ගාසා යුද්ධයෙන් අවතැන්වූවන්: 'මට ඒ ගෙදර ගොඩක් මතකයන් තියෙනවා'

ගාසා යුද්ධයෙන් අවතැන්වූවන්: 'මට ඒ ගෙදර ගොඩක් මතකයන් තියෙනවා'

බීබීසීය ගෙන එන මෙම සුවිශේෂී 'ගාසා දිනපොත', දකුණුදිග නගරයක් වන ඛාන් යූනිස්හි ආරක්ෂිත සෙවණක් සොයාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන පුද්ගලයින් දෙදෙනෙකුගේ සැබෑ ජීවිත දෙස එබී බැලීමකි.

නිවෙස් අහිමිවීම නිසා දැන් තැන තැන වැටී නින්දට යෑමට සිදුව තිබෙන, ගාසා නගරයේ 'සොල්' නම් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව වන විසි හැවිරිදි රහෆ් ශමේලි සහ පෙර පාසැලක නැවතී සිටින ආදම් අබු රොක්, ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ දුෂ්කරතා දුරකතනයෙන් පටිගත කර බීබීසීය වෙත එවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඔක්තෝබර් හත්වැනිදා සිට ගාසා තීරයේ 600,000කට අධික ජන පිරිසක් ඔවුන්ගේ නිවෙස් අතහැර ගොස් ඇත.