පකිස්ථානයට බලපෑ ගංවතුරෙන් 300කට අධික පිරිසක් මරුට: තවත් 200ක් අතුරුදන්

People struggle to retrieve a car from mud and debris after flash floods in the Buner district of the monsoon-hit northern Pakistani province of Khyber Pakhtunkhwa, on 16 August 2025.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

    • Author, උස්මාන් සහීඩ් සහ ජෝර්ජ් රයිට්
    • Role, බීබීසී පුවත්

දරුණු මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් වයඹදිග පකිස්ථානයේ දිස්ත්‍රික්කයක පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව නිලධාරියෙක් පැවසීය.

පසුගිය දිනවල පකිස්ථානයේ සහ පකිස්ථානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ය.

දරුණුතම බලපෑමට ලක් වූ බුනර් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 209 දෙනෙකු තවමත් එහි අතුරුදහන් වී ඇති නමුත් එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

මළ සිරුරු භාර ගැනීමට පවුලේ සාමාජිකයන් කිසිවෙකුත් ජීවතුන් අතර නොමැති නිසා, හඳුනා නොගත් මළ සිරුරු අටක් ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් භූමදාන කර ඇති ඇතැයි, බුනර් නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක ජෙහාන්ගීර් ඛාන් පැවසීය.

මාර්ග දැඩි ලෙස හානි වී ඇති බැවින් ඇතැම් ඥාතීන්ට ද තම ඥාතීන්ගේ මළ සිරුරු භාර ගැනීම සඳහා පැමිණීමට නොහැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පළාත් ගලවා ගැනීමේ ප්‍රකාශකයෙකු AFP පුවත් ඒජන්සියට පැවසුවේ "සම්පූර්ණ ගම්මාන 10 ක් 12 ක්" අර්ධ වශයෙන් වැළලී ගොස් ඇති බවයි.

පළාත් ආපදා කළමනාකරණ අධිකාරියේ ප්‍රධානී අස්ෆන්ද්‍ර්යාර් කාටක් පැවසුවේ ෂැන්ග්ලා දිස්ත්‍රික්කයේ "දුසින් ගණනක්" පුද්ගලයින් අතුරුදහන් වී ඇති බවයි.

ජුනි සහ සැප්තැම්බර් අතර ඇඳහැලෙන මෝසම් වැසි මගින් දකුණු ආසියාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් හතරෙන් තුනක් පමණ සපයයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහි ප්‍රතිඵලයක් ලෙස නායයෑම් සහ හදිසි ගංවතුර සුලභ වුවද, විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස මගින් මෙම ආන්තික කාලගුණික තත්ත්වයන් වඩාත් තීව්‍ර හා සුලභ තත්ත්වයකට පත් කර ඇති බවයි.

හදිසි ගංවතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් දින කිහිපයකට පසු, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ද ධාරානිපාත වර්ෂාව බලපා තිබේ.

මේ සතියේ පකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ පුද්ගලයින් නව දෙනෙකු මිය ගිය අතර උතුරු ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ තවත් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි බලධාරීහු පැවසූහ.

රජයේ කාලගුණ බලධාරීන් පවසන්නේ වයඹ දිග ප්‍රදේශවලට අගෝස්තු 21 වන දින දක්වා තද වැසි අපේක්ෂා කරන බවත්, ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්ය.

මේ වසරේ මෝසම් සමයේ සිදුවිය හැකි හානි පිළිබඳව පකිස්ථානය ජුනි මාසයේ සිට ගණන් බලා තිබිණි. මේ වසරේ මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 650 දෙනෙකු මිය ගොස් තිබේ.

ජූලි මාසයේදී, පකිස්ථානයේ මිලියන 255 ක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වාසය කරන පන්ජාබ්හි, පෙර වසරට වඩා 73% ක වර්ෂාපතනයක් සහ පසුගිය මෝසම් සමයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

උතුරු පකිස්ථාන කලාපයද වඩාත්ම ග්ලැසියර සහිත ප්‍රදේශවලින් එකකි, නමුත් දේශගුණික විපර්යාස හේතුවෙන් මේවා වේගයෙන් තුනී වෙමින් අයිස් දියවෙමින් පවතී - එනම් පාෂාණ, පස් සහ අනෙකුත් සුන්බුන් අස්ථාවර කළ හැකිය.

මෝසම් වැසි මගින් කඳු මුහුණත් තවදුරටත් අස්ථාවර කළ හැකි අතර, සමහර විට ගංගා අවහිර වීමෙන් නායයෑම් උග්‍ර කරයි.

මෑත කාලීන ගංවතුර සහ නායයෑම්වලට නිශ්චිත හේතුව තවමත් නිශ්චය කර නොමැති අතර, අයිස් දියවීම ඊට දායක වන සාධකයක් බව ග්ලැසියර විද්‍යාඥයින් පවසති.