අතුරුදහන්වූවෝ: "අපේ හිත හැදෙන්නවත් කවුරුවත් කිසිම දෙයක් කියන්නේ නෑ"

උපවාසය

සිය ඥාතීන් සොයා දෙන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපස දියත් කර තිබෙන උපවාසයට සිකුරාදා (ජුලි 13) දින 505ක් පිරේ.

සිය ඥාතීන් පිළිබඳ තොරතුරු සොයා කොළඹ අගමැති කාර්යාලය වෙත පවා ගිය නමුත් අගමැති, ජනපති ඇතුළු කිසිවෙකුගෙන් මෙතකේ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බව උපවාසයේ නිරතව සිටින පියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

සිය ඥාතීන් සොයා දෙන බවට ආණ්ඩුව කිහිප වතාවකම ප්‍රතිඥා දී තිබෙන බව ද අතුරුදහන්වූවන්ගේ ඥාතීහු සිහිපත් කළහ.

ආණ්ඩුව ඒ ගැන වහාම නිසි පිළිතුරක් ලබාදිය යුතු බව අවධාරණය කරන ඔවුහු, සිය ඥාතීන්ගේ ඉරණම ගැන තැකීමක් නොකරන බවට උතුරු පළාත් සභා බලධාරීන්ට ද චෝදනා කරති.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

"රෑ, දවල්, සැර අවුවේ, වහිනකොට තෙමි තෙමි හරියට කෑමක් නැතුව, තේ එකක් පවා නැතුව අපි මෙතන වාඩිවෙලා ඉන්නවා. අපේ හිත හැදෙන්න හරි කවුරුවත් කිසිම දෙයක් කිවුවේ නෑ," එක් පියෙක් කියා සිටියේය.

උපවාසයට දින 500ක් සම්පූර්ණ වූ අවස්ථාවේ යාපනය නල්ලූර් කෝවිලේ පොල් ගසා සිය දරුවන් සොයා දෙන මෙන් දේව කන්න්ලවුවක් ද කළ බවත් ඔවුහු පවසති.

තමන් ශ්‍රී ලංකා රජයට විරුද්ධ නොවන බව අවධාරණය කරන උපවාසකරුවෝ, කෙසේවුවත් රජය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත හෝ සිය ගැටලුවට විසඳුමක් දිය යුතු බවත් පවසති.

ඔවුන් නගන චෝදනා පිළිබඳ ප්‍රතිචාරය පළකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ සිය ඥාතීන් සිටින ස්ථානයක් පිළිබඳ තොරතුරු දන්නේ නම් තමන්ට ලබා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවය.

උපවාසය

ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි, අසූව දශකයේ අගභාගයේ සිට 60,000 සිට ලක්ෂය දක්වා ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතුරුදහන්ව සිටිති.

බලහත්කාර අතුරුදහන් කරවීම "ලෝකයේ දරුණුම අපරාධය" බව මීට ඉහතදී ඒ පිළිබඳ අදහස් දක්වමින් සංහිඳියාව සඳහා කාර්ය සාධක බලකායේ සභාපතිනිය අධිනීතිඥ මනෝරි මුත්තෙටුවේගම බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

තවත් කියවන්න: