ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැබිනට් ප්‍රකාශක තනතුර: රාජිතගෙන් පිළිතුරු
තමන් ක්‍රියාත්මක කරන්නේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති බව අවධාරණය කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා, සම කැබිනට් ප්‍රකාශක තනතුරෙන් තමා ඉවත් කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය නොවන බවද සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව කියා සිටියේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇට මිදුලු බද්ධ කිරීමේ රෝහලකට මුල් ගල් තැබීම පිණිස මහනුවර මහ රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමිනි.
මැයි දිනය සැමරීමේ රැලියේදී සහ මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසකගේ විවේචනයට ලක් වී තිබේ.
සබැඳි යොමු:
විශේෂයෙන්ම සම කැබිනට් ප්‍රකාශකවරයා විසින් කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න දැඩි විවේචනයට ලක්කිරීම ඉන් අනතුරුව පැවති කැබිනට් රැස්වීමකදීද සාකච්ඡාවට ලක් වී තිබුණි.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට යළිත් වරක් හමුදාපති පදවිය භාරගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළ බවට සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශය මතභේදයට ලක් වූ තවත් මාතෘකාවකි.
එබැවින් ඔහු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වෙනත් කැබිනට් ප්‍රකාශකයකු පත්කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමති මහින්ද අමරවීරගේ නිවසේ පැවැත්වුන සාකච්ඡාවකදී ඇමතිවරුන් පිරිසඑම තීන්දුව ගත් බවද මාතය ජෝන් සෙනෙවිරත්න පැවසීය.
මහනුවරදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එයට ප්‍රතිචාරය පළ කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා: "මම ක්‍රියාත්මක කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්තියි. රාජපක්ෂ පරපුරේ වැඩපිළිවෙල නොවෙයි. කැබිනට් ප්‍රකාශක කමින් ඉවත් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මතය නොවෙයි," යනුවෙන් පැවසීය.
යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙල නොතේරෙන පුද්ගලයන් වත්මන් ආණ්ඩුව තුළත් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.