ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාසා දිනපොත්: 'අපිව සම්පූර්ණයෙන්ම බිඳිලා ගිහිල්ලා'
ගාසා තීරය දැන් මසක කාලයක් තිස්සේ ඊශ්‍රායලයේ දැඩි බෝම්බ ප්‍රහාරයන්ට මුහුණදී ඇති අතර, පලස්තීනුවෝ දහස් ගණනක් මියගොස් මිලියන 1.4ක ජනතාවක් අභ්‍යන්තරව අවතැන්වී සිටිති.
මෙය සිදුවූයේ ඔක්තෝම්බර් හත්වන දා හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික හා ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු ය. එහිදී අවම වශයෙන් ළමුන් 31 දෙනෙකු ද ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් 1,400කට අධික සංඛ්‍යාවක් මියගිය අතර, තවත් පුද්ගලයින් 240ක් පැහැරගෙන ගාසා තීරයට ගෙන යනු ලැබුණි.
පසුගිය මාසය පුරා, බීබීසී ලෝක සේවය ගාසා තීරයේ ජන ජීවිතය ගැන සොයා බැලූ අතර, එහි වැසියන් ඔවුන්ගේ වීඩියෝ දිනපොත් සහ හඬ පට අප සමග බෙදාගෙන ඇත.
මෙම වීඩියෝවට ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ - ඉංග්‍රීසි ගුරුවරියක් වන ෆරීදා සහ වෛද්‍ය සැපයුම්කරුවෙකු වන ඛාලිඩ් - වීඩියෝ දිනපොත් සහ හඬ පට ඇතුළත් වෙයි.