දමිළ මාධ්‍යවේදී සුකිර්දරාජන් ඝාතනය කොට අදට වසර 17 ක්!

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුකිර්දරාජන්ගේ 17 වන ගුණ සැමරුම වෙනුවෙන් අද (24) උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකම සැමරුම් වැඩසටහන් සංවිධානය කොට තිබිණ.

ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුකිර්දරාජන්ගේ 17 වන ගුණ සැමරුම වෙනුවෙන් අද (24) උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකම සැමරුම් වැඩසටහන් සංවිධානය කොට තිබිණ.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය,වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කළේය.

මුලතිව් සැමරුම් වැඩසටහන අතරතුර
ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව් සැමරුම් වැඩසටහන අතරතුර

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය,වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කළේය.

සුබ්‍රමනියම් සුකිර්දරාජන් 2006 ජනවාරි මස 24 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.

1970 වසරේ උපන් සුකිර්දරාජන් මියයන 36 වන වියේ පසු වූ දෙදරු පියෙකු වන අතර, හෙතෙම එවක සමාජසේවා ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවක ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වු අතර, ඝාතනයට ලක්වන අවස්ථාවේ සුකිර්දරාජන් 'සුඩර් ඔලි' මධ්‍ය ආයතනය ඇතුළු දෙමළ භාෂා මාධ්‍ය කිහිපයකට පුවත් සපයන්නෙකු ලෙස කටයුතු කළේය.

කළු ජනවාරිය වෙනුවෙන් උතුරේදී පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කළු ජනවාරිය වෙනුවෙන් උතුරේදී පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්

මෙරටදි ඝාතනයට ලක්වු හා අතුරුදහන් කළ මාධ්‍යවේදීන් ස්මරණය කරමින් 'කළු ජනවාරිය' සැමරුම් වැඩසටහන අද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කළ අතර ඝාතනයට හා අතුරුදහන් කළ මාධ්‍ය සහෘදයන් සැමරීමට පත්‍රිකා බෙදා දීමේ සහ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උතුරු පළාතේ මාධ්‍ය සංගම් සාමාජිකයින් ද කටයුතු කොට තිබිණ.

කළු ජනවාරිය වෙනුවෙන් උතුරේදී පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කළු ජනවාරිය වෙනුවෙන් උතුරේදී පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්