ඉන්දියාවට එරෙහිව වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ (සැප්තැම්බර් 12 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 41 ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.
ඒ සමග ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඉන්දීය පිලේ සාර්ථක ආරම්භය සහ කඩා වැටීම
ඉන්දීය ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 80ක් රැස් කළේය.
ශුබ්මන් ගිල් සහ රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රබල පිතිහරඹයක් දියත් කරනු ලැබිය.
කෙසේ වුවත් ලකුණු 19ක් රැස් කර ගෙන සිටි ශුබ්මන් ගිල්ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුයේ තමන් යවන ලද පළමු පන්දුවෙන්ය.
ඉන් පසුව ක්‍රියාත්මක වූ වෙල්ලාලගේ තරගයේ 14 වන පන්දු වාරයේදී විරාත් කෝලි ලකුණු 3 කට දවා ගනු ලැබිය.
ඉන් පසුව තරගයේ 16 වන පන්දු වාරයේ දී ලකුණු 53ක් රැස් කරගෙන සිටි නායක රෝහිත් ෂර්මා දවා ගැනීමට දුනීත් වෙල්ලාලගේ සමත් වීමත් සමග ඉන්දීය කණ්ඩායම දැඩි අසරණ භාවයකට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කඩා වැටීම මැද උදාවූ අස්වැසිල්ල
පන්දුවාර 15.1 කදී ලකුණු 91 කට කඩුලු තුනක් දැවී ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අස්වැසිල්ලක් ගෙන ඒමට ඊෂාන් කිෂන් සහ කේ.එල්. රාහුල් සමත් වූහ.
ඔවුන් දෙදෙනා විසින් කඩා වැටුණු ඉන්දීය ඉනිමේ සිව්වන කඩුල්ලට ලකුණු 63ක් එක් කිරීමට සමත් විය.
කෙසේවුවත් තරගයේ 30 වන පන්දු වාරයේදී නැවතත් ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාගේ ලකුණු 39ක් රැස් කර ගෙන සිටියි කේ.එල්. රාහුල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
නායක දසුන්ගේ තීරණය
දඟ පන්දු යවන්නන් හට තණ තීරුවේ සහය ලැබෙන බවට පෙනී යෑමත් සමග නායක දසුන් ශානක චරිත් අසලංක පන්දු යැවීමට කැඳවීමට තීරණය කළේය.
ඒ අනුව අසලංක විසින් ලකුණු 33ක් රැස් කරමින් සිටි ඉෂාන් කිෂන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
තරගයේ 36 වන පන්දු වාරයේදී දුනිත් වෙල්ලාලගේ විසින් හර්දික් පාන්ඩයා ගේ කඩුල්ල දවා ගත්තේය.
ඒ සමග වෙල්ලාලගේ පළමු වරට සිය එක්දින තරග දිවියේ කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අසරණ වූ ඉන්දීය පිතිකරුවන්
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසින් ඉන්දීය පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන ඒමට සමත් විය.
නිත්‍ය පන්දු යවන්නෙකු නොවුවද අද දිනයේදී පන්දු යැවීමට කැඳවූ චරිත් අසලංක ද ඉන්දීය කණ්ඩායමේ කඩුලු 04ක් දවා ගත්තේය.
ලකුණු 186 කට කඩුලු 09ක් දැවී තිබු මොහොතේ මොහොමඩ් සිරාජ් සහ අක්සාර් පටෙල් විසින් සෙමෙන් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේ ශ්‍රී ලංකා පානදු යවන්නන් ගෙන් එල්ලවූ තර්ජනයට සාර්ථකව මුහුණ දෙමින්ය.
තරගයට වර්ෂාවෙන් බාධා
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්දීය කණ්ඩායමේ 47 වන පන්දු වාරය අවසානය සමග ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව නිසා තරගය පැයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවිය.
නැවත රාත්‍රී 7.15 ට තරගය ආරම්භ කෙරුණ අතර තරගයේ 49 වන පන්දු වාරයේදී මහීෂ් තීක්ෂණ විසින් ලකුණු 26ක් රැස් කරගෙන සිටියි අක්සාර් පටෙල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
අක්සාර් පටෙල් සහ මොහොමඩ් සිරාජ් විසින් ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සම්බන්ධතාවයක් එක් කළේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 49.1ක් අවසානයේ දී සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 213 ක් පමණි.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 කට කඩුලු 05ක් ද, චරිත් අසලංක ලකුණු 18 කට කඩුලු 04ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 41 කට එක් කඩුල්ලක් දවා ගනු ලැබීය.
ලකුණු 214 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉන්දිය පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ ප්‍රබල තර්ජනයකි.
පැතුම් නිශ්ශංක ලකුණු 06කට, දිමුත් කරුණාරත්න ලකුණු 02 කට, කුසල් මෙන්ඩිස් ලකුණු 15 කට දැවී ගියහ.
ලකුණු 25 කට කඩුලු 03ක් දැවී ගොස් තිබියදී චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කිරීමට සමත් විය.
කඩා වැටුණු මැද පෙළ
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 68ක්ව තිබියදී සදිර සමරවික්‍රම ලකුණු 17 කට සහ චරිත් අසලංක ලකුණු 22 කට දැවී ගියේය.
ඉන් පසුව නායක දසුන් ශානක ලකුණු 09 කට දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වුයේ පන්දු වාර 25.1 කදී ලකුණු 99ක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙනා ධනංජය සහ වෙල්ලාලගේ
ශ්‍රී ලංකාව අසරණ මට්ටමක පත්ව සිටිය අවස්ථාවේ දී ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ 07 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගෙන ආවේය.
එසේ නමුත් ලකුණු 41ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වා ගේ කඩුල්ල දවා ගැනීමට රවින්ද්‍ර ජඩේජා සමත් විය.
ඒ සමග ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවන් තිදෙනා ඉක්මනින් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වූහ.
කෙසේ නමුත් අද තරගයේදී කඩුලු 05ක් දවා ගනු ලැබූ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42ක් රැස් කළේ ය.
පන්දු යැවීමේදී කුල්දිප් යාදෙව් කඩුලු 4ක්, ජස්ප්‍රීට් බුම්රා සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 ක බැගින් දවා ගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අද තරගයේ බිහිවූ වාර්තා මොනවාද ?
අඛණ්ඩව එක්දින තරග 14 කදී ප්‍රතිවාදී පිතිකරුවන් සම්පුර්ණයෙන් දවා ගනු ලැබූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය.
එක්දින තරගයකදී දඟ පන්දු යවන්නන් හමුවේ ඉන්දීය කණ්ඩායමේ කඩුලු 10 ම දැවී ගිය පළමු අවස්ථාව ලෙස මෙම තරගය වාර්තා පොත් අතරට එක්විය.












