ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දමිළ මාධ්‍යවේදී සුකිර්දරාජන් ඝාතනය කොට අදට වසර 17 ක්!
ඝාතනයට ලක්වු දමිළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුකිර්දරාජන්ගේ 17 වන ගුණ සැමරුම වෙනුවෙන් අද (24) උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකම සැමරුම් වැඩසටහන් සංවිධානය කොට තිබිණ.
මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය,වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කළේය.
මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය,වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මඩකලපුව මාධ්‍ය සංගම් නියෝජිතයින් අදාළ සැමරුම් වැඩසටහන් සංවිධානය කළේය.
සුබ්‍රමනියම් සුකිර්දරාජන් 2006 ජනවාරි මස 24 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.
1970 වසරේ උපන් සුකිර්දරාජන් මියයන 36 වන වියේ පසු වූ දෙදරු පියෙකු වන අතර, හෙතෙම එවක සමාජසේවා ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළේය.
අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවක ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වු අතර, ඝාතනයට ලක්වන අවස්ථාවේ සුකිර්දරාජන් 'සුඩර් ඔලි' මධ්‍ය ආයතනය ඇතුළු දෙමළ භාෂා මාධ්‍ය කිහිපයකට පුවත් සපයන්නෙකු ලෙස කටයුතු කළේය.
මෙරටදි ඝාතනයට ලක්වු හා අතුරුදහන් කළ මාධ්‍යවේදීන් ස්මරණය කරමින් 'කළු ජනවාරිය' සැමරුම් වැඩසටහන අද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කළ අතර ඝාතනයට හා අතුරුදහන් කළ මාධ්‍ය සහෘදයන් සැමරීමට පත්‍රිකා බෙදා දීමේ සහ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උතුරු පළාතේ මාධ්‍ය සංගම් සාමාජිකයින් ද කටයුතු කොට තිබිණ.