චීනයේ කෝටිපති ව්‍යාපාරිකයා 'අතුරුදහන්'

ආයෝජන ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වන ගුවෝ ගුවන්චැන් ඇතැමුන් හඳුන්වන්නේ චීනයේ වොරන් බෆට් යනුවෙන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ආයෝජන ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වන ගුවෝ ගුවන්චැන් ඇතැමුන් හඳුන්වන්නේ චීනයේ වොරන් බෆට් යනුවෙන්

චීනයේ ධනවත්ම පුද්ගලයකු අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.

කෝටිපති ව්‍යාපාරික ගුවෝ ගුවන්චැන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට දූෂමාන ආරංචි පැතිර යමින් පවතී.

ආයෝජන ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වන ඔහු චීනයේ වොරන් බෆට් යනුවෙන් බොහෝ දෙනා හඳුන්වති.

බ්‍රහස්පතින්දා සවස් යාමයේ සිට ඔහු ඇමතීමට ගුවෝ ගුවන්චැන්ගේ Fosun International සමාගමේ කාර්ය මණ්ඩලය දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බවයි මූල්‍ය කටයුතු සම්බන්ධ චීන සඟරාවක් වාර්තාකරන්නේ.

බ්‍රහස්පතින්දා සවස් යාමයේ සිට ඔහු ඇමතීමට ගුවෝ ගුවන්චැන්ගේ Fosun International සමාගමේ කාර්ය මණ්ඩලය දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව පැවසේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පතින්දා සවස් යාමයේ සිට ඔහු ඇමතීමට ගුවෝ ගුවන්චැන්ගේ Fosun International සමාගමේ කාර්ය මණ්ඩලය දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව පැවසේ

සමාජ මාධ්‍ය ජාලවල පලවන තොරතුරු උපුටා දක්වන Caixin සඟරාව වැඩිදුරටත් පවසන්නේ ඔහු ෂැංහායි ප්‍රදේශයේ පොලිසිය සමඟ සිටිනු ඇතැමුන් දැක ඇති බවයි.

ඉන් අනතුරුව සිය සමාගමේ කොටස් වෙළඳාම තාවකාලිකව නවත්වන මෙන් Fosun International සමාගම හොංකොං කොටස් වෙළඳපොළට දැනුම් දුන්නේය.වැඩි විස්තර පසුව දැනුම්දෙන බවයි සමාගම සඳහන් කළේ.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණු නඩු විභාගයකට ගුවෝ ගුවන්චැන් ගේ නමද සම්බන්ධ වී තිබිණ.