සර්බියානු දූපතක සිරවී සිටින ගවයින් සහ අශ්වයින් මුදාගැනීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, සර්බියානු දූපතක සිරවී සිටින ගවයින් සහ අශ්වයින් මුදාගැනීමක්
සර්බියානු දූපතක සිරවී සිටින ගවයින් සහ අශ්වයින් මුදාගැනීමක්

ඩැනියුබ් නදියේ සර්බියානු දූපතක දින ගණනක් තිස්සේ සිරවී සිටින පශු සම්පත් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

පසුගිය සතියේ ගංගාවේ ජල මට්ටම ඉහළගොස් නැවත ඉවුරට යන මාර්ගය අවහිරවීමෙන් පසු, බෙල්ග්‍රේඩ් අගනුවරට වයඹ දෙසින් පිහිටි කර්ස්ඩින් දූපතේ ගවයින්, පැටවුන් සහ අශ්වයන් 200ක් පමණ අතරමංව සිටියේ ය.

අඟහරුවාදා (ජන 9) මුදාගැනීමේ ප්‍රයත්නයන් ආරම්භ වූ අතර සතුන් 60ක් පමණ මුදාගැනුණි.

අධික ශීතල තත්ත්වය සහ කුසගින්න ඉහළ යෑම නිසා, මුදාගැනීමේ වේගය දැන් ඉතා වැදගත් වී තිබේ.