ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අගමැති මෝදි පැමිණෙයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (මැයි 11) සවස ශ්‍රී ලංකාවට පැමිණියේය.
කටුනායක ගුවන් තොටුපොළේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවයේ ප්‍රධානා ආරාධිතයා ලෙස සහභාගීවන අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව යාමට පෙර හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේදී වතුකරයේ ජනතාව සහභාගී වන රැස්වීමක් ඇමතීමට ද නියමිතය.
මෙය, නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති ධුරයට පත් වූ පසු යෙදෙන දෙවෙනි ශ්‍රී ලංකා සංචාරය වේ.
නෝර්වුඩ් හි පැවැත්වෙන මහජන රැස්වීමට පෙර ඉන්දීය රජයේ ආධාර මත එම ප්‍රදේශයේ ඉදි කරන ලද රෝහලක් විවෘත කිරීමට ද ඉන්දීය අගමැතිවරයා සහභාගී වනු ඇත.
ඉන්දීය අගමැතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරයේ දී කිසිදු ගිවිසුමකට හෝ ලිඛිත එකඟතාවකට අත්සන් නොතබනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (මැයි 10) නිවේදනය කළේය.
ඉන්දීය අගමැතිවරයාගේ ආරක්ෂාව පිණිස ශ්‍රී ලංකා පොලිසියේ 6,000 ක බළඇණියක් යොදවා තිබෙන අතර ඔහු ගමන් ගන්නා වේලාවන්හිදී මාර්ග හා අතුරු මාර්ග වසාදැමීමට පොලිසිය කටයුතු යොදා තිබේ.