'සිකා වෛරසයෙන් ලෝක සෞඛ්‍ය අවදානමක්' WHO

සිකා වෛරසයේ බලපෑම නිසා රියෝ නුවර පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙල අවලංගු වීමේ කිසිම අවදානමක් නැති බව බ්‍රසීලය පවසයි.

කෙසේ වෙතත් සිකා වයිරසය පැතිරීමේ අවදානම ඇස්තමේන්තු කිරීමේ පරීක්ෂණයක් සිදු කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty

බ්‍රසීලයේ ජනාධිපතිනි ඩිල්මා රුසේෆ් ගේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ මලල ක්‍රීඩකයන්ට සහ තරංග නරඹන්නන්ට මින් අනතුරක් නොමැති නමුත් ගැබිණි මව් වරුන් සහභාගී නොවිය යුතු බවයි.

මෙම වයිරසය මගින් දරු උපත් වලට බලපෑමක් ඇති කරන බවත් පර්යේෂකයන් විසින් ඒ සඳහා ප්‍රතිකාර සහ එන්නත් හැකි ඉක්මනින් සොයා ගත යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ බ්‍රසීල රජයේ ප්‍රසාදයට ලක්ව ඇති අතර ඔවුන් කියා සිටින්නේ රෝගය වැලක් වීමට ගන්නා පියවර මගින් වයිරසය වැලඳෙන සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි බවට තමන් විශවාස කරන බවයි.