මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකි ඝාතනයට වසර 18ක්

ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකි ශිවරාම්ගේ 18 වන ගුණ සැමරුම නිමිති කොටගෙන ඊයේ සහ අද විශේෂ සැමරුම් උත්සව කිහිපයක් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ඝාතනය කරන ලද මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකි සිවරාම්ගේ 18 වන ගුණ සැමරුම නිමිති කොටගෙන ඊයේ(28) සහ අද (29)විශේෂ සැමරුම් උත්සව කිහිපයක් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

වවුනියාව, මඩකලපුව සහ මුලතිව් මාධ්‍ය සමාජ මගින් එම වැඩසටහන් සංවිධානය කොට තිබු අතර අද සවස් වරුවේ යාපනය මාධ්‍ය සමාජය විසින් ද ගුණානුස්මරණයක් සංවිධානය කොට තිබේ.

වවුනියාවේදී ඊයේ සවස පැවති ස්මරණය
ඡායාරූප ශීර්ෂ වැකිය, වවුනියාවේදී ඊයේ සවස පැවති ස්මරණය
මුලතිව් මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ගුණානුස්මරණය
ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව් මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ගුණානුස්මරණය
මඩකලපුව ගාන්ධි උද්‍යානයේ මාධ්‍යවේදීන් සිහිකිරීම සදහා තනවා ඇති ස්මාරකය අසල
ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව ගාන්ධි උද්‍යානයේ මාධ්‍යවේදීන් සිහිකිරීම සදහා තනවා ඇති ස්මාරකය අසල

1959 ‍අගෝස්තු 11 වන දින මඩකලපුවේදී උපත ලද හෙතෙම වසර 45 ක් මාධ්‍ය‍ මෙහෙවරේ නිරත වු අතර 2005 වසරේ අප්‍රේල් 28 වැනිදා බම්බලපිටියේ දී පැහැරගෙන ගොස් මරා දමා තිබිණි.

ඔහුගේ සිරුර හමුවූයේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මීටර් 500 ක් පමණ දුරකින් වූ අධිආරක්ෂක කලාපයේ තිබියදී ය. හෙතෙම දරු තිදෙනෙකුගේ පියෙකි.

සිවරාම් 1983 වසරේ පළමුව ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස සිටි අතර අනතුරුව 1989 වසරේදී ප්ලොට් සංවිධානයෙන් ඉවත්විණ.

සිවරාම් මෙරට පුවත්පත් කිහිපයක සේවය කළ අතර මාධ්‍යවේදීන්ගේ සහෝදරත්වය වෙනුවෙන් කටයුතු කළ මාධ්‍ය‍‍වේදියෙකි.

යුධ සමයේ එවක පැවති රජයන් විවේචනය කළ මධ්‍යවේදීන් රැසක් අතුරුදහන්වීම හා ඝාතනයට ලක්වු අතර, ඔවුන් වෙනුවෙන් මෙතෙක් සාධාරණය ඉටු වි නොමැති බව මාධ්‍ය ක්‍රියාකාරීහු මෙම සැමරුම් අවස්ථාවන්හිදී අවධාරණය කළහ.

යුධ සමයේ එවක පැවති රජයන් විවේචනය කළ මධ්‍යවේදීන් රැසක් අතුරුදහන්වීම හා ඝාතනයට ලක්වු අතර, ඔවුන් වෙනුවෙන් මෙතෙක් සාධාරණය ඉටු වි නොමැති බව මාධ්‍ය ක්‍රියාකාරීහු මෙම සැමරුම් අවස්ථාවන්හිදී අවධාරණය කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, වවුනියාව මාධ්‍ය සමාජයේ සභාපති පී.කාර්දීපන් අදහස් දක්වමින්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ‍හේතුවෙන් මාධ්‍ය වෘත්තිකයින්ටද සෘජු බලපෑම් එල්ල විමට නියමිත අතර, ඒ තුළින් සත්‍ය වසන්වීමට ඉඩකඩ පවතින බැවින් ප්‍රති ත්‍රස්ත පනත වහාම ඉවත් කරගත යුතු බවද එහිදී මධ්‍යවේදීහු කියා සිටියහ.

"සිවරාම් ජනතාව වෙත ඇත්ත එළි කිරීම වෙනුවෙන් පෙනී සිටීම මත තමයි ඔහුට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුණේ. සිවරාම් ඇතුළු පිරිස මියගොස් අවුරුදු 18 ක් ගතවන අවස්ථාවේ පාලකයන් නැවත වතාවක් ඇත්ත එළි කිරීම වැළැක්වීමට ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට උත්සාහ කරමින් ඉන්නවා.ඒ හරහා මාධ්‍යවේදීන්ට ඇත්ත එළි කිරීමට බාධාවක් ඇති වෙනවා. පාලකයන් ඇත්ත වසන් කිරීමට ප්‍රති ත්‍රස්ත පනත භාවිතා කිරීමේ සුදානමක් පවතිනවා. සිවරාම් ඇතුළු පිරිස දිවි හිමියෙන් රැකගත් මාධ්‍ය නිදහසට බාධාවන් ඇති නොවිය යුතුයි යන්න තමයි අපේ ඉල්ලීම" යනුවෙන් වවුනියාව මාධ්‍ය සමාජයේ සභාපති පී.කාර්දීපන් එහිදී අදහස් දක්වමින් කියා සිටියේය.