අධික වර්ෂාවෙන් පුද්ගල මරණ 4ක්. දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 10,000කට පීඩා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගංවතුර අවදානම පවතින්නේ කුමන ප්‍රදේශවලට ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මහ ඔය ද්‍රෝණියෙහි අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ යි. ඒ වගේ ම දැදුරු ඔය ද්‍රෝණියෙත්, දැදුරු ඔය ජලාශයේ මේ වන විට තත්පරයට ඝණ අඩි විසි එක් දහස් තුන්සීයකින් ජලය මුදා හැරීම සිදුවෙනවා. ඒත් සමග වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අනතුරු නිකුත් කරනු ලැබුවා," යැයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ, වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා පැවසුවා ය.
එමෙන් ම, රාජංගණය ජලාශයේ ද තත්පරයට ඝණ අඩි 8800ක ශීඝ්‍රතාවකින් ජලය මුදා හැරීම සිදුවන බැවින් කලා ඔයෙහි පහත් බිම්වල වෙසෙන ජනතාවට ද යම් ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
ඉදිරි දින කිහිපයේ ද සැලකිය යුතු වැසි අපේක්ෂා කරන බැවින් කැලණි ගංගා ද්‍රෝණියේ හංවැල්ල සහ ඉන් පහළ ප්‍රදේශවල ගංවතුර නිම්නවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බව වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා සඳහන් කළා ය.
ගංවතුර පවතින අවස්ථාවන්හි ජල ක්‍රීඩා කිරීම, ඔරු පැදීම වැනි අවදානම්සහගත කටයුතුවලින් වැළකී සිටින ලෙස සහ ගංවතුර අවදානම් සහිත ගංගා ද්‍රෝණිවල පහළ මාර්ග භාවිතා කිරීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටියි.
පවුල් 2625ක පුද්ගලයින් 10617 කට බලපෑම්
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක පවුල් 2625කට අයත් පුද්ගලයින් 10617ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජල පහරවලට හසුවීම් හා පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාව 402කි.
ධීවරයින්ට උපදෙස්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.
කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
වැස්ස අඩු වෙන්නේ කවදා ද?
ජන ජීවිතයට බලපෑම් ඇති කර තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව බීබීසි සිංහල සේවය තවදුරටත් කරුණු සොයා බැලී ය.
එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ, මෙරිල් මෙන්ඩිස් බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද බලාපොරොත්තු වන බව ය.
"දැනට තියෙන කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. එහෙම වුණා ම ලංකාවේ නිරිත දිග කොටසේ වැස්ස වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ඉස්සරහ දවස් ටිකෙත් වැස්ස බලාපොරොත්තු වෙන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවත් පද්ධතියේ හැසිරීම අනුව එය වෙනස් වනු ඇති බවත් ඔහු පැවසීය.















