Legends Cricket Trophy 2024: ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධ මෙරට පළමු නඩුව මහාධිකරණයට

මහනුවර, පල්ලේකැලේ දී අවසන් වූ "ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024" තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම්ප් ආර්මි (Kandy Samp Army) ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Legends Cricket Trophy| Facebook

මහනුවර, පල්ලේකැලේ දී අවසන් වූ "ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024" තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම්ප් ආර්මි (Kandy Samp Army) ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

නීතිපතිවරයා විසින් අද (අප්‍රේල් 22 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දැනුම් දෙනු ලැබීය.

අදාළ ඉන්දීය ජාතිකයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මේ බව දැනුම්දී සිටියේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙරට ගොනු කෙරුණු පළමු නඩුකරය මෙය බව ය.

එසේම ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් දකුණු ආසියාවේ ගොනු කෙරුණු පළමු අපරාධමය නඩුව මෙය විය හැකි බවද ඔහු සඳහන් කර සිටියේය.

සැකකාර ඉන්දීය ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා ඇතැයි සඳහන් කළේය.

ඔහු රෝගී තත්ත්වයකින් පසුවන බැවින් ඔහුට විදේශගත වී පැමිණීම සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල උපුල් තරංගගෙන්

එම ඉල්ලීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක විරෝධය පළ කළේය.

"ස්වාමීනී... මෙම සැකකරු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අයෙක්. මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක උපුල් තරංග විසින් කළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ. මෙම සැකකාර ඉන්දීය ජාතිකයා තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් තරංග සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ සමගම උපුල් තරංග විසින් මේ පිළිබඳව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට පැමිණිලි කළා. ඒ අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. මෙම සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය වෙත අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. එය ගොනු කළේ පසුගිය 16 වැනිදා." ඒ අනුව මෙම සැකකරු විසින් ඉදිරිපත් කර තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමට විරුද්ධ වන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය.

මහනුවර, පල්ලේකැලේ දී අවසන් වූ "ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024" තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම්ප් ආර්මි (Kandy Samp Army) ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Legends Cricket Trophy

ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීමේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ පන්ජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු වූ පැචලෝඩියා ආකාශ් නමැති ඉන්දීය ජාතිකයා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර අදාළ තරගාවලියේදී නවසීලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීමේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ පන්ජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු වූ පැචලෝඩියා ආකාශ් නමැති ඉන්දීය ජාතිකයා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (අප්‍රේල් 22 වැනිදා) නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා කියා සිටියේ " ස්වාමීනි... මෙම සැකකරු මෙම තරගාවලියට සහභාගි වූ නවසීලන්ත ක්‍රීඩකයෙකු කැඳවා තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම තරගාවලියට සහභාගි වූ නවසීලන්ත ක්‍රීඩකයෙකු වන නීල් බෘම් නමැත්තාට පන්දු දහයකට අඩු සංඛ්‍යාවක් තුළ දැවී යන ලෙස යෝජනා කර තිබෙනවා. මෙය දැනගත් විගසම අදාල නවසීලන්ත ක්‍රීඩකයා තරගාවලියේ දූෂණ වැළැක්වීමේ කමිටුවට පැමිණිලි කළා. ඒ අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. මෙම ආකාශ් නමැති සැකකරුට එරෙහිව ඉදිරි දින කිහිපය තුළදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරනවා." ඒ අනුව මෙම මෙම සැකකරු ඇපමත මුදා හැරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කොට ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට සූදානම් වන්නේ නම් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි දැයි රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඉන් අනතුරුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉන් අනතුරුව අදාළ සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැන වූ මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව නැවත මැයි මස 17 වැනිදා කැඳවන ලෙසද නියෝග කරන ලදි.