අල්-අහ්ලි රෝහලේ පිපිරීමෙන් පුතුන් මියයාමෙන් පසු ශෝකයට පත් සාමය අයදින පියෙක්

අල්-අහ්ලි රෝහලේ පිපිරීමෙන් පුතුන් මියයාමෙන් පසු ශෝකයට පත් සාමය අයදින පියෙක්

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුමේ දී ගාසා හි අල්-අහ්ලි රෝහලට ද ප්‍රහාරයක් එල්ල විය.

ඉන් සිය පුතුන් දෙදෙනා, සහෝදරයෙකු සහ බෑනාවරුන් දෙදෙනෙකු අහිමි වූ අරෆත් අබු අසායි BBC අරාබි සේවයට ඉතා සංවේදී කරුණු සහිත ප්‍රකාශයක් කළේය.

දැඩි කම්පනයකට පත්ව සිටින ඔහු සඳහන් කළේ ගාසා තීරයට පමණක් නොව ලෝකයටම සාමය උදාවනු දැකීම සිය අපේක්ෂාව බවය.