ජෝන් සීනා සොයා ගිය ලාංකිකයා: ‘මේක මගේ පොඩි කාලේ ඉදන් තිබ්බ හීනයක්’

ඇමෙරිකානු ජාතිකයෙකු වන ජෝන් සීනා රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම නළුවෙකු ලෙස ද මෙරට ජනතාව අතර ද ප්‍රකට ය.

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

'ජෝන් සීනා අපෙ පොඩි එකාගේ ඔලුවට ගහලා' මේ වචන මීට වසර කිහිපයකට පෙර මෙරට ගුවන් විදුලියේ, රූපවාහිනියේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ගීතයක පද පෙළකි.

ඇමෙරිකානු ජාතිකයෙකු වන ජෝන් සීනා රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම නළුවෙකු ලෙස ද මෙරට ජනතාව අතර ද ප්‍රකට ය.

ජෝන් සීනා ගැන නැවතත් කතාබහක් මෙරට ජනතාව අතර මතුවන්නේ ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටි ශ්‍රී ලාංකිකයෙකු ගැන මෙරට සමාජ මාධ්‍යයේ අවධානය යොමු වීමත් සමගය.

ඇමෙරිකාවේ ජීවත් වන එම ශ්‍රී ලාංකිකයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල වෙත හැකි විය.

කුඩා කාලයේ පටන් රෙස්ලින් ක්‍රීඩාවට තිබු කැමැත්ත සහ උනන්දුව නිසා කවදා හෝ රෙස්ලින් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක බලා ගන්න තමා තුළ විශාල ආශාවක් තිබු බව ප්‍රවේන්ද්‍ර අප සමග කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා කාලයේ පටන් රෙස්ලින් ක්‍රීඩාවට තිබු කැමැත්ත සහ උනන්දුව නිසා කවදා හෝ රෙස්ලින් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක බලා ගන්න තමා තුළ විශාල ආශාවක් තිබු බව ප්‍රවේන්ද්‍ර අප සමග කියා සිටියේය

‘මගේ පොඩි කාලයේ ඉදලා සිහිනයක් මේක’

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඩලස්‌ හි පිහිටි පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටින ඔහු නමින් ප්‍රවේන්ද්‍ර සතාසිවම්ය.

තමන් මීට වසර 6 කට පෙර ඇමෙරිකාවේ රැකියාවක් සඳහා පැමිණි බව ප්‍රවේන්ද්‍ර බීබීසී සිංහල සමග කතාබහකට එක්වෙමින් පැවසීය.

කුඩා කාලයේ පටන් රෙස්ලින් ක්‍රීඩාවට තිබු කැමැත්ත සහ උනන්දුව නිසා කවදා හෝ රෙස්ලින් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක බලා ගන්න තමා තුළ විශාල ආශාවක් තිබු බව ප්‍රවේන්ද්‍ර අප සමග කියා සිටියේය.

"පොඩි කාලේ ඉදලම මම රෙස්ලින් වලට ආසයි. ඉස්සර කාලේ රෙස්ලින් ආවේ CD වල. මම ඒවා අරන් බලන්න පුරුදු වුණා. ඒ එක්කම රෙස්ලින් ක්‍රීඩකයින්ගේ ජායාරූප එකතු කරන්න පටන් ගත්තා."

"ට්‍රිපල් H, අන්ඩර්ටේකර් වගේ ක්‍රීඩකයින්ගේ කාලේ ඉදලා මම රෙස්ලින් බලාගෙන හිටියේ."

"ඒ කාලේ ඉදලම යාලුවෝ එක්ක රෙස්ලර්ස් ලගේ ෆොටෝ මාරු කරගෙන, CD හොයාගෙන ඒවා එකතු කරන් ආසාවෙන් හිටියේ මේ ක්‍රීඩාවට." ඔහු තමාගේ අතීතය ගැන කියමින් එලෙස තම මතකය අවදි කළේය.

"ට්‍රිපල් H, අන්ඩර්ටේකර් වගේ ක්‍රීඩකයින්ගේ කාලේ ඉදලා මම රෙස්ලින් බලාගෙන හිටියේ."

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

ඡායාරූප ශීර්ෂ වැකිය, "ට්‍රිපල් H, අන්ඩර්ටේකර් වගේ ක්‍රීඩකයින්ගේ කාලේ ඉදලා මම රෙස්ලින් බලාගෙන හිටියේ." යැයි ප්‍රවේන්ද්‍ර කියා සිටියේය

සජීවීව නැරඹු පළමු තරගය

ඇමෙරිකාවේ රැකියාවට පැමිණීමෙන් අනතුරුව පළමු වරට රෙස්ලින් තරගයක් නැරඹීමට ගිය අවස්ථාව ගැන බීබීසී සිංහල ඔහුගෙන් විමසා සිටියේය.

පළමු වරට සජීව ලෙස රෙස්ලින් තරගයක් නැරඹීමට ලැබුණු අවස්ථාව ගැන ඔහු මෙලෙස විස්තර කළේය.

"2020 වසරේ පැවතුනු ‘ Royal Rumble’ තරගාවලිය තමයි මම පළමුව රෙස්ලින් තරගවල සජීවීව නරඹන්න ගියේ."

'මගේ පළවෙනි එක්ස්පිරියන්ස් එක මේක. මට තරගය නරඹන්නන අවශ්‍ය ප්‍රවේශ පත්‍රය බුක් කරන එක ගැන ලොකු දැනුමක් තිබුනේ නැහැ."

"ඒ නිසා තරගය තිබෙන තැන ඉදලා මම නරඹන්නන් හිටිය තැන ටිකක් දුරින් වුන නිසා ඒකෙ රියල් එක්සිපිරියන්ස් එක ගන්න ලැබුනේ නැහැ මට." ඔහු පැවසුවේය.

කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රේක්ෂකයින්ට සහභාගී වීමට අවසර දුන් පළමු රෙස්ලින් තරගය නැරඹීමට ද තමන් ගිය බව ඔහු කියා සිටියේය. එම තරගය තමාගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ප්‍රවේන්ද්‍ර මෙහිදී පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

‘ඒක තමයි මගේ ජිවිතේ ටර්නින් පොයින්ට් එක වුනේ’

කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රේක්ෂකයින්ට සහභාගී වීමට අවසර දුන් පළමු රෙස්ලින් තරගය නැරඹීමට ද තමන් ගිය බව ඔහු කියා සිටියේය. එම තරගය තමාගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ප්‍රවේන්ද්‍ර මෙහිදී පැවසුවේය.

"ඒ තරගය නරඹන්න මම ප්‍රවේශ පත්‍රයක් වෙන්කර ගත්තා. ඒ තරගය පැවැත්වෙන ස්ථානයට ආසන්නයේම තියෙන තැනක්."

"ඒ තරගය තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වුනේ. එදා මම ශ්‍රී ලංකාවේ ජාතික ධජය අරන් ගිහිල්ලා හිටියේ."

"රෙස්ලින් එකේ ප්‍රධාන නිලධාරීන් වන ස්ටෙෆනී සහ ට්‍රිපල් H ඇවිත් හිටියා ප්‍රේක්ෂකයින්ව මුණ ගැහෙන්න කියලා.මම එදා එයාලා එක්ක සෙල්ෆි ජායාරූ ගත්තා."

"ඊට පස්සේ තරගය තිබුණු තැන ඇතුලේ අපේ රටේ කොඩිය එක්ක ගත්ත ජායාරූප ෆේස්බුක් එකේ පළකළා.ඒක හැමෝම බලලා වයිරල් වෙන්න පටන් ගත්තා. එදා ඉදලා තවම යනවා රෙස්ලින් තරග නරඹන්න." ඔහු පැවසුවේය.

කොවිඩ් වසංගතයෙන් පසුව ප්‍රේක්ෂකයින්ට සහභාගී වීමට අවසර දුන් පළමු රෙස්ලින් තරගය නැරඹීමට ද තමන් ගිය බව ඔහු කියා සිටියේය. එම තරගය තමාගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ප්‍රවේන්ද්‍ර මෙහිදී පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

රෙස්ලින් තරගයක් නරඹන්න කොපමණ මුදලක් වැය වනවාද ?

රෙස්ලින් තරගයක් නරඹන්න ප්‍රවේශ පත්‍රයක් සඳහා වැය වන මුදල කොපමණදැයි ප්‍රවේන්ද්‍ර ගෙන් විමසු විට ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"WWE වල ඉවෙන්ට්ස් කිහිපයක් තියෙනවා. එයාලගේ හැම සතියකම පවත්වන තරගවාර දෙකක් තියෙනවා. Monday RAW Night සහ Friday Smack Down කියලා. මේකේ ටිකට් පටන් ගන්නේ ඩොලර් 50 ඉදලා උපරිම ඩොලර් 800 දක්වා ටිකට් මිල යනවා."

"WWE Live Event කියලා තියෙනවා. ඒවා සජීවීව පෙන්වන්නේ නැහැ. අපි මුදල් ගෙවල යන්න ඕන. ඒවා ඩොලර් 20 ඉදලා ටිකට් පටන් ගන්නේ."

"ඊට අමතරව Wrestling Mania, Royal Rumble, Summer Slams සහ Money In the Bank කියන මේන් ඉවෙන්ට් වල ටිකට් එකක් පටන් ගන්න අඩුම ගාන ඩොලර් 100ක් වෙනවා. ඒකෙ උපරිම ටිකට් එකක් ඩොලර් 15,000ක් වගේ වෙනවා."

"WWE Live Event කියලා තියෙනවා. ඒවා සජීවීව පෙන්වන්නේ නැහැ. අපි මුදල් ගෙවල යන්න ඕන. ඒවා ඩොලර් 20 ඉදලා ටිකට් පටන් ගන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

"මේ ටිකට් වල මිළ ගණන් අනුව තමයි තීරණය වෙන්නේ තරගය පැවැත්වෙන තැන ඉදලා කොයි තරම් දුරකින් ඉදලද අපිට ෆයිට් එක නරඹන්න ලැබෙන්නේ කියලා."

"මම ගත්තු ලොකුම ටිකට් එක WrestleMania ඉවෙන්ට් එක ලොස් ඇන්ජලීස් වල තිබුණ. එකට ඩොලර් 1400ක් වියදම් කළා."

"මම මේ වෙනකොට සජීවී තරග 15ක් වගේ නරඹන්න ගිහින් තියෙනවා." ඔහු පැවසුවේය.

රෙස්ලින් ක්‍රීඩකයින් හමුවෙන්නත් මුදල් ගෙවන්න ඕන

රෙස්ලින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමට ලැබෙන අවස්ථා මොන වාගේදැයි ඇසු පැනයට පිළිතුරු දෙමින් ප්‍රවේන්ද්‍ර කියා සිටියේ එවැනි අවස්ථාවක් ලබා ගන්න කල් තියා වේලාවන් වෙන් කොට ඒ සඳහා මුදල් ගෙවීමක් ද කළ යුතු බවය.

"රෙස්ලින් ක්‍රීඩා කරන අය සහභාගී වෙන පබ්ලික් ඉවෙන්ට්ස් තියෙනවා. ඒ අවස්ථාවන් අපි බලාගෙන ඉන්නවා. ඒවා අපිට WWE එකෙන්ම නිවේදනය කරනවා."

"එතකොට ඒ ඉවෙන්ට් එක වෙනුවෙන් අපි මුදල් ගෙවලා ඇතුල් වෙනවා. අපේ ෆෝන්, කැමරා මොකුත් අරන් යන්න දෙන්නේ නැහැ."

"ඒ ඉවෙන්ට් එකේ ඉන්න ෆොටෝග්‍රෑෆර්ස්ලම තමයි ෆොටෝ අරන් අපිට ඒවා ඊමේල් කරන්නේ." ඔහු කියා සිටියේය.

රෙස්ලින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමට ලැබෙන අවස්ථා මොන වාගේදැයි ඇසු පැනයට පිළිතුරු දෙමින් ප්‍රවේන්ද්‍ර කියා සිටියේ එවැනි අවස්ථාවක් ලබා ගන්න කල් තියා වේලාවන් වෙන් කොට ඒ සඳහා මුදල් ගෙවීමක් ද කළ යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

ඡායාරූප ශීර්ෂ වැකිය, රෙස්ලින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමට ලැබෙන අවස්ථා මොන වාගේදැයි ඇසු පැනයට පිළිතුරු දෙමින් ප්‍රවේන්ද්‍ර කියා සිටියේ එවැනි අවස්ථාවක් ලබා ගන්න කල් තියා වේලාවන් වෙන් කොට ඒ සඳහා මුදල් ගෙවීමක් ද කළ යුතු බවය.

ජෝන් සීනා මොකද කිව්වේ ?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනා සමග ගත් ඡායාරූපය ගැන නැගු පැනයට පිළිතුරු දෙමින් ප්‍රවේන්ද්‍ර කියා සිටියේ එදින තමන් ගේ සැලසුම වී තිබුනේ තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයෙකු වන ඩ්වේයින් ජොන්සන් හෙවත් 'රෝක්' මුණ ගැසීම බවයි.

"Comic Corn කියන ඉවෙන්ට් එකට මම කල් තියලා ඇපොයිමන්ට් එකක් අරන් හිටියේ ඒකට රෝක් එනවා කියලා තිබ්බ නිසා. නමුත් අන්තිම මොහොතේදී රෝක් ඒ ඉවෙන්ට් එකට ආවේ නැහැ. ඔහු ඒ වෙලාවේ වෙන නගරයක තිබ්බ ඉවෙන්ට් එකකට ගිහින් තිබ්බා."

"ඒත් මම ගියපු ඉවෙන්ට් එකට ජෝන් සීනා ඇවිල්ලා හිටියා. ඒ නිසා මට අවස්ථාවක් ලැබුණා ඔහු එක්ක ෆොටෝ එකක් ගන්න."

"සමහර රෙස්ලින් ක්‍රීඩකයෝ ඉන්නවා රටවල් වල ජාතික ධජයන් එක්ක ෆොටෝ වලට පෙනී ඉන්න අකමැති. මට මේ වෙනකම් හම්බ වෙලා තියෙන්නේ එහෙම කියපු එක් ක්‍රීඩකයෙක් විතරයි."

"මම ජෝන් සීනා එක්ක ෆොටෝ එකකට පෙනී හිටියා. එයා ඉන්දියාව හොඳට දන්නවා. මොකද එයා එහෙ ඇවිල්ලා ඉදලා තියෙනවා."

"පස්සේ මම ඔහුට ඉංග්‍රීසීයෙන් කිව්වා 'මම ශ්‍රී ලංකාවේ. අපේ රටේ ජාතික ධජයත් එක්ක ෆොටෝ එකකට පෙනී ඉන්න පුලුවන්ද කියලා. ජෝන් සීනා එකට කැමති වුණා." ප්‍රවේන්ද්‍ර පැවසුවේය.

"පස්සේ මම ඔහුට ඉංග්‍රීසීයෙන් කිව්වා 'මම ශ්‍රී ලංකාවේ. අපේ රටේ ජාතික ධජයත් එක්ක ෆොටෝ එකකට පෙනී ඉන්න පුලුවන්ද කියලා. ජෝන් සීනා එකට කැමති වුණා."

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

ඡායාරූප ශීර්ෂ වැකිය, "පස්සේ මම ඔහුට ඉංග්‍රීසීයෙන් කිව්වා 'මම ශ්‍රී ලංකාවේ. අපේ රටේ ජාතික ධජයත් එක්ක ෆොටෝ එකකට පෙනී ඉන්න පුලුවන්ද කියලා. ජෝන් සීනා එකට කැමති වුණා."

මේ දක්වා මුණ ගැසුණු රෙස්ලින් ක්‍රීඩකයෝ කවුද?

මේ දක්වා තමන්ට මුණ ගැසුණු සහ ඡායාරූප ගැනීමට අවස්ථාව උදාවු රෙස්ලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන ද ඔහූ මෙලෙස පැහැදිලි කළේය.

"මට මුලින්ම මුණ ගැහුනේ ට්‍රිපල් H, ස්ටේෆනී, රේ මිස්ටිරියෝ, අන්ඩර්ටෙකර්, Drew McIntyre, ෂෝන් මයිකල්, Bianca, නටාලියා, CM Punk සහ Cody Rhodes ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් හම්බ වෙලා ජායාරූප අරන් තියෙනවා."

"Cody Rhodes එක්ක මම ‍‍‍‍ඡායාරූපයක් ගන්න ගිය වෙලාවේ එයා මගේ අතේ තිබ්බ අපේ රටේ ජාතික ධජය දැකලා කෙලින්ම කිව්වා ශ්‍රී ලංකා කියලා. එයා ගොඩක් හොඳින් කතා කළා. එයාට හරියට මිනිස්සු ආදරේ කරනවා."

"රෙස්ලින් ක්‍රීඩා කරන අය හරිම හොදයි. එයාලා හරිම මිත්‍රශීලි. ප්‍රේක්ෂකයින්ට ගොඩක් ගරු කරනවා."

"මගේ බලාපොරොත්තුව කවදා හරි ලංකාවට රෙස්ලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු එක්කන් එන එක. ඒක ඒ තරම් ලේසි නැහැ. නමුත් මම උත්සාහ ගන්නවා තරගයකට නොවුනත් අපේ රට බලන්න හරි එයාලට එන්න කියලා ආරාධනා කරන්න."

"මොකද එයාලේ ආරක්ෂාව සහ වියදම් සඳහා විශාල මුදලක් යනවා." ඔහු කියා සිටියේය.

"මගේ බලාපොරොත්තුව කවදා හරි ලංකාවට රෙස්ලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු එක්කන් එන එක. ඒක ඒ තරම් ලේසි නැහැ. නමුත් මම උත්සාහ ගන්නවා තරගයකට නොවුනත් අපේ රට බලන්න හරි එයාලට එන්න කියලා ආරාධනා කරන්න."

ඡායාරූප මූලාශ්‍රය, Pravendra Sathasivam

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ බලාපොරොත්තුව කවදා හරි ලංකාවට රෙස්ලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු එක්කන් එන එක. ඒක ඒ තරම් ලේසි නැහැ. නමුත් මම උත්සාහ ගන්නවා තරගයකට නොවුනත් අපේ රට බලන්න හරි එයාලට එන්න කියලා ආරාධනා කරන්න." යැයි ප්‍රවේන්ද්‍ර පැවසීය

රෙස්ලින් ක්‍රීඩකයින්ට අමතරව තමන්ට අවස්ථා කිහිපයකදී හොලිවුඩ් නළුවන් පවා මුණ ගැසී ඇති බව ද ප්‍රවේන්ද්‍ර බීබීසී සිංහල සමග කියා සිටියේය.

"මට 50 Cents කියන රැප් ගායකයා වගේම හොලිවුඩ් නළුවෙක් එයා, ඒ වගේම Amazing Spider-Man චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුන Andrew Garfield වගේ නළුවන් කිහිප දෙනෙක්ම හම්බ වෙන්න අවස්ථාව ලැබුණා." ඔහු පැවසුවේය.

එමෙන්ම මේ දක්වා තමන් පැමිණි ගමනට ඇමෙරිකාවේ තමන් සේවය කරන ආයතනයේ හිමිකරු සහ එහි සේවය කරන පිරිස සහයෝගය දුන් බව ද ප්‍රවේන්ද්‍ර සතාසිවම් පැවසුවේය.

"මට මේක තනියම එන්න පුළුවන් වුන ගමනක් නෙමේ. මම වැඩ කරන ආයතයේ හිමිකරු වගේම එතැන ඉන්න මගේ සහෝදර සේවකයිනුත් මේ ගමනට මට ගොඩක් උදව් කරනවා. මට අවශ්‍ය වෙලාවට නිවාඩු එහෙම ගන්න ඒක ලොකු පහසුවක් වුණා. මේක මගේ පොඩි කාලේ ඉදන් තිබ්බ හීනයක්. මම හෙමීට ඒ ගමන යනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.