ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන් වැනි තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 89කින් අද (ඔක්තොම්බර් 11 වැනිදා) පරාජයට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Sameera Peiris/Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තුන් වැනි තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 89කින් අද (ඔක්තොම්බර් 11 වැනිදා) පරාජයට පත් විය.

තරගාවලියේ 12 වැනි තරගය වූ මෙය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තයේ පළමු කඩුලු දෙක ලකුණු 49කදී බිඳ වැටිණි.

ටැමී බෝමවුන්ට් ලකුණු 32ක් රැස් කළාය.

හෙදර් නයිට් සහ නායක නැට් සිවර් බ්‍රන්ට් අතර තුන් වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 60ක් ලෙස සටහන් විය.

හෙදර් නයිට් ලකුණු 29කට දැවී ගියාය.

කණ්ඩායමේ බර කරට ගත් නායක නැට් සිවර් බ්‍රන්ට්

කණ්ඩායමේ බර කරට ගත් නායක නැට් සිවර් බ්‍රන්ට් පන්දු 117කට ලකුණු 117ක් රැස් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කණ්ඩායමේ බර කරට ගත් නායක නැට් සිවර් බ්‍රන්ට් පන්දු 117කට ලකුණු 117ක් රැස් කළාය

කණ්ඩායමේ බර කරට ගත් නායක නැට් සිවර් බ්‍රන්ට් පන්දු 117කට ලකුණු 117ක් රැස් කළාය.

ඒ, 4 පහර 9ක් සහ 6 පහර 2ක්ද සමගිනි.

ඇය එක් දින පිටියේ රැස් කළ 9 වැනි ශතකය මෙය වේ.

ඉනෝකා රණවීර ලකුණු 33ට කඩුලු 3ක් දවා ගත්තාය.

එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 253ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමරි අතපත්තු ආබාධයකට ලක් වීම නිසා පිටියෙන් ඉවත් වූවාය.

ආරම්භක පිතිකරු හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම තුන් වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගූහ.

හසිනි පෙරේරා ලකුණු 35ක් රැස් කළාය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33කට දැවී ගියාය.

පසුව චමරි අතපත්තු නැවතත් පිටියට පිවිසියද ඇයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 15ක් පමණි.

පන්දුවාර 45යි පන්දු 4කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164කට දැවී ගියහ.

පන්දුවාර 45යි පන්දු 4කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164කට දැවී ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Sameera Peiris/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්දුවාර 45යි පන්දු 4කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 164කට දැවී ගියහ

ශ්‍රී ලංකාව ලකුණු සටහනේ 7 වැනි තැනට

ඒ අනුව තරගාවලියේ තරග තුනකට සහභාගී වූ ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

ඔවුන්ට හිමිව ඇත්තේ එක් ප්‍රසාද ලකුණක් පමණි.

ශ්‍රී ලංකාව තරග 2ක් පරාජය වූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය වර්ෂාව නිසා අතර දැමීමට සිදු වූ නිසා එක් ප්‍රසාද ලකුණක් හිමිව තිබේ.

තරගාවලියේ තරග තුනකට සහභාගී වූ ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Matthew Lewis-ICC/ICC via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගාවලියේ තරග තුනකට සහභාගී වූ ශ්‍රී ලංකාවට ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි

අද තරගය ජය ගැනීමත් සමග එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබේ.

ඒ සහභාගී වූ තරග 3ම ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමිනි.

ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසු වන අතර ඉන්දීය කණ්ඩායම තුන් වැනි ස්ථානයට පත්ව ඇත.

පිළිවෙලින් දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බංග්ලාදේශය සිව්වැනි, පස්වැනි සහ හයවැනි ස්ථානවල රැඳී සිටී.

ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිව තිබෙන්නේ පකිස්ථානයටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී නවසීලන්ත, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශ සහ පකිස්ථාන කණ්ඩායම් සමග තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන 14වැනිදා නවසීලන්තයට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.