ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට වසර 13 යි:සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් තම සැමියා වෙනුවෙන් යුක්තියේ යාදින්නක් !
මාධ්‍යවේදී හා කාටුන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට අදට වසර 13 කී.
ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තමන්ට යුක්තිය ඉෂ්ට කරන ලෙස බලකරමින් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ අද මෝදර කාලි අම්මාන් කොවිලේදීඅධිෂ්ඨාන සත්‍යක් ක්‍රියාවක් සිදු කළාය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන තුරු තමන් ස්වභාව ධර්මයේ යුක්තිය විශ්වාස කරමින් තම සැමියා වෙනුවෙන් සත්‍ය සොයා ගැනීමට දිගින් දිගටම වෙහෙසෙන බවයි.


