සෞදි අරාබිය ඔටුවන් මිලියන ගණනකට ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කොට ඇත්තේ ඇයි?

सऊदी अरब देश के लाखों ऊंटों को पासपोर्ट जारी कर रहा है (सांकेतिक तस्वीर)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සයිඩ් අබ්දුල්ලා නිසාමි
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

රට තුළ සිටින ඔටුවන් මිලියන ගණනකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ.

බලධාරීන් පවසන්නේ රටට බොහෝ වටිනාකමින් යුතු මෙම සත්ත්වයන් තවත් හොඳින් පෝෂණය කිරීම සඳහා මෙම පියවර උපකාරී වනු ඇති බව යි.

සෞදි බලධාරීන්ට අනුව මෙම ක්‍රියාකලාපය ඔස්සේ ඔටුවන් පාලනයෙන් හිමිවන ලාභය ඉහළ නැංවෙනු ඇති අතර, සතුන් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ හිමිකරුවන් පිළිබඳ විශ්වාසදායක දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට එය උපකාරී වේ.

එරට පරිසර, ජලජ හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද වීඩියෝවක ඊට අදාළ ලියකියවිලි ද දැක් වේ. එය රටේ රාජ්‍ය ලාංඡනය සහිත හරිත විදේශ ගමන් බලපත්‍රයක් සහ ඔටුවෙකු නිරූපණය කරන රන් මුද්‍රාවක් පෙන්වයි.

2024 වසරේදී රජය ඇස්තමේන්තු කරනු ලැබුවේ සෞදි අරාබිය තුළ ආසන්න වශයෙන් ඔටුවන් මිලියන 2.2 ක් පමණ සිටින බවයි.

राजधानी रियाद से लगभग 150 किलोमीटर पूर्व में स्थित रामाह में वार्षिक उत्सव में पहुंचे ऊंट सवार (फ़ाइल फ़ोटो)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රියාද් අගනුවරට කිලෝමීටර් 150ක් පමණ නැගෙනහිරින් පිහිටි රාමාහි වාර්ෂික උත්සවයට ඔටුවන් පිට යාමට පිරිස් පැමිණෙති (සංරක්ෂිත ඡායාරූප)

මෙම ඔටුවෝ රටේ ආර්ථිකයට වසරකදී රියාල් බිලියන 2කට අධික අදායමක් ඉපයීම සඳහා දායක වෙති.

Arab News පුවත් සේවය වාර්තා කරන පරිදි ලොව පුරා ඔටුවන් ආසන්න වශයෙන් මිලියන 35ක් පමණ ජීවත් වන අතර එම සංඛ්‍යාවෙන් මිලියන 17ක් පමණ අරාබි රටවල වෙසෙයි. මෙම සංඛ්‍යාව අනුව අරාබි කලාපයේ ඔටුවන් වැඩිම සංඛ්‍යාවක් සිටින රට ලෙස සෝමාලියාව ඉදිරියෙන් පසුවන අතර ඉන් අනතුරුව සූඩානය, මොරිටේනියා, සෞදි අරාබිය සහ යේමනය සිටියි.

ඔටුවා සෞදි අරාබියේ ජාතික ලාංඡනයේ කොටසක් වේ. එමෙන්ම ඔවුහු ඔටුවන් සඳහා රූපලාවන්‍ය තරග සහ සංදර්ශන පවත්වන අතර එහිදී තේරී පත් වෙන හොඳම ඔටුවන් සඳහා ත්‍යාග පිරිනමති.

සෞදි අරාබියේ ජාතික උත්සව, විශේෂ අවස්ථා සහ ඓතිහාසික සිදුවීම් වැනි සැමරුම් ඔටුවන් නොමැතිව සිදු නොවේ. ඔටුවන්ට සෞදි අරාබිය තුළ සහ අරාබි ගල්ෆ් රටවල දිගු ඉතිහාසයක් පවතී.

ඔටුවන්ගේ ඉතිහාසය

1930 में मक्का की ओर जा रहा एक काफिला

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉතිහාසය දෙස කෙටියෙන් විමසා බැලීමක් සිදු කරන විට, විසිවන සියවසේ මුල් වසරවලදී ලබා ගත් ඡායාරූපවලින් පෙනී යන්නේ ඉස්ලාම් ධර්මයේ ශුද්ධ නගර වන මක්කම සහ මදීනා වෙත ගමන් කිරීම සඳහා පැවැති එක ම ප්‍රවාහන මාධ්‍යය වූයේ ඔටුවන් බවයි.

ඇෆ්ඝනිස්ථානය, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව සහ ඈත පෙරදිග සිට වන්දනාවේ පැමිණෙන තවලම් කණ්ඩායම් ඔටුවන් මත සෞදි අරාබියට දිගු දුරක් ඇවිද ගියහ. ගල්ෆ් කලාපයේ නිසරු කාන්තාර හරහා ගමන් කිරීමට ඔටුවන් භාවිතා කිරීමේ සම්ප්‍රදාය සියවස් ගණනාවක් පැරණි අතීතය දක්වා දිව යයි.

සෞදි අරාබියේ ඔටුවන්ගේ ගල් මූර්ති ලෝකයේ පැරණිතම සත්ව රූප විය හැකි බව අධ්‍යයනයක් මගින් අනාවරණ කර තිබේ.

2018 වසරේදී මෙම ස්ථානවල පළමු වරට කැණීම් සිදු කරන අවස්ථාවේදී ඒ සඳහා සහභාගී වූ පර්යේෂකයන් ඇස්තමේන්තු කළේ මෙම ශිලා කැටයම් වසර දෙදහසකට පමණ පෙර නිර්මාණය කර ඇති බවයි.

මෙම උපකල්පනය මතු කරනු ලැබුවේ එම ශිලා කැටයම් ජෝර්දානයේ ප්‍රසිද්ධ පුරාණ නගරයක් වන පෙට්‍රාහිදී සොයාගත් කෞතුක වස්තු වලට සමාන වූ බැවින් ය. කෙසේ වෙතත්, පසුකාලීනව සිදු කළ පර්යේෂණ මගින් ඇස්තමේන්තු කරනු ලැබුවේ මෙම ඔටුවන්ගේ රූපවල ඉතිහාසය අවුරුදු හත්දහසක් සහ අටදහසක් අතර කාලයක් දක්වා පැරණි විය හැකි බව යි.

ගල් කැටයම් නිර්මාණය කරන ලද නිවැරදි කාලසීමාව තීරණය කිරීම පර්යේෂකයන්ට ප්‍රධාන අභියෝගයක් වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ පැරණි ගුහාවල පවතින සිතුවම් මෙන් නොව, මෙම නිදර්ශකවල බොහෝ විට කාබනික ද්‍රව්‍ය අඩංගු නොවීමයි. මෙම කලාපයේ මෙම ගුණාත්මක භාවයෙන් යුත් ශිලා සිතුවම් සොයා ගැනීම ද දුර්ලභ ය.

2021 සැප්තැම්බර් මාසයේදී, ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් Journal of Archaeological Science ඔස්සේ ඔවුන්ගේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළහ.

ප්‍රතිමා සඳහා කාල නිර්ණයක් හඳුනා ගැනීම සඳහා ඔවුහු ප්‍රදේශයෙන් හමු වූ ඛාදන රටා, සලකුණු සහ සත්ව අස්ථි අධ්‍යයනය කළහ.

මෙවැනි ස්මාරක වසර 5000ක් තරම් ඈත අතීතයට දිවෙන ශිලා යුගයට පෙර කාලයට අයත් ඒවා බව පැවසේ. ඒවා වසර 4500ක් පමණ පැරණි ඊජිප්තුවේ ගීසා පිරමීඩවලටත් වඩා පැරණි විය හැක.

ඔටුවන් සුරතල් සතුන් ලෙස තබා ගැනීමට පෙර එවැනි ස්මාරක ඉදිකරන ලද අතර, කලාපයේ ආර්ථික සංවර්ධනයේ වැදගත් සංකේතයක් විය.

මෙම ප්‍රතිමා නිර්මාණය කරන විට, සෞදි අරාබිය අදට වඩා බෙහෙවින් වෙනස් එකක් විය. වර්තමානයේ පවතින කාන්තාර වෙනුවට, විල් සහිත හරිත හා තෘණභූමි සහිත ප්‍රදේශ රාශියක් විය.

ඔටුවන්ගේ මෙම ප්‍රතිමා නිර්මාණය කළේ ඇය දැයි තවමත් පැහැදිලිව අනාවරණ වී නොමැති නමුත් පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙය සංචාරක ගෝත්‍රිකයන් සිය රැස්වීම් පැවැත්වූ ස්ථානයක් විය හැකි බව යි.

'ඔටුවන් නැතුව මෙම දැවෙන කාන්තාරයේ ජීවත් වෙන්න බැරිවෙයි'

20वीं शताब्दी के मध्य में, सऊदी अरब और एक अमेरिकी कंपनी के संयुक्त उद्यम में तेल के कुएं के पास ऊंटों का एक झुंड (फ़ाइल फ़ोटो)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 20 වන සියවසේ මැද භාගයේදී සෞදි අරාබි සහ ඇමරිකානු සමාගමක හවුල් ව්‍යාපාරයකට අයත් තෙල් නිදියක් අසල සිටින ඔටුවන් රංචුවක් (සංරක්ෂිත ඡායාරූප)

සෞදි ඉතිහාසඥයෙකු සහ රියාද් පුවත්පත් තීරු ලිපි රචකයෙකු වන බදර් බින් සවුද් පවසන්නේ ඔටුවන් සියවස් ගණනාවක් පුරාවට අරාබි අර්ධද්වීප ජන ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස පැවති බවයි.

"ඔටුවන් නැතුව මෙම දැවෙන කාන්තාරයේ ජීවත් වෙන්න බැරිවෙයි," ඔහු පවසයි.

මෙම ගුණාංගය නිසා, ඔටුවන් අරාබි ලෝකයේ ආර්ථික, සංස්කෘතික සහ ජීවිතයේ අනෙකුත් අංශවලට අත්‍යවශ්‍ය වී ඇත.

බද්ර් බින් සවුද් පවසන පරිදි "පූර්ව-ඉස්ලාමීය යුගයේ දී, ටර්ෆා ඉබ්න් අල්-අබ්ද් වැනි කවියන් ඔවුන්ගේ කාව්‍යමය නිර්මාණවල ඔටුවන් පිළිබඳ සඳහන් කළා."

ආචාර්ය බදර් බින් සවුද් පවසන පරිදි, "ඔටුවන් මිනිසාගේ ජීවිතයේ ඒ තරම් කාර්යභාරයක් ඉටු කරලා තිබෙන නිසා ඒවා නොසලකා හරින්න බැහැ. ඉස්ලාම් ධර්මයේ නබිතුමා වූ හස්රත් මොහම්මද්තුමාටත් 'කස්වා' නමැති ඔටුවෙක් සිටියේ ඒ නිසා තමයි."

පිටේ ගමන් කිරීම හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඔටුවන්ගේ අවශ්‍යතාවය අඩු වී තිබුණ ද එම සත්වයින් සහ අරාබි නායකයින් අතර පැවැති ආදරය සහ ඓතිහාසික සම්බන්ධතාවය අදටත් නොවෙනස්ව පවතී.

නූතන සෞදි අරාබියේ නිර්මාතෘවරයා වන අබ්දුල් අසීස් රජුට 'අල්-රාමත්' නමැති ඔටුවන් රංචුවක් සහ 'අල්-දුවයිලා' නමින් හැඳින්වුණු විශේෂ ඔටුවෙකු සිටියේ ය.

'ෂා සල්මාන් ඔටුවන්ට බෙහෙවින් ඇලුම් කරන පුද්ගලයෙක්'

साल 2018 में किंग अब्दुल अज़ीज़ के ऊंट शो में 30,000 ऊंट लाए गए थे (फ़ाइल फ़ोटो)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018දී අබ්දුල් අසීස් රජුගේ ඔටුවන් සංදර්ශනයට ඔටුවන් 30,000ක් ගෙන එන ලදී (සංරක්ෂිත ඡායාරූප)

"රජතුමා එක් අවස්ථාවකදී සවුද් බින් මොහොමඩ් කුමරුගෙන් ඔහු සතුව සිටි අලංකාර ඔටුවෙකු වන 'මුන්කියා' මංගල්‍යයක් සඳහා තමන් වෙත එවන ලෙස ඉල්ලා සිටියා. සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ට පවා 'අල්-ෂරෆ්' ලෙසින් හඳුන්වන අලංකාර මෙන්ම හොඳින් හැදී වැඩුණු ඔටුවෙක් ඉන්නවා," බද්ර් බින් සවුද් පවසයි.

සෑම ඔටුවෙකුට ම කිලෝග්‍රෑම් හාරසියයක් දක්වා වූ බරක් උසුලාගෙන යා හැකි බැවින් එම සතුන් 'කාන්තාරයේ නෞකා' ලෙස හඳුන්වයි.

රථවාහන සහ නවීන ප්‍රවාහන ක්‍රම නොමැති වූ කාලයේදී, මක්කමේ කුරෙයිෂ් ප්‍රධානීන්ගේ තවලම් සිරියාවට සහ යේමනයට ගමන් කිරීම සඳහා මෙම ඔටුවන් භාවිත කළහ.

වසර හාරසියයකට පමණ පෙරදී "උකලත්" ලෙස හැඳින්වූ වෙළෙන්දෝ ඉන්දියාව, තුර්කිය, මොරොක්කෝව සහ නයිජීරියාව දක්වා ඔටුවන් වෙළඳාම් කළහ. දශක කිහිපයකට පෙර, තෙල් නිස්සාරණය සහ පිරිපහදු කිරීම සඳහා ද ඔටුවන් ද භාවිතා කර ඇත.

වර්ණය අනුව ඔටුවන් කාණ්ඩ කිහිපයකට වර්ගීකරණය කර ඇත. ඔටුවන් පැහැය අනුව දුඹුරු සිට රතු දක්වා පරාසයක විහිදී පවතී. ඔටුවන් පිළිබඳ විශේෂඥයින් පවසන්නේ ඕමානයේ සහ සුඩානයේ දක්නට ලැබෙන ඔටුවන් එම සතුන් සතුව පවතින දිවීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධ බව සහ සෞදි අරාබියේ වෙරළබඩ කලාපයේ දක්නට ලැබෙන ඔටුවන් කිරි නිෂ්පාදනය සඳහා ප්‍රකට බවයි.

ධනවත් සවුදි අරාබිය අද වන විට ලෝකයේ නවීන හා තාක්ෂණික යුගයට අනුගත වීමට විශාල වශයෙන් ප්‍රාග්ධනය ආයෝජනය කරමින් සිටිය ද, ඒ සමග ම ඔටුවන්ගේ ඓතිහාසික වටිනාකම සහ සංස්කෘතික වර්ණයද එහි කොටසක් බවට පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.

වර්තමානයේ, සවානි නම් සමාගමක් ඔටුවන්ගේ කිරි සහ පිටි කළ කිරි කර්මාන්තය තුළ ආයෝජනය කරමින් සිටින අතර දැනටමත් එහි නිෂ්පාදන රටවල් 25කට අපනයනය කර ඇත. එම සමාගම ඔටුවන්ගේ කිරි භාවිත කර අයිස්ක්‍රීම් ද නිෂ්පාදනය කරයි.

අබීල් සන්නාමය ඔටුවන්ගේ ලොම් සහ සම භාවිතයෙන් සකසන ඇඳුම්, අත් කර්මාන්තය ඔස්සේ නිෂ්පාදනය කරන ලද බෑග් සහ සපත්තු නිර්මාණය කරයි. ඔටුවන්ගේ සම සැලකෙන්නේ කිඹුලන්ගේ සමෙන් පසුව දෙවන ශක්තිමත්ම සහ කල් පවතින සම ලෙසයි.

සෞදි අරාබියේ 'Vision 2030' යටතේ, තෙල් කර්මාන්තයට පසුව ඔටුවන් මත පදනම් වූ කර්මාන්තය රටට වැදගත් ආදායම් මාර්ගයක් බවට පත්වනු ඇත.

ආදායමට අමතරව, ඔටුවන් ඉතිහාසය, ආගමික සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් සමග දැඩිව බැඳී ඇති බැවින්, එය සෞදි ජනතාවට හුදෙක් ලාභයක් පමණක් නොව අභිමානයට ද හේතුවක් වී ඇත.