ඉන්දියාවේ කිකිළියක් 'නිල් බිත්තරයක්' දැමීමට බලපෑ හේතුව කුමක් ද?

පශු වෛද්‍යවරු කිකිළියෙකු බිත්තරයක් දමන තෙක් බලා සිටීම අමුතු දෙයක් ලෙස පෙනුණද ද, එයට හේතුව නම් මෙම කිකිළිය අසාමාන්‍ය වීම යි. හේතුව මෙම කිකිළිය 'නිල් පැහැති බිත්තරයක්' දමා එහි හිමිකරු පුදුමයට පත් කර තිබීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Syed Noor

    • Author, ඉම්රාන් කුරේෂි
    • Role, බීබීසී හින්දි

මිනිස්සුන් නව බිලිඳෙක් ඉපදෙන තුරු උද්යෝගයෙන් බලා සිටිනවා සේම, කර්ණාටක ගම්මානයක පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් කිකිළියක් බිත්තරයක් දමන තුරු දැන් බලාපොරොත්තු සහගත ව සිටියි.

පශු වෛද්‍යවරු කිකිළියෙකු බිත්තරයක් දමන තෙක් බලා සිටීම අමුතු දෙයක් ලෙස පෙනුණද ද, එයට හේතුව නම් මෙම කිකිළිය අසාමාන්‍ය වීම යි. හේතුව මෙම කිකිළිය 'නිල් පැහැති බිත්තරයක්' දමා එහි හිමිකරු පුදුමයට පත් කර තිබීමයි.

"මම අවුරුදු දෙකකට කලින් පොඩි කිකිළි පැටියෙක් ගත්තා. පහුගිය සෙනසුරාදත් ඌ සුදු බිත්තයක් දැම්මා. පහුගිය කාලේම වගේ සාමාන්‍යයෙන් ඌ හැමදාම සුදු බිත්තර දැම්මා, නමුත් සඳුදා ඌ නිල් බිත්තරයක් දැම්මා," ඉදිකිරීම් සේවකයෙකු වන සයිඩ් නූර් බීබීසීයට පැවසීය.

නිල් බිත්තර දමන කුරුල්ලන් සිටී ද?

"මීනා වගේ නිල් බිත්තර දමන පක්ෂීන් 10ක් 15ක් විතර ඉන්නවා" දවාන්ගරේ දිස්ත්‍රික්කයේ චානගිරි හි පශු වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය අශෝක් කුමාර් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Syed Noor

අසීල් (ආසියානු විශේෂයකි) වර්ගයේ කිකිළියන් සාමාන්‍යයෙන් දින 10ක් එක දිගට බිත්තර දමයි, පසුව දින 15ක් පමණ විවේකයක් ගනියි.

නමුත් නූර් කියා සිටින්නේ ඔහුගේ කිකිළිය පසුගිය වසර දෙක තුළ සෑම දිනක ම බිත්තර දමමින් සිටින බවයි.

නූර්ගේ කිකිළිය නිල් බිත්තරයක් දැමූ පුවත ඉක්මනින් පැතිර ගිය අතර, එය බැලීමට බොහෝ දෙනෙක් දවානගරේ නෙල්ලූර් ගම්මානයේ ඔහුගේ නිවසට පැමිණීමට පටන් ගත්හ.

"මේ ආරංචිය විශ්වාස කරන්න අමාරුයි," කර්ණාටක පශු වෛද්‍ය සත්ව හා ධීවර විශ්වවිද්‍යාලයේ කුකුළු පාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය මොහොමඩ් නදීම් ෆෙරෝස් බීබීසීයට පැවසීය.

"මිනිසුන්ට මේක විශ්වාස කරන්න අමාරු වෙන්න හේතුව තමයි මධ්‍ය ප්‍රදේශ් වනාන්තරවල කළු කිකිළියන් දමන බිත්තර වගේ මේ බිත්තරය සම්පූර්ණයෙන් ම සුදු, දුඹුරු හෝ කළු නොවීමයි." මහාචාර්ය නදීම් ෆෙරෝස් පවසයි.

ඔහු පවසන්නේ කිකිළියන් ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇති බව යි: එනම් අසීල් වැනී ආසියානු අභිජනනය, කොර්නිෂ් ලෙස හඳුන්වන ඉංග්‍රීසි අභිජනනය, සුදු බිත්තර දමන ලැරිස් ලෙස හඳුන්වන මැද පෙරදිග අභිජනන සහ ඇමරිකානු අභිජනනය එම වර්ග හතර යි.

"10 සිට 15 දක්වා මීනා වැනි පක්ෂීන් ප්‍රමාණයක් නිල් බිත්තර දමනවා," දවානගරේ චානගිරි හි පශු වෛද්‍ය විද්‍යා සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය අශෝක් කුමාර් පවසයි.

"නමුත් මේ නිල් බිත්තරය දුර්ලභ හා අද්විතීය අවස්ථාවක්, එය ඉන්දියාවට අසාමාන්‍ය දෙයක්," හෙතෙම කියයි.

 'නිල් බිත්තරයක්' දැමූ බව කියන කිකිළිය සමග සයිඩ් නුර්

ඡායාරූප මූලාශ්‍රය, Syed Noor

ඡායාරූප ශීර්ෂ වැකිය, 'නිල් බිත්තරයක්' දැමූ බව කියන කිකිළිය සමග සයිඩ් නුර්

වෛද්‍යවරු සිදුවීම ගැන වැඩිදුර අධ්‍යයනයක

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මෙම කිකිළියන් අවුරුද්දකට බිත්තර 100 සිට 126 දක්වා දානවා. ඔවුන් දින 10 ක් සෑම දිනක ම එක් බිත්තරයක් දානවා, පසුව දින 15 ක විවේකයක් ගන්නවා. ඊට පස්සේ එයාලා ආයෙත් දින 15 ක් අඛණ්ඩව සෑම දිනක ම බිත්තර දමනවා." වෛද්‍ය අශෝක් පැවසීය.

"අපි දැන් මේ කිකිළිය නිරීක්ෂණය කරනවා, ඒ ගැන දෙපාර්තමේන්තු නිලධාරීන්ට වාර්තාවක් යවනවා," ඔහු පැවසීය.

"කිකිළියකගේ අක්මාව 'බිලිරුඩින්' ලෙස හඳුන්වන පිත වර්ණකයක් නිපදවනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් පිටතට ඇවිල්ලා බිත්තර කටුවට ඇලී තිබුණොත්, ඒ නිසා බිත්තරයේ වර්ණය වෙනස් වෙනස් වෙන්න පුළුවන්."

"මෙය තහවුරු කර ගැනීම සඳහා අපට කිකිළිය කීප වතාවක් පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. මේ කිකිළිය අපි ඉස්සරහ ම බිත්තරයක් දාන එකත් වැදගත් වනවා. එතකොට විතරයි අපට මේක තහවුරු කරන්න පුළුවන්," වෛද්‍ය අශෝක් පවසයි.

"කිකිළිය බිත්තරයක් දැම්ම ගමන් ම , අපි එයාගේ රුධිරය සහ බිත්තර කටුව පරීක්ෂණයකට යවනවා. බිත්තරයේ වර්ණය වෙනස් වී නිල් පැහැයට හැරෙන්නේ ඇයිද කියලා අපට සොයා ගන්න අවශ්‍යයි."

"අපි අදාළ වෛද්‍යවරයාගෙන් ඉල්ලා හිටියා කිකිළිය හොඳින් නිරීක්ෂණය කරන්න කියලයි, මොකද අපට කරන්න පුළුවන් කිකිළිය නිල් බිත්තර දානවද නැද්ද කියලා බලන එක විතරයි," වෛද්‍ය අශෝක් පවසයි.

සයිඩ් නූර්ගේ කිකිළිය නිල් බිත්තර දමන්නේ මන්දැයි තවමත් පැහැදිලි නැත.

මෙම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන තුරු, සයිඩ් නූර් සිය කිකිළියගේ නිල් බිත්තරය ආහාරයට ගෙන හෝ විකුණා නැති අතර ඔහු එය ශීතකරණය තුළ තබා ගෙන සිටියි.