පකිස්තානයේ ගංවතුරේ මසුන් අල්ලන අලුත්ම ක්‍රමය

වීඩියෝ ශීර්ෂ වැකිය, පකිස්තානයේ ගංවතුරේ මසුන් අල්ලන අලුත්ම ක්‍රමය

පකිස්තානයේ ගම්මානයක ජනතාව ගංවතුර අතරතුර ආහාර ලබා ගැනීම සඳහා නව විසඳුමක් අනුගමනය කර ඇත - ඔවුහු යෝධ ඉවුම් පිහුම් බඳුනක මසුන් ඇල්ලීමට යති.

එම යෝධ බඳුන සාමාන්‍යයෙන් රට ඉඳි වියලීමට යොදා ගනී. නමුත් දැන්, අදෝ භාර් ජටෝයි හි පදිංචිකරුවෝ මසුන් ඇල්ලීමට එහි යාත්‍රා කරති.

මේ බීබීසී උර්දු සේවයේ වීඩියෝ මාධ්‍යවේදී රබාබ් බටුල් ගේ වාර්තාවකි.