් තුළ සිය මාර්ගය පුළුල් කරමින් සිටී.